මතක…
අමතක නොවූ මතකයේ රැඳුණු මතකයන් වෙනුවෙන් ජීවිතේ ජීවත් වන ඔයා වෙනුවෙන් ලියන්නම් අද…
පරණ මතක පොත් ආයේ අවුස්සනකොට පරණ කඩදාසි සුවඳ ළඟ අපි හැමෝම මොහොතක් හරි නතර වෙන බව නොඅනුමානයි. අමාරුවෙන් අමතක කරපු මතක, සමහර වෙලාවට පණ පිටින්ම වලදාපු පරණම මතක වගේම ජීවිතේට මූණවත් නොබලනවා කියලා අපි හිතා ගත්ත දේවල් අපේ හිත් කොච්චර රවට්ටන්න ඇති ද, සමහර දේවල් මතක් වෙද්දි නෙතු අදටත් තෙමෙන්නේ, ඒ මතක කොච්චර නීරස උනත් අපි ආදරේ කරන නිසාමයි නේද…? නොගැලපුණු හදවත්
නිසා අපිට රිදුණු තරමක්
ලියූ නොලියූ වචන අතරේ
හඳට, තරුවට වගේම අමාවකටත්
අපි බැනපු තරමක්..
නොනැගුණු රහසක්
හිතට හිත රිද්දූව තරමක්
කොහොම ලියුවත් අදත්
මතක නුඹ මා දවන
අමිහිරිම තනුවක්…
ගීතය කියන්නෙම මත්ද්‍රව්‍යයක් බව සැබෑවක්. සමහර ගීත ඇතුලේ නොකී හැඟීම් තෙරපෙන විදිහ හරිම අපූරුයි.
“මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් මට මුරුගසන් වැහි
පැත්තේ මම තනියෙන්ම තෙමුණා”
– අභිෂේකා විමලවීරඑකම හැඟීමක් තුළ දුක, සතුට දැනෙනවා වගේම මතක් වෙන වාරයක් පාසා මුවඟ සිහින් සිනහවක්, තුටු කඳුළක් රැඳෙනවානම් ඒ තමයි, නුඹ වගේම මාත් දවන නිවාලන “මතක”…
ඉතිං අවසානයේ ලියන්නම්,
මතක පොත කොච්චර බර උනත් ආදරේ මල් වැහි එක්ක ඔයා හිනාවෙලාම ඉන්න…Written By:
Shashikala Kalhari
(University of Colombo – Faculty of Arts)
Edited By:
Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)
Edited By:
Rtr. Sanjana Hirushi
(General Member 2023-24)
❤️
🥺🥺