කැලණි කෙල්ල…

 

කැලණි ගං මිටියාවත පුරා ඇදී ආවේ සීතල සුළං ධාරාවකි. එයින් ප්‍රාර්තනාගේ මුලු ගතම සිහිල් වී මනස අතීතය කරා ඇදුනි.

"අනේ සහස් අයියෙ මාව දාලා යන්නෙපා රත්තරන්"එසේ ප්‍රාර්තනා ඉකි ගසමින් හඩාවැටුනු අතීතය කදුලු බිඳු අතරින් මතකයට නැගුනත් නෙතුමිගෙ ගොරෝසු කට හඬින් " ප්‍රාර්තනා " ලෙස කෑගැසූ විට ඇය

නැවතත් පියවි සිහියට පැමිණිනි.

"උබට තාම බැරි උනාද බං ඌව අමතක කරන්න?" එසේ ඇසුවේ සහනිය.

" ඌ කියන්නෙපා නෙතූ, ඒ මගෙ පන. මට එයා තමයි මගෙ ජීවිතේම . මාව දාලා ගියත් මම පන වගේ ආදරෙයි බං එයාට " එසේ කියමින් සිරකරගෙන සිටි කදුලු ධාරාවක් ඇදී ගියේ නෙතූගෙ උරහිස මතය.

ඇයව සනසන්න උත්සහ කලද මේ මොහොතේ ඇයට හැඬීමට ඉඩ දීම හැර අන් කිසිවක් කල යුතු නැතැයි නෙතුමි සිතමින් පාරුගේ ඔලුව අතගාමින් සිටියාය.

" පාරු දැන් ඇති බන් උබගෙ කැම්පස් ගමනම මේ කොහෙවත් යන කොල්ලෙක් නිසා මග නතරවෙලා .ෆයිනල්ස් වලට තව මාස තුනයි. උබ ඒ ගැන හිතපන්කො " එසේ කීවේ නෙතූය.

" ඔව් නෙතූ මං කොහොමහරි මේ ජීවිතේ දිනනවා . මගෙ අම්මා වෙනුවෙන් මං මේ ජීවිතේ දිනනවා බන් . මගෙ දහදුක් වින්ද තාත්තා වෙනුවෙන් මේ කැලනි කෙල්ල දිනනවා බං" එසේ පැවසුවේ පාරුය. "කැලනි

කෙල්ල" යනු කිතුල්ගල නම් කැළනි ගං මිටියාවතෙන් කැලනිය විශ්වවිද්‍යාලයට පැමිනි ප්‍රාර්තනාට වැටුනු "කාඩ්" එකය. "කැලනි කෙල්ල", "කැලනි අක්කා" ,"කැලනි නංගි" කියූ විට, කැලනි විශ්වවිද්‍යාලයේ

නොදන්නා කෙනෙක් නොමැති තරම් ය.

කෙසේ හෝ ජීවිතේ ජය ගැනීමේ අදිටනින් හුන් තැනින් නැගිටගත් පාරු , ඇවිද ගියේ කැලනි ගග දෙසටය. එවිට ඈ දුටුවේ කිතුල්ගලින් ගලා බසින කැලනි ගඟ දිගේ ඇදෙන ඔරුවකි. එහි මිනිසුන් දෙදෙනෙකු ඇති බවයි .

එක් අයෙක් තම ගමේ පියල් මාමා බව දුටු ඈ , අනෙකා කව්දැයි විමසිලිමත් වූයේ ගැමි නොවූ නාගරික පෙනුමකින් සැරසී කැමරාවක්ද අතැතිව සිටි ඔහු කවුරුන්දැයි දැනගැනීමටයි. එය බිඳී ගියේ නැවත අවදි වුනු

නෙතුමිගේ කටහඬටයි.

"උබ කවද්ද කොලඹ එන්නෙ ආයෙ?" නෙතූ විමසීය

" අද හෙටම " ස්ථීරව යමක් සිතා ගත නොහැකිවූ පාරු පැවසීය.

නැවත ගඟ දෙස බැලූ ඇයට දැකගත හැකි වූයේ ඔරුව ගඟ දිගේ ඈතට ඇදී ගොස් ඇති ආකාරයයි.

සුසුමක් හෙලා නෙතූ සමඟ වාඩි වී සිටි ඇයගේ නිවසට ආසන්නම ලී බංකුව වෙත ඈගේ දෑස් යොමු කරන විට නෙතූ ගේ තුලටද වී හමාරය.

ඇය තවත් හෝරාවක් පමන එහි සිට තනිව ඇගේ ජීවිතය ගැන සිත සිතා තීරනයකට පැමිනියේය , අතපසු වූ සියල්ල නැවත කෙසේ හෝ ලබා ගැනීමේ සිතැගියෙන් නැගී සිටි ඈ තම කුඩා නිවසට වැදුනේය.

ප්‍රාර්තනා යනු මවගේ බුලත් වෙලඳාමෙන් හා පියාගෙ කිරිකැපීමෙන් ලද ආදායමෙන් තම කුඩා නැගනියන් දෙදෙනාද සමග දිවිසරිකරගත් කෙල්ලෙකි. අහිංසක හිනාවෙන් හා දනහිස තෙක් දිගු වූ කෙහෙරැල්ලෙන්

හැඩ වූ ඈ කාගෙත් ඇස් දෙපාරක් හැරී බලන තරම් රූපයකින් හෙබි වූවාය. කෙතරම් ආදර යෝජනා,විවාහ යෝජනා ලැබුනත් , ඇය ඉගනීමට මුල් තැන දී පලමු වරින්ම විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීය. මේ

ගෙවී යන්නෙ ඇගේ අවසාන වසරේ අවසාන මාස කිහිපයය. නොබෝ මසකින් ඈ නීතීවේදිනියකි.

සියල්ලටම වලකපමින් පලමු වසරේදී ඇගේ ජීවිතේට පැමිනියේ සහස් තේනුවර යි. ඔහු කොලඹම හැදී වැඩුනු සෙල්ලක්කාරයෙකි. ඔහුගේ සෙල්ලක්කාර බැල්මටම පාරු අසුවන්නට ඇතැයි නෙතූ සෑමවිටම පවසයි.

කෙසේ වෙතත් තමා සහස්ගේ ඇතුල් කොක්ක පමනක් බව ප්‍රාර්තනා දැනගත්තේ අවසාන වසරත් අවසන් වීමට කිට්ටු වන විටය.

නිවස තුලට වැදී , ඇඳේ වැතිරී සිටි නෙතූට තට්ටුවක් දැමූ ඇය

" අපි හෙට උදේම යන් නෙතූ " කියාය

විශාල බරකින් නිදහස් වූ බවක් නෙතූට දැනිනි.ජංගම දුරකතනය අතට ගත් ඈ එහි කෙටි පනිවිඩයක් සටහන් කරේ තුන් කට්ටුවෙ අනික් පාර්ශවය වූ ජනනි වෙතටයි.

" වැඩේ හරි. අපි හෙට උදේම එනවා"

දෙදෙනාම දෑස් පියාගත්තේ කැලනි ගංගාවෙ මිහිරි නාදයද සමග සුවබර නින්දකට යාමෙ අරමුණිනි.

උදෙන්ම නැගිට ගත් යුවතියන් දෙදෙනා රෙදි බෑග් දෙකක්ද රැගෙන නිවසින් එලි බැස්සේ , කඩන් වැටුනු ජීවිතය යළි ගොඩගැනීමේ අරමුනිනි.

පාරුගෙ මව්පියන්ට හා නැගනියන්ට සමු දුන් යුවතියන් දෙදෙනා , විශ්වවිද්‍යාලට පිවිසෙන විට දහවල් එකත් පසු විය.ඔවුන් එහි එන විටත් ජනනි කාමරයේ පාඩම් කරමින් සිටියේය.

සතුටු සාමිචියේ යෙදුනු යුවතියෝ දහවල් ආහරය ලෙස ගත්තේ පාරුගෙ මවගේ අතින් සැදූ කෙහෙල් කොලේ බත් පතක් ය.

එදින රාත්‍රියෙ ඔවුන් කලින්ම නින්දට ගියේ පසුදින උදෑසනම තිබු දේශනයට යාමෙ අරමුනිනි.

මෙසේ දේශන සමගින් තවත් මසක් පමණ ගත විය . සහස් දකින විට නොඉදුල් සිනාවකින් සංග්‍රහ කිරීමට තරම් පාරුගේ සිත ඒ වන විට පරිණත වී හමාරය. ඔවුන් දැන් ආගන්තුකයන්ය.

දින කිහිපයකින් පැවැත්වෙන උත්සවයක් සඳහා ඇගේ විශ්වවිද්‍යාල දිවියේ අවසන් නර්තනයට සහභාගී වීමට ,මේ දිනවල පාරු පුහුනුවීම් වලය. කැලනි කෙල්ල මෙන්ම ඇයගේ නර්තනයද විශ්වවිද්‍යාලය තුල

කාගෙත් සිත් ගත්තකි.

මෙසේ තවත් දින කිහිපයක් ගත විය. උත්සව දිනයේ උදෑසන පාරුගේ දුරකතනයේ ස්ක්‍රීනය මත මෙලෙස සටහන් විය.

"අද ඔයාගෙ ලස්සනම දවසක් වෙයි මැනික"

" මැනික "යන වචනයට ඇයගේ සිත මදක් ගැස්සුනද,එය නොදන්නා අංකයකින් වූ බැවින් වැරදීමක් යැයි සිතා ඇය ඊට ප්‍රතිචාර නොදැක්විය.

ඉක්මනින් මුව සෝදා ඇය ගියේ නර්තනාංගයට සූදානම් වීමටයි. අන්ගනාවක් සේ අලංකාරව සැරසුනු ඇය සූදානම් වූයේ අවසාන වතාවට විශ්වවිද්‍යාල වේදිකාවට ගොඩවී පූජා නර්තනය ඉදිරිපත් කිරීමටය.එදින

උත්සවය කුමක්ද කියාවත් ඇය දැනසිටියේ නැත. වේදිකාවෙන් ඇසුනු ශබ්දයෙන් ඇය තේරුම් ගත්තෙ එය ලෝක ඡායාරූපකරන දිනයට සමගාමීව පවත්වනු ලබන උත්සවයක් බවත් මෙහි විශ්වවිද්‍යාලයේ හොඳම

ඡායාරූප ශිල්පියා තේරීමේ තරගයක්ද ඇති බවයි.

වේදිකාවට නමස්කාර කර ඊට ගොඩ වූ ප්‍රාර්තනා , සංගීතයේ ස්වර සමඟ තාලයට අත් පා යොදමින් අලංකාර උඩරට නර්තනයක නිරත විය. නර්තනය අතරතුර ඇය දුටුවේ කිසියක් පුද්ගලයෙකු තමා දෙස නෙත්

නොපියා බලාසිටින අන්දමයි.එම බැල්මට මදක් ඇයගෙ සිත සලිත විය.

ඇය තම නර්තනාංගය නිමකර වේදිකාවෙන් බැස ගොස් රංගවස්ත්‍රාභරන ගලවා ම්ව සෝදා නැවත කඩිමුඩියේ ගියේ එම උත්සවය නැරඹීමේ අදිටණිනි.

ඒ යට විටත් උත්සවය අවසන් වීමට කාල වේලා එලඹ තිබුනි. ඇය එහි යන විටත් ඇයගේ දුරකතනයට ඇමතුම් 15-20ක් පමන ලැබී තිබුනද දුරකතනය ඈ සතුව නොවූ නිසා කිසිවක් ඈ දැන සිටියේ නැත.

ඇය එහි ගොස් පිටුපසින්ම ඉඳගත්තේය. උත්සවය නැරඹීමටත් වඩා ඇය උනන්දු වූයේ තමා දෙස නෙත් නොපියා බලා සිටි තරුනයා සොයා ගැනීමටය. ඇය ඔහුව සොයා ගත්තද ඇයට ඔහුගේ මුහුන නොපෙනෙන

නිසා ඇය වේදිකාව දෙස නෙත් යොමා සිටියාය.

උත්සවය හොබවන්නා වූ තරුනයා උද්‍යෝගී හඬින් පැවසූවේ

"ඔව් අපි දැන් බලමු කව්ද අද දවසේ මෙම තරගය ජයග්‍රහණය කල ඒ විශිෂ්ඨ ඇසක් හිමි ඡායාරූපශිල්පියා කියලා " ලෙසය.

පාරු ද ඒ දෙස උවමනාවෙන් බලා සිටියාය.

"ඒ වෙන කවුරුවත් නෙවෙයි. අපේ රහල් වික්‍රමභාහු. "

ප්‍රේක්ශකාගාරයෙ සියල්ලෝම රහල් වික්‍රමභාහු සොයන විට පාරු සෙවුයේ අර තරුණයාය. එම තරුණයා සහ රහල් වික්‍රමභාහු යනු එකම තැනැත්තා බව ඇය ඇසිල්ලකින් දැනගත්තේ , ඔහු හුන් තැනින් නැගිට

තම මවට හා පියාට වැඳ් වේදිකාවට ගොඩ වනු දුටු විටයි. ඇයගේ ඇස් දීප්තිමත් වී තරුණයාගේ රුව වටා ගෙතිනි.

කුසලානය ඔහු මත තැබූ ප්‍රධාන ආරාධිත අමුත්තා , වේදිකාවෙන් බැස යන අතර රහල්ගේ දෑත් මතට මයික්‍රොෆෝනයක් ලැබිනි.

ඔහු මුලින්ම ඔහුගේ මව්පියන්ට සහ විශ්වවිද්‍යාලයට ස්තූති කිරීමක් සිදුකිරීය. කතාව කරන අතරතුර ඔහුගේ ජයග්‍රහණය කල ඡායාරූපය පසුපස තිරයේ දිස්විය.

පාරුගේ හිසට අකුණක් ගැසුවාක් මෙනි.

ඔව් ඒ ඇයමයි. නෙත් සිත් වශීවන රුවක් හිමි ප්‍රාර්තනා එදිරිසිංහගේ ගැමි ලාලිත්‍ය මනා සේ කැමරා කාචයේ සටහන් වී තිබින. කැලනි ගං මිටියාවත අයිනේ ගසකට බර වී, දුක්මුසුව සිටින යුවතියකගේ

ඡායාරූපයක් එහි විය. එම ඡායාරූපය තුලින් මනා සේ ගැමි තරුනියකගේ අහිංසකත්වය, ශෝකය , යුතුකම් වගකීම් රැසකින් යට වූ තරුන සිත , මනා සේ කැපී පෙනිණ.

ඇය තවමත් ගල් ගැසී ඇත. ඇය පියවි සිහියට පැමිනියේ තමාගෙ නම කිහිපවරක්ම මයික්‍රොෆෝනයෙන් ශබ්ද වනවා ඇසුන පසුවය.

ඇයට වේදිකාවට ආරධනයක් රහල්ගෙන් ලැබින.ඇය වේදිකාවට ගොඩවන්නේද ගල්ගැසී මෙනි. ඇයට සිනාසීමට පවා අමතකවී සිටියාය. එතැන් පටන් රහල්ගේ විග්‍රය ඇරබිණි.

"මේ ඉන්නෙ ප්‍රාර්තනා එදිරිසිංහ නැත්තන් අපි කවුරුත් දන්න කැලනි කෙල්ල. මේ ඡායාරූපයේ හිමිකරු මැය. මම මුලින්ම සමාව ගන්නවා ප්‍රාර්තනා අනවසරයෙන් ඔයාගෙ ඡායාරූපයක් ගත්තු එකට. මගෙ මේ

ඡායාරූපයේ නම තමයි "කැලනි කෙල්ල".

මෙසේ බොහෝ වෙලාවක් තම ඡායාරූපය විග්‍රහ කල රහල් වේදිකාවෙන් බැසගත්තේ පාරුත් සමගයි. රහල්ට විශාල ලෙස සුබපැතුම් එම අවස්තාවෙ එක්විය. පාරු රහල්ට සුබපතා එතනින් නික්මීමට යාමේදී

රහල් පාරුගෙ අතින් අල්ලා යමක් ගුලි කර ඇයගේ අත්ලේ තැබීය. ඉන්පසු පාරු එතනින් පිටවී හොස්ටලය කරා පැමිනිනි.

කාමරයේ දොර වසා ගත් ඇය ඇදේ වාඩි වී රහල් අත්ල මත ගුලි කල කොලය දිග හැරියේය.අපිලිවෙල පිරිමි අත් අකුරු එහි විය.

"ආදරනීය ප්‍රාර්තනා,

මං කව්ද කියලවත් ඔයා දන්නෙ නෑ. හැබැයි ඔයාව මම දන්නෙ මම මේ විශ්වවිද්‍යාලයට ආපු දවසෙ ඉදලමයි. මුලින්ම ඔයාව දැකපු වෙලාවෙම මට ඔයා ගැන දැනුනෙ කවදාවත් දැනිලා නැති නුපුරුදු හැගීමක් . මට

මේ ටික ඔයාට ෆෝන් එකෙන් මැසේජ් එකක් දාලා කියන්න පුලුවන්කම තිබුනත් මෙහෙම ලියුමක් ලිව්වෙ,මගෙ හැගීම් ඒ තරම් බර නිසා. වැඩි දේවල් ඕනි නෑ පාරු. මම ඔයාට ආදරෙයි මැනික. මගෙ අම්මා තාත්තත්

ඔයා ගැන දන්නවා පාරු. මං එයාලටත් ඔයා ගැන කියලා තියන්නෙ.

ඒ වගේම මම සහස් ගැනත් දන්නවා පාරු. ඔයා එයාට කරපු ආදරෙත් මම දන්නවා.මම ඔයාගෙන් එකම එක දෙයයි ඉල්ලන්නෙ මැනික. සහස්ට දීපු ආදරේ කිසිම අඩුවක් නොකර ඒ විදිහටම මට දෙන්න . මං ඒ ආදරේ

පරිස්සම් කරගන්නවා කියල පොරොන්දුවෙනවා. හදිස්සියක් නෑ පාරු හොඳට හිතලා මට උත්තරයක් දෙන්න.

මීට ඔයාට දුරින් ඉදන් අවුරුදු 4ක් ආදරේ කල රහල්."

ඇයගේ දෑසට කදුලු එක්විය. කදුලු පිසදැමීමට සැරසෙත්ම හොස්ටලය භාර පාලිකාව පැමින පැවසුවේ පාරුව හමුවීමට ඇගේ මව්පියන් පැමින සිටින බවයි. ඇය එය විය නොහැකි දෙයක් බව තේරුනද කඩිමුඩියේ

පහලට දිව ගියේය. පහලට යන විට එහි වූ පිරිස දැක ඇය තුශ්නිම්භූත විය.

එහි ඇයගේ මව පියා නැගනියන් දෙදෙනා , නෙතූ ජනනි හා රහල් සමඟ රහල්ගේ මව හා පියා විය.

ඇය මේ වන කිසිවක් අදහාගත නොහැකි විය.

"අම්මලා මෙහෙ ? කොහොමද අම්මලා ?" ඇය කැඩි කැඩී ඇසුවාය.

"යමුකො පුතේ විස්තරේ කියන්න" එවිට හඬ අවදි කලේ රහල්ගේ අම්මා ය . පාරු සහ අනික් සියල්ලෝද කැටුව ඇය වාහන අංගනය කරා ගොස් සුඛෝපභෝගි V8 රථයකට ඔවුන්ව නංවා ගත්තේය. ප්‍රශ්න රාශියක්

පාරුගෙ සිතේ නැගුනද ඇය සියල්ල සිරකරගෙබ සිටියේ වීමට යන දේ ඉවෙන් මෙන් දැනීය.

විශාල ද්වාරයක් සහිත සුවිසල් නිවසක් ඉදිරියේ රථය නවතීමෙන් පසු ද්වාරය විවර විය. සුවිසල් නිවස කරා රහල්ගේ මව අපව කැටුව ගියාය. අප සියල්ලෝම අසුන් ගැනීමෙන් පසුව රහල්ගෙ මව කතාව ඇරඹිනි.

" දුව දැන් අහගන්නකො මුල ඉදලම. මේ ඉන්නෙ මගෙ පුතා රහල්.‍රහල් ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ දැනට අවුරුදු 4 කට කලින් පුතේ. ඔයාව දැකපු පලවෙනි දවසෙම එයා ඔයාට කතා කරන්න හැදුවත්

මමයි ඒක නවත්තගත්තෙ දුවට හොදට ඉගන ගන්න දෙන්න ඕනි නිසා.ඒත් දුව පස්සෙ කාලෙක වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්ත කියලා පුතා කිව්වහම මට තේරුනා මම කරපු දේ වැරදී කියලා.රහල් ඒ

කාලෙ හරියට කෑවෙවත් නැ පුතේ. හරිම අසහනෙන් හිටියෙ ඒ කාලෙ. පාඩම් වැඩක්වත් හරියට කරන්නෙ නැහැ. කොහොම හරි ඔහොම දිගින් දිගටම ඉන්නකොට තමයි රහල් දැනගත්තෙ ,දුව යාලු උන ලමය

එක්ක දුව විතරක් නෙවෙයි යාලු වෙලා තියන්නෙ කියලා. ඒක දුවට ඒත්තු ගන්වන්න අපේ පුතා ගොඩක් උත්සහ කලා. ඒත් වැඩක් උනේ නෑ පුතේ . දුව ඒ ලමයව ගොඩක් විශ්වාස කරල නිසා වැඩක් උනේ නෑ. දවසක්

දුවට අදුරන්නැති නම්බරේකින් කෝල් කරලත් පුතා කිව්ව් ඒ ලමයගෙ හැටි. ඒත් දුව ඒ කිසි දෙයක් පිලිගත්තෙ නැහැ. "

එවිට පාරු හට තමාට එම කාලයේ වූ සිදුවීම් ගනණාවක් මතකයට නැගුනි. නිර්නාමික දුරකතන ඇමතුම්, කෙටි පනිවිඩ ආදී විවිධාකාර සිදුවීම් රාශියක් මතකයට නැගුනි.

"දුව රැවටෙන දිහා බලාගන මගෙ පුතා ගොඩක් විඳෙව්වා පුතේ. ඒ විදවන දිහා බලන් ඉදලා බැරිම තැන තමයි මම දුවගෙ ගෙවල් හොයාගන ගියෙ මීට මාස දෙකකට කලින්. ඒ නෙතුමි දුවගෙ උදව්වෙන් . ගිහිල්ල

ඔයාගෙ අම්මටයි තාත්තටයි හැමදේම කියලා පැහැදිලි කරලා දුවව ඉල්ලුවට පස්සෙ එයාලා කිව්වා මට දුව කැමතිනම් අපිත් කැමතී කියල. අපි දුවට කියන්නැතුව මාස ගානක් ඉවසන් ඉදලා ඉදලා බැරිම තැන

තමයි අද මේ දේ කොහොමහරි කියනවා කියල හිතුවෙ. අපි ගිහිල්ලා ඔයාගෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නවත් ඊයෙ රෑම මෙහෙට එක්කගෙන ආවෙ ඒක නිසයි. දුව දැන් තීරනයක් ගන්න අපි කිසිම බලපෑමක්

කරන්නෙ නෑ දුව. අපිට කොච්චර සල්ලි තිබ්බත් මනුස්සකම් සරලකම් අහිංසකකම් සල්ලි වලට ගන්න බෑ පුතේ.ඒකයි දුව ගැන පුතා කියපු ගමන්ම මම කැමති උනේ. දුවටයි පුතාටයි කතා කරගන්න දීලා අපි යමු

නේද අක්කෙ කෑම ටිකක් කන්න. " එසේ පැවසූ රහල්ගේ මව අනික් අයවලුන් කැටුව එතනින් නික්මුනේය.

සියල්ලෝම ගිය පසුව රහල් මා වෙත පැමින මාගෙ අත ගෙන ඔහුගේ පපුවට තබා

"මං ආදරෙයි මැනික"

එවිට කදුලු කැට සට සට ගා මා වෙතින් ඇදුනි.රහල්ගේ පිරිමි පපුවට තුරුලු වූ ඇයට දැනුනේ කිසිදා සහස්ගෙන් හෝ කිසිදු පිරිමියෙකුගෙන් නොලැබුනු සෙනෙහෙ ගැබ්වූ උනුසුමකි. ඔහුගෙන් ඇය විමසුවේ මෙපමනකි.

"කවදාවත් මේ උනුහුම වෙන කෙනෙකුට දෙන්නෙ නෑ නේද? "

රහල් ප්‍රාර්තනාගේ දෑත් සිඹ හාදුවකින් පොරොන්දුවක් දුනි.

එදින පටන් ගත් ආදර අන්දරය නිමා වූයේ වසර 4කට පසු පන්සලක චාම් අයුරින් ගත් අතිනත් ගැනීමෙනි. මුදල් වලින් ඔලුව උදුම්වා නොගත් රහල් සහ ඇගේ මව පියාගෙන් ප්‍රාර්තනාට ලැබුනේ, ඇගේම මවගෙන්

පියාගෙන් ලැබුනු ආදරමය;එලෙසමය. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ශ්‍ය ලියවූයේ රහල්ගෙනි. සහස්ට දුන් ආදරයට සිය දහස් ගනනක් ඉහල ආදරයක් රහල්ට පිදීමට ඇයට හැකිවිය.

ඉදින් ප්‍රේමිය කවදාවත් මේ උනුහුම වෙන කෙනෙකුට දෙන්නෙ නෑ නේද ?

Written By: –

 

 

 

 

Rochana Wijemanna
(NSBM Green University )

Edited By:

 

 

 

 

Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest


0 Comments
Inline Feedbacks
View all comments