ලෝක ආගමික දිනය

ලෝක ආගමික දිනය, 1950 දී ලෝකයේ විවිධ ආගම්, සංස්කෘතික විශ්වාස සහ ආගමික ආචාරයන් අතර එකමුතුභාවය, අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මාසයේ තුන්වන ඉරිදා ලොව පුරා සමරනු ලබන අතර මෙම වසරේදී ජනවාරි 18 වන දිනට යෙදී තිබේ.

මෙය එක්සත් ජනපදයේ බහායිවරුන්ගේ ජාතික අධ්‍යාත්මික සභාව විසින් ආරම්භ කරන ලද සැමරීමකි.

ලෝකයේ සියලු ආගම් පොදු මනුෂ්‍ය වර්ගයාගේ සුභසිද්ධිය, සාමය සහ නීත්‍යානුකූල ජීවිතයක් සඳහා දායක වන බව ජනතාවට අවබෝධ කරයි.

බුද්ධාගම, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් සහ අනෙකුත් ආගම් සියල්ලම මනුෂ්‍යයාට කරුණාව, සත්‍යය, සාමය, සහජීවනය සහ සදාචාරය ඉගැන්වීමට උත්සාහ කරයි.

ආගම් අතර පරස්පරතා පැවතිය ද ඒවායේ මූලික සාරය මනුෂ්‍යයා හොඳ ගතිගුණයන්ගෙන් යුත්, අන් අයට ආදරය කරන සහ සාමයෙන් ජීවත්වන පුද්ගලයෙකු බවට පත් කිරීමයි.

අද ලෝකයේ ඇතැම් ආගම් අතර අසමගිය, අවිශ්වාස සහ ගැටුම් ඇතිවන අවස්ථා දක්නට ලැබේ. එවන් පසුබිමක ලෝක ආගම් දිනය මනුෂ්‍යයන්ට එකිනෙකාගේ ආගමික විශ්වාසයන්ට ගරු කරමින්, අවබෝධයෙන් සහ සාමයෙන් එකට ජීවත් විය හැකි බව සිහිපත් කරන වැදගත් දිනයක් වේ.

අප රටේද විවිධ ආගම්වලට අයත් ජනතාව එකට ජීවත් වෙති. එබැවින් ලෝක ආගම් දිනය අපට සිහිකරවන්නේ ආගමික විවිධත්වය බෙදීමකට නොව, එකමුතුභාවයට හේතු විය යුතු බවයි. එකිනෙකාගේ විශ්වාසයන් ගරු කරමින්, කරුණාවෙන් සහ සමානතාවයෙන් ජීවත්වීම සැබෑ ආගමික අගය ලෙස අප තේරුම් ගත යුතුය.

ඒ අනුව, ලෝක ආගම් දිනය මනුෂ්‍ය වර්ගයාට සාමය, සමගිය සහ එකමුතුභාවය ගොඩනඟා ගන්නා ලෙස ආරාධනා කරන, ඉතා අර්ථවත් හා වටිනා දිනයක් ලෙස සැමරිය යුතුය.

 

Written By: –

 

 

 

 

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top