ලෝකයේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව ඔබ දන්නවාද?. ශ්‍රී ලංකාවේ පවා වියළි ප්‍රදේශවල බොහෝ දෙනෙක් වකුගඩු රෝගවලින් පීඩා විඳිනවා. මේ නිසා ජනතාව අතර වකුගඩු රෝගය පිලිබදව දැනුවත්භාවය වැඩි කිරීම ඉතාම වැදගත්.
ලෝක වකුගඩු දිනය වාර්ෂිකව මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා සමරනු ලැබේ. ඒ අනුව 2026 වර්ශය වෙනුවෙන් මාර්තු මස 12 වෙනිදා ලෝක වකුගඩු දිනය සමරනු ලබනවා. මෙවර වකුගඩු දින තේමාව වන්නේ, “සැමට වකුගඩු සෞඛ්‍යය – මිනිසුන් රැකබලා ගැනීම සහ පෘථිවිය ආරක්ෂා කිරීම”. ජනතාව අතර වකුගඩුවල වැදගත්කම පිලිබදව දැනුවත්භාවය වැඩි කිරීම සදහා මෙම දිනයේදී ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වකුගඩු රෝග වැළැක්වීම, කලින් හඳුනාගැනීම සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි.
ඇයි මේ වකුගඩු අපිට මෙච්චර වැදගත් වෙන්නේ? අපේ හදවත, මොලය වගේම වැදගත් අවයවයක් තමයි වකුගඩු කියන්නෙ. වකුගඩු වල ප්‍රධාන කාර්යය වන්නේ රුධිරයෙන් විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත ජලය ඉවත් කිරීමයි. වකුගඩු රුධිර පීඩනය පාලනය කිරීමට, රතු රුධිර සෛල නිපදවීමට සහ අස්ථි නිරෝගීව තබා ගැනීමට ද උපකාරී වේ.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික බර, සෞඛ්‍යයට අහිතකර ආහාර රටාව සහ ව්‍යායාම අඩු වීම වැනි දෑ වකුගඩු රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු අතරින් කිහිපයක්. එමනිසා සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් පවත්වා ගැනීම වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වේ.
එහෙනම්, මේ තත්වයෙන් මිදෙන්න කල යුතු දේවල් මොනවද? ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ලවණ පරිභෝජනය සීමා කිරීම, නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම සහ අනවශ්‍ය ඖෂධ භාවිතය අවම කිරීම ඒ අතරින් කිහිපයකි.
විශේෂයෙන්ම තරුණ පරපුර ලෙස අපට සමාජය තුළ සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් ප්‍රවර්ධනය කිරීමට විශාල භූමිකාවක් ඇත. දැනුවත් කිරීමේ වැඩසටහන්, සමාජ මාධ්‍ය හරහා සෞඛ්‍ය පිලිබදව පණිවිඩ ප්‍රචාරය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් අනුගමනය කිරීම මඟින් සමාජය තුල මේ පිලිබදව දැනුම්වත්භාවය වැඩි කිරීමට කටයුතු කිරීම අපගේ වගකීමකි.

Written By: –

Rtr. Oshadi Ekanayake
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

