වස්සාන සමයේ අවසානය සනිටුහන් කරනු ලබන පුර පසළොස්වක පොහොය ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි. මෛත්රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, සිදුවූයේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකයි.මෛත්රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. සියලු ශිල්ප ශාස්ත්ර ප්රගුණ කළ ඔහු තම මවුපිය අභාවයෙන් පසු විශාල ධනස්කන්ධයකට හිමිකම් පෑ අතර, සැප සම්පත් හා පිරිවර ජනයා සමග කල් ගෙවීය. ගෞතම බුදුපියාණන්වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව්යපුත්රයා ඇතුළු දෙවිවරුන්ට අභිධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොව සිට ආපසු වැඩම කළේ සංකස්ස නම් නුවරයට.
බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමග පැවැති ප්රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්රී බෝසතුන් දහසක් පමණ වූ තම පිරිවර සමග බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්රී නමින් මහණ විය.ඉන්පසු එළඹි වස් කාලයක තම දායකයින් විසින් පූජා කළ උසස් තත්ත්වයෙන් යුත් වස්ත්ර යුගලක් ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක් සිවුරක් බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක් කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහ සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ‘ස්ථවිරයෙනි, නුඹ මේ මහභද්ර කල්පයෙහි මෛත්රී නමින් බුදු වන්නනේය’ යැයි විවරණ දී වදාළ සේක.ඒ සමග ප්රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම , පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨින පුන්ය කර්මය සමාප්ත කරන දිනය වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.
Written By: –
Rtr. Rusiru Dhananjaya
(Senior Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)