2026 පෘථිවි දිනය : අපගේ බලය, අපගේ පෘථිවිය

සෑම වසරකම අප්‍රේල් 22 වන දින ලොව පුරා “පෘථිවි දිනය” ලෙස සමරනු ලබයි. මෙම දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ පරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබඳව ජනතාවට අවබෝධය ලබාදීම සහ ස්වභාවික සම්පත් රැකගැනීම සඳහා ක්‍රියා කිරීමට උනන්දු කිරීමයි.මෙම වසරේ පෘථිවි දින තේමාව වන්නේ “අපගේ බලය, අපගේ පෘථිවිය”යන්නයි. මෙය මනුෂ්‍යයන් ලෙස අපට ඇති බලය අපගේ තීරණ, පුරුදු, සහ ප්‍රතිපත්ති පෘථිවියේ අනාගතය තීරණය කරන බව මතක් කර දෙයි. මෙම තේමාව මගින් පසුගිය වසරේ තේමාව වූ පිරිසිදු, තිරසාර අනාගතයක් සඳහා සාමූහික ක්‍රියාමාර්ග බලමුලු ගැන්වීම කෙරෙහි  අවධානය අඛණ්ඩව පවත්වාගෙන යමින් මෙම වසරේදී පුනර්ජනනීය බලශක්තිය දෙසට මාරුවීම, වගවීම ඉල්ලා සිටීම සහ අඛණ්ඩ පාරිසරික අභියෝග මධ්‍යයේ පාරිසරික ආරක්ෂණ ක්‍රම ආරක්ෂා කිරීම සඳහා බිම් මට්ටමේ බලය භාවිතා කිරීම අවධාරණය කෙරේ.

අද වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවිය දැඩි ලෙස හානියට පත්වෙමින් පවතී. වනාන්තර විනාශය, වායු දූෂණය, ජල දූෂණය, සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි ගැටලු ඉතාමත් බරපතල තත්ත්වයට පත්ව ඇත.මෙවැනි ගැටලු නිසා සත්ව ජීවිත, ශාක ජීවිත මෙන්ම මිනිස් ජීවිතද  අවදානමට ලක් වෙමින් පවතී. ශ්‍රී ලංකාව වැනි දූපත් රටවල් සඳහා මෙය විශේෂ අවදානමක් වන අතර, වර්ෂා රටා වෙනස්වීම, ගොවිතැන් කටයුතු අඩාල වීම, සහ ජල සම්පත් හිඟ වීම වැනි ගැටලු තවදුරටත් උග්‍ර වේ.පෘථිවි දිනය අපට මතක් කර දෙනුයේ අප ජීවත්වන පරිසරය රැක ගැනීම අපගේ වගකීමක් බවයි. අපගේ දෛනික ජීවිතයේදී සුළු වෙනස්කම් සිදු කිරීමෙන් පවා පරිසරය රැක ගැනීමේ විශාල පියවරක් විය හැකිය.පොලිතීන් භාවිතය අඩු කිරීම, ගස් වගා කිරීම, ජලය හා විදුලිය ඉතිරිව භාවිත කිරීම, සහ කසළ නිසි ලෙස පිරිසිදු කිරීම වැනි ක්‍රියාමාර්ග උදාහරණ ලෙස ගත හැකිය.

ඉතා වැදගත් වන්නේ, පෘථිවිය සුරකින්නේ අද පරපුරට පමණක් නොව, අනාගත පරපුරටද යහපත් ජීවිතයක් ලබා දීමටයි. එබැවින්, පරිසරය රැක ගැනීමේ වගකීම සෑම පුද්ගලයෙකුම පිළිබඳව ගත යුතුය.තිරසාර සංවර්ධනය පිළිබඳ අවධානය මෙම වසර වන විට තවදුරටත් ශක්තිමත් වී ඇත.නවීන ව්‍යාපාරික ලෝකයේ හරිත ආර්ථිකය, හරිත ගණකාධිකරණය, සහ පරිසර, සමාජ හා පාලන වාර්තාකරණය වැනි නව සංකල්ප සහ ශ්‍රී ලංකාව සදහා SLFRS S1 හා S2 වැනි නව ප්‍රමිතීන් හඳුන්වාදීම,වැනි පරිසරයට ඇති බලපෑම මැනීම හා ප්‍රකාශ කිරීම සඳහා වැදගත් පියවර ගනිමින් වයාපාරික වගකීම්කාරීත්වය වර්ධනය කරනු ලබයි.

අවසන් වශයෙන්, 2026 පෘථිවි දිනය අපට මතක් කර දෙන වැදගත් පණිවිඩය වන්නේ  පෘථිවිය සුරැකීමේ බලය අපගේ අතේ පවතින බවයි. ඒ බලය නිවැරදි ලෙස භාවිතා කිරීම අපගේ වගකීමක් වන අතර, එය අපගේ අනාගතය සුරක්ෂිත කිරීමට ඇති එකම මාර්ගයයි.

Written By: –

 

 

 

 

Rtr. Dimali Bhagya
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top