ලෝක සර්ප දිනය යනු ලොව පුරා සිටින විවිධ සර්ප විශේෂ පිළිබඳව සමාජයේ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා ඇති වැදගත් දිනයකි. ‘ සර්පයා ‘ යන වචනයෙහි, මිනිසුන් බිය වන ඍණාත්මක අර්ථයක් ගැබ් වී ඇත. බොහෝ මිනිසුන් සර්පයන්ට බිය වන අතර, ඇත්ත වශයෙන්ම එයට හේතුව ඔවුන්ගේ භයානක පෙනුම හා විෂ සහිත බවයි. සමාජයේ සිටින නොමනා මිනිසුන් හැඳින්වීමටද විවිධ අවස්ථාවල මිනිසුන් ‘ සර්පයා ‘ යන නාමය භාවිතා කරයි. කෙසේ වෙතත්, සර්පයා යනු නොමනා සත්ත්වයෙකු නොවන අතර පාරිසරික සමතුලිතතාවට, අප ජීවත් වන ලෝකයට ඉතා වැදගත් සත්ත්වයෙකි. සමීක්ෂණවලට අනුව ලොවපුරා 3500 ට සර්ප විශේෂ සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. ඇතැම් මිනිසුන් සර්පයන් තමාගේ සුරතලුන් ලෙස ඇති කරනු ලබන අතර ඇතැමුන් සර්පයන් ගැන තොරතුරු ගවේෂණයට කැමැත්තක් දක්වයි. කෙසේ වුවත් මෙම දිනය සර්පයන් පිළිබඳව උනන්දුවක් දක්වන සහ නොදක්වන සෑම කෙනෙකුටම වැදගත් දිනයකි. සර්ප විශේෂ 3500න් විෂ සහිත සර්ප විශේෂ 600 ක් පමණ ඇත. එසේම මිනිස් ජීවිතයට සැලකිය යුතු අවදානමක් එල්ල කල හැකි සර්ප විශේෂ 200ක් පමණ ඇත. ප්‍රතිශතයක් ලෙස ගත්කල පොදුවේ සර්පයන් යනු මිනිසා මරණයට පත් කරන භයානක සත්ත්වයෙකු නොවේ.
සර්පයා යනු පැරණිතම මිථ්‍යා චරිතවලින් එකක් වන අතර ලොව පුරා ශිෂ්ඨාචාරයන් විසින් ගෞරවයට මෙන්ම දේවත්වයේ ලා සලකා ඇති බව කියැවේ. සර්පයන් යනු පාරිසරික සමතුලිතතාව රකිනා ඉතා ඵලදායී විලෝපිකයන් විශේෂයකි. වර්තමානය වන විට සර්පයන් සුරතලුන් ලෙස බොහෝ රටවල මිනිසුන් ඇති කරන නමුත් ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට අනුව ඒ සඳහා පූර්ණ නිදහසක් නොමැත. කෙසේ නමුත් මෙම දිනය සර්පයන් ඇති කරන්නන් සඳහා මෙන්ම සර්ප ගවේෂකයන්ට උත්තේජනයක් ලබා දෙයි. පොදුවේ සර්පයනගේ ජීවන රටාවට අදාල තොරතුරු
ජීවත් වන ස්ථාන: ඇන්ටාක්ටිකා හැර සියලුම මහද්වීපයකම මුහුදේ, වනාන්තර, කාන්තාර හා තනබිම් වැනි අඳුරු ස්ථානවල
ආහාර: මොවුන් විලෝපිකයන් වන අතර කුඩා සර්පයන් කෘමීන්, මීයන්, ගෙම්බන් වැනි කුඩා සතුන් ආහාරයට ගනී. විශාල සර්පයන් මුවන්, වඳුරන්, ගවයන් වැනි විශාල සතුන් පවා ආහාරයට ගනී.
හැසිරීම් රටාව: උණුසුම් ස්ථාන මෙන්ම සිසිල් ස්ථාන වලද සැරිසරන අතර එය ඔවුන්ගේ අවශ්‍යතාව මත වෙනස් වේ. තමා විසින්ම තමන්ගේ සම ජීවිත කාලය තුලදී 5-6 වතාවක් ඉවත් කරයි. ආරක්ෂාව සඳහා ඇතැම් සර්පයන් දෂ්ඨනයන් සිදු කරන අතර ඇතැම් සර්පයන් නොපෙනී සිටීම හෝ පලායාම සිදුකරයි.ලෝකයේ සර්පයන් පිළිබඳ තොරතුරු
දිගම සර්පයා: Reticulated python( පිඹුරු විශේෂයකි)
විශාලතම සර්පයා: Green anaconda
වේගවත්ම සර්පයා: Black mamba( උපරිම වේගය පැයට කිලෝමීටර 20)
උග්‍රතම විෂසහිත භෞමික සර්පයන්: Inland taipan / Black mamba
( අන්තර්ජාලයේ දත්ත ඇසුරෙනි)මිනිසුන් වශයෙන් අප, සර්පයන්ගෙන් අපට කරදරයක් වෙයි සිතා අනවශ්‍ය බියක් ඇති කරගනිමින් ක්ෂණිකව ඔවුන් විනාශ කිරීමට පෙළඹේ. නමුත් එසේ කිරීමෙන් අප සිදුකරනු ලබන්නේ ජෛව විවිධත්වයට හානි කරමින් පාරිසරික සමතුලිතතාවය බිඳ දැමීමකි. නමුත් එය එසේ නොවිය යුතුය. අපද ආරක්ෂා වෙමින් අප පරිසරයේ සමතුලිතතාවයට වැදගත් වන මෙම සතුන්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීම අප සතු යුතුකමක් වන්නේය.
Written By: –
Rtr. Rusiru Dhananjaya
(Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Naduni Premathilaka
(Blog Team Member 2024-25)