ලිංගිකත්වය යන මාතෘකාව කල්පනාවෙන් හැදෑරුවහොත් එය මිනිසාගේ අවශ්‍යතාවයක් බව හැඟවෙන ප්රකාශනයකි. දෘශ්‍යමාන ලෝකය තුළ ලිංගිකත්වය ඉතා ප්‍රසිද්ධ වූත් ඉතා සාමාන්‍ය වූත් කාරණාවක් වුවත් දකුණු ආසියාව තුළ නම් එය තනිකර වෙනස් ය.මූලාරම්භයේ සිටම ඉන්දියානු සංස්කෘතික ආභාෂය ලැබ තිබූ ලංකාවටත් එය එසේමය. ඉන්දියානු වැසියන් ශිව ලිංගයට වන්දනාමාන කරත් ඉන්දියානු පාසල් පෙළ පොත් වල පවා ලිංගිකත්වය යන යථාර්ථවාදී සිතුවිලි දාමය සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි.එය සමහර ගුරුවරු උගැන්වීමත් පැහැර හරියි. ලංකාවටත් එය වෙනසක් නැත.පහුගිය සති දෙකක කාලය තුළ අප රටෙන් මතු වූ ස්ත්‍රී දූෂණ සහ ඒ හා සමාන පුවත් මෙහි අතුරු ප්‍රතිඵල වලට ඉතාමත් සුදුසු නිදසුන් වේ.
ලිංගික අධ්‍යාපනය නිසි ලෙස ලබා නොදුන් කළ අපම අසන්නට ලැබෙන්නේ ස්ත්‍රී දූෂණ,අපයෝජන සහ තවත් එවැනිම නීරස වූ පුවත් පමණක්මය. ඇමෙරිකාව ප්රමුඛ යුරෝපා රටවල් වල ආඛ්‍යානය විසින් ලිංගිකත්වය යනු හුදු එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවක් බව හැඳිනගනියි.මා පවසන්නේ එය අපටත් එසේ විය යුතුය යන්න නොවෙයි.නමුත් ලිංගික අධ්‍යාපනය ඉතා ප්රශස්ත වශයෙන් කුඩා පාසල් පෙළපොතේ පටන් ලබාදීම දැන් දැන් අවශ්‍ය බව ඔබට වැටහිය යුතුය. ලිංගික අධ්‍යාපනය අපට අල්ප වශයෙන් හෝ සම්මුඛ වන්නේ පාසල් පෙළ පොතෙන් පමණක් වන අතර වෙන කිසිම මාධ්‍යයක් තුළින් එය අපේ දසුනටවත් සවනටවත් හුරුවීම වන්නේ නැති තරම් ය. එවැනි යාන්ත්‍රණයක් තුළ ව්‍යුහාත්මක වෙනසක් සිදු කිරීම ඉතා දුෂ්කරය.
ඔබ දන්නවා වුවත් නොදන්නවා වුවත් මෙහි තිබෙන සත්‍යම තත්වය නම් සෑම මිනිසෙක් හා ගැහැණියක් තුළම අමු වනචාරී සතෙක් ජීවත් වීමයි. එය වදාලේ අන් කවරෙක්වත් නොව අති උතුම් බුදු රජාණන් වහන්සේ විසිනි. මෙය කියවන ඔබ තුලත් ඒ සතා සිටියි. සදාචාරය නම් තාප්පයෙන් වට කරගෙන එම සතාව හිරකරගෙන සිටියි.එම සතාට නිදහසක් හමුවුන වෙලාව තුළ ආතතිය අඩුවෙයි.
අප කා අතරේත් බාහිර පරිසරයට පෙන්වනවට වඩා ඉතා වෙනස්ම ප්‍රතිරූපයක් ජීවත් වන බවත් එම නොහික්මුණු ප්‍රතිරූපය ඉටු කර නොගත් සිතුවිලි ඉටු කරවා ගැනීමට මාන බලමින් සිටියි. ඉතාමත් රුවැති ගැහැණු ළමයෙක් හෝ කඩවසම් පිරිමි ළමයෙකු දුටු විට අපට ඉබේටම ඒ දෙස නෙත් යොමු වන්නේ එම ශෘංගාර රසය පිරුණු ආත්මය ක්‍රියාත්මක වූ විටය. මෙයින් ඔබ නරක පුද්ගලයෙකු බව හුවා නොදැක්වෙයි. එය අප කාටත් පොදු වූ කාරණාවකි. සමාජය අශිෂ්ට යැයි පවසන බොහෝ දෑ රහසින් හෝ ඔබ අපි කරන්නට පෙළඹෙන්නේ එකී සමාජය ඉදිරියේ අප සදාචාරාත්මක විය යුතු නිසාවෙනි. ස්ත්‍රී පුරුශ භේදයකින් තොරව ලිංගිකත්වය යන මාතෘකාව තුළද එය සැමටම අදාළ වූවකි. අශිෂ්ට යැයි පවසන දෙයක් සමාජය ඉදිරියේ එලිපිට සිදුකිරීමට අප මැලි කමක් දක්වන්නේ සමාජ සම්මුතියට බියෙනි. ටැටූ එකක් ගැසුව පමණින් රස්තියාදුකාරයා, ගණිකාව මැයින් හංවඩු ගසන සමාජයක් තුළ මෙවැන්නක් බලාපොරොත්තු වීමද අරුමයක් නොවෙයි. කාන්තාවක් නම් ඇය සමාජය තුළ වසලා හමාරය. මත්පැනක් තොලගෑමට කාන්තාව සමාජය ඉදිරියේ මැලි වුවද අපටම නිදහස් වූ සුවබර පරිසරයක් තුළ එය සිදු කිරීමට කාන්තා, පිරිමි දෙපාර්ශවයම මැලි වන්නේ නැත. යම් කිසි අවස්ථාවක “කුනුහරප කියන්න එපා…..” යැයි ඔබ ඔබේ පිරිසිදු සිතුවිලි පිළිබඳ පාරම්බෑවද, ඔබේම comfort zone එක තුළ කුනුහරප තවදුරටත් පුදුම සහගත නොවන්නේ ඔබේ සැඟවුණු නොහික්මුණ ආත්මය නිසාවෙනි.

සමාජය තුළ ජීවත් වීමේදී එම රාමුවට අනුව කේන්ද්‍රගත වී කටයුතු බව පරිපූර්ණ සත්‍යයකි. නීති රීති රෙගුලාසි පිළිපැදිය යුතුය. මෙය යුරෝපා සංස්කෘතිය නොවෙයි. එම නිසා යුරෝපා සංස්කෘතිය අප රට තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන දෙයකි. නමුත් අප සමබර ජීවිතයකට හුරු විය යුතු වේ. ඒ වගේම අප තුළ සිටින අර නොහික්මුණු ආත්මයටද ඉඳහිට විහිදී ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතුය. එවිට ඔබ තුළ තිබෙන ආතතිය දුරු වී මනස සැහැල්ලු වන ඉතා සුවබර අර්ථකථනයකට ඔබට පියමන් කළ හැක. ඒ සමාජයට හිරිහැරයක් වීමට නොව තමාගේම ආත්ම තෘප්තිය ඉහළ නංවා ගැනීම උදෙසායි.
තමන්ට ගැළපෙන සහකාරියෙක් සහ සහකාරියක් කියන්නෙම මෙම ආතතියට කදිම ගැලපීමකි.එය එසේ නොවන විට අනියම් සබඳතා සොයා යෑමට මිනිසා වෑයම් දරයි. ඕනම දෙයකට ඔට්ටු වෙන යාලුවෝ සෙට් එකක් කියන්නෙම බෝරිං නැතුව චැට් එකක් දාගෙන යන්න පුලුවන් අපේම විභවයක් තුළ සිටින කොට්ඨාසයකි. ඔබට එසේ මිතුරන් සෙට් එකක් සිටිනවා නම් මොන දේ කිව්වත්, කළත්, වැරැද්දක් වෙන්නේ නෑ කියන ශක්තිමත් විශ්වාසය එතන තිබෙන බව ඔබට තේරුම්ගැනීම අපහසු නොවනු ඇත. මා මේ කීවේ ඔබේ ආතතිය දුරු කිරීමට සිදු කළ හැකි එක් දෙයක් පමණි. තව බොහෝ දේ ලිංගික අධ්‍යාපනය ලබා දීමටත්, ආතතිය දුරුකිරීමටත් සිදු කළ හැක.
ඉතින් මිත්‍රවරුණි, මන් කියන්න උත්සාහ කළේ ලිංගික අධ්‍යාපනය යනු අපේ යල්පැන ගිය අධ්‍යාපන සංස්කෘතිය තුළ වෙනස් විය යුතු අධ්‍යාපනයකි. දැන් නම් එය විය යුතුමය. එය ඉතා අපහසු කටයුත්තකි. සමහර විටෙක එය ක්‍රියාත්මක කිරීමටත් බැරි වන තත්වයක් ඇති විය හැකිය. නමුත්, අප ළමයින්ට හා මිනිසුන්ට හරි හැටි ප්රශස්ත ලෙස මේ දෙය ලබා නොදුනහොත් එයින් අනාගතයට ශේෂ වන්නේ පැය 24ම දවස් 360 ම බෞද්ධ රටක් යැයි පම්පෝරි ගසා අනෙක් පැත්තෙන් ස්ත්‍රී දූෂණ වැනි අසහනකාරී මෙන්ම අර්ථයෙන් විපරිත වූ අවිඥාණික ක්‍රියා සිදුවන දිශානතියකට අප තල්ලු වීමයි.
Written By: –

Rtr. Kavindu Jayawardhana
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

