සතුටක ඉරණම

 

උරුම නොවන සතුටක

අයිතිය වෙනතකට පවරන

ඔබත් මමත් දන්නවා

සතුට අප ළඟ තිබිය යුතු බව

පැවසුවත් එසේ අප යටි සිත

උඩු සිත සොයනවා සතුට වෙනතක

සිතේ සැබෑ හදගැස්මට

සංවේදී වුණදාට දවසක

කොහේ හෝ කාගේ හෝ ළඟ

උකස් කළ ඒ සතුට

දිනක සින්න වී යන බව දැන

ගන්නට හැකිනම් යළිත් අප වෙත

සතුට ළඟ රැඳුණු සැනසුමක

අවසන නිවීම හමුවන

ඒ උතුම් සොඳුරු මාවත දිගේ

හමුවනවාමයි දිනක ඔබ හට

ජය ගත හැකිය ඔබවම

පිය මැන යන්නට හැකිය ඔබ හට

Written By: –

 

 

 

 

 pasandi Inupama
General Sir John Kotelawala Defence University

Design By: –

 

 

 

 

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top