ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය

 

ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය  යනු 2003 වසරේ සිට ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සමඟ සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා ලොවම දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග සැපයීම සඳහා කටයුතු කරනු ලබන දිනයකි. සෑම වසරකම සැප්තැම්බර් 10 වන දිනට මෙය යෙදී තිබෙන අතර සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර සංගමය (IASP) ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය (WFMH) යන සංවිධාන එක්ව ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සැමරීම සඳහා සහයෝගය දක්වයි. 2011 වසරේ ඇස්තමේන්තුගත රටවල් 40ක් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත. 2014 දී නිකුත් කරන ලද WHO හි මානසික සෞඛ්‍ය වාර්තාව, ලෝකයේ බොහෝ රටවල් සියදිවි නසාගැනීම වැලැක්වීම සඳහා සැලකිය යුතු මට්ටමේ ක්‍රියාමාර්ග ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දී ඇත.2003 දී පලමු සැමරුමේදී, එවක WHO හි ගෝලීය සියදිවි නසාගැනීම වැලැක්වීමේ මුලපිරීම ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රධාම උපායමාර්ග දෙකක් සඳහන් කර ඇත. ඒවා නම්,

  1. සියදිවී නසාගැනීමේ තත්වයන් සහ ඒවා නියමාකාරයෙන් වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීම සඳහා ගෝලීය, කලාපීය සහ ජාතික ක්‍රියාකාරකම් සංවිධානය කිරීම”.
  2. සියදිවි නසාගැනීම වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ සැලසුම් සංවර්ධනය කිරීම සහ ඇගයීම සඳහා රටවල් සතු හැකියාවන් ශක්තිමත් කිරීම” වේ.

ඇස්තමේන්තු කර ඇති පරිදි වසරකට මිනිසුන් මිලියනයක් සියදිවි නසාගැනීමෙන් හෝ 10,000 කින් එක් පුද්ගලයෙකු පමණ (සියලු මරණ වලින් 1.4%) හෝ “සෑම තත්පර 40 කට වරක් හෝ සෑම දිනකම 3,000 ක් පමණ මරණ” සිදු කරයි. ඉදිරියේදී  සියදිවි නසාගැනීමෙන් වසරකට මිය යන ප්‍රතිශතය වැඩි වන බව සංඛ්‍යාත්මක දත්ත පෙන්වා දී ඇත.අනෙක් අතට, සියදිවි නසාගැනීම සඳහා උත්සාහ කරන්නන් ගත් කල පිරිමින්ට වඩා 2-3 ගුණයකින් වැඩි ප්‍රමාණයක් ගැහැනුන් සියදිවි නසාගැනීමට උත්සාහ කරන බව අන්තර්ජාලයේ සඳහන් වේ.  මිනීමැරුම් සහ යුද්ධයට වඩා සියදිවි නසාගැනීම් වලින් වැඩි පිරිසක් මිය යයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම තත්පර තුනකටම  සියදිවි නසාගැනීම් වලට ගොදුරු වන පුද්ගලයන් 20 දෙනෙකු සිටී. වයස අවුරුදු 15-24 අතර පුද්ගලයින් මියයාමට පොදුවේ බලපාන හේතුව  සියදිවි නසාගැනීම ලෙස WHO වාර්තා කර ඇත

සෑම සියදිවි නසාගැනීමක් සඳහාම දුරදිග යන සමාජ, චිත්තවේගීය සහ ආර්ථික ප්‍රතිවිපාක ඇති අතර, ලොව පුරා පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට මේවා ගැඹුරින් බලපායි. 2024-2026 සඳහා ලෝක සියදිවි නසාගැනීම් වැලැක්වීමේ දිනය තේමාව වන්නේ “සියදිවි නසාගැනීම් පිළිබඳ දිශාව වෙනස් කිරීම” ට “සංවාදය අරඹන්න” යන විසඳුම ක්‍රියාවට නැංවීමයි.

එනම් මෙයින් කියවෙන්නේ බොහෝමයක් සියදිවි නසාගැනීම් ගැඹුරු, අර්ථාන්විත, පීඩිත පුද්ගලයා වටහා ගන්නා සංවාද මගින් වළක්වා ගත හැකි බවයි. නවීන ලෝකයේ වර්ධන‍යත් සමග මානසික තත්වය යහපත් තත්ත්වයේ තබා ගැනීමට උපදේශන සැපයීමේ සේවා සඳහා පවතින ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. එනම් මෙහි ගැඹුරු අරුත වශයෙන් සවන්දීම සියදිවි නසාගැනීම් වැලැක්වීමේ පලමු පියවර ලෙස හඳුන්වා දිය හැකිය. හැකි සෑම අවස්ථාවකම තවත් පුද්ගලයෙකුට ඇහුම්කන්දීමට හා ඔහුට යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වීමට සහය දැක්වීම මගින් ඔබටත් සියදිවි නසාගැනීම් වැළැක්වීමට දායක විය හැකිය.

Written By: –

 

 

 

 

Rtr. Rusiru Dhananjaya
(Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Pamodi Hewawasam
(Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments