" මම මේ එනගමන් " දුරකතනයේ රැදුණු කෙටි පණිවිඩයක්….
"හරි මම එදා තැනමයි ඉන්නෙ පරිස්සමින් එන්න" ඒ මගේ පිළිතුරු පණිවිඩය..
ඒත් එක්කම කාලයක් ආපසසට ගිය මගේ මතකය.. කවුරුත් නැතිව තනිවම ඒ ආගන්තුකයා හමුවන්නට ගිය ඒ මුල්ම
දවස.. ඔහු උසද මිටිද සුදුද කලුද සැබැවින්ම ඇස් දෙකින් දැක නොතිබුණ ඔහුව අදුරගන්න පුලුවන් වේවිද.. ඔහුගේ
ගතිගුණ මොනවගේද.. තනිවම මුණගැසුනු ගැහැණු ළමයෙක්ව පරිස්සමින් රැකගන්න අයෙක්ද නැතිනම් අයුතු ලෙස
මාව ප්‍රයෝජනයට ගනීවිද.. හොද නරක සිතුවිලි කෝටියක් එක්ක හදවතේ ගැස්ම වැඩිවන වේගය ඉහළයි.
පිරිමියෙක් වෙනුවෙන් මෙලෙස බලාසිටින පලමු වතාව මේ..
"හායි" ඒ ඔහු.., ටික වෙලාවක තිගැස්මත් එක්ක මාත් ඔහුට , "හායි… ඔයා නේද විසල්…" එතනින් ඉදිරියට ගලා ගිය
කතා බහත් එක්ක එදා මම පළවෙනි පාරට ආගන්තුකය පිරිමියෙක් හා ආදරයෙන් කාලය ගත කලා. මොනදේ උනත්
හැම අවුරුද්දෙම මෙතනට එමු අපි හිතාගත්ත., " දැන්වත් මගේ ප්‍රශ්නයට උත්තරේ දෙනවද " ඔහුගෙන් නැවත
මතක් කිරීමක්.. නමුත් කිසිවක් මතක නැති අයෙකු මෙන් මම , " මොන.. ප්‍රශ්නෙද.."
ප්‍රශ්නෙ ආයේ මතක් කරන්නට කාලය දෙන්න මම හිතුවත් ඔහුගේ දෑස් මගේ දෑස් වෙත එක එල්ලේ රැදුණු නිමේෂයේ
කිසිවිටකත් නොසිතූ ලෙස, මම ඔයාට ආදරෙයි කියන වචන ටික මනසේ ඇදෙන තරම් උණුසුම් හාදුවකින් ඔහුගේ
කම්මුල් පිරිමැදපු මම එතනින් එහාට කිසිවක් කීවේවත් ඔහු නැවත කිසිවක් ඇසුවේවත් නැත.. ඒ අපි හමුවූ ආදරේ නොකී
නමුත් ආදරේ පිරී තිබූ ආදර කතාවේ පළමු දවසයි. මම ආගන්තුක පිරිමියෙක්ට ළං වුන පළමු වතාවයි..එහෙම පටන්
ගත්ත ආදර කතාව හරි ආදරෙන් අවුරුදු ගානක් ගතඋනා. පොරොන්දු උන විදිහට හැම අවුරුද්දෙම ආදරේ සමරන්න අපි
එතනට ගියා.. නමුත් එක දවසකදි එදා ඒ අපි ආදරවන්තයින් ලෙස හමුවෙන අන්තිම දවස බව අපි දෙදෙනම දැනන්
හිටියේ නැහැ. නමුත් ඒ දවසින් පස්සේ අපිට අපිව ඕනේ උනත් පවුලේ සතුට වෙනුවෙන් අපි අපිව අතෑරියා.. කිසි
හමුවීමක් නොවුන ආගන්තුකයෝ ලෙසම අපි වෙන් උනා. කාලය හරි වේගෙන් ගියා එයා විදේශ ගතව සේවය කරන
නමුත් තවම තනිකඩ බව මට දැනගන්නට ලැබුණා.. ඔහු මෙන් මමත් එලෙසමයි.. මතක හරි ලස්සනයි. වෙන්වෙලා
කලයක් ගතඋනා ඒ කාලය අතරතුර ගොඩක් දේවල් වෙනස්වෙලා හොද විදිහට.. අපි අපේ ජීවිතවල හොද තැන්වල
ඉන්නව.. පවුලේ අය ඒ ගැන සතුටින්. නමුත් අපේ ජීවිතවල හිස්තැන්.. ඒවා පුරවන්න පුලුවන් එකම එක මනුස්ස්යෙක්ට
විතරයි..
ඉතින් ඉක්බිතිව , කාලෙකින් නන්නදුන දුරකතන ඇමතුමක්..
හලෝ.. පාරමී ද.. " හුරුපුරුදු ඒ කටහඩ අදුරගන්න මට අමාරුවක් උනේ නැහැ..
ඔව්.. කොහොමද කාලෙකින්.."
මාව අදුරගන්න පුලුවන් නේද තවම.. "
ම්ම්ම්..සමහර මතක තවම මතකයි"
මම ලංකාවට ආවා.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.. හම්බවෙන්න පුලුවන්ද "
කවදටද…
කොන්දේසි විරහිතව එකගවන ස්භාවයෙන්ම මම ඇහුවා. හිත ඇතුලින් මම මේ ඇමතුම වෙනුවෙන් කෙතරම් බලා
සිටියාද කියා ඔහුට කියන්න තිබුනනම් කියලා හිතුවා. මොකද ජීවිතේ හිඩැස පුරවන්න ඒ එකම එක මනුස්සයා
වෙනුවෙන් මම තවමත් බලන් ඉන්න වග ඔහු දැනගත යුතුමයි.
ඔහුත් එහෙමද කියා දැනගන්න මට උවමනා උනා..
" මේ සතියේ ඉරිදා ජනවාරි 01 සුපුරුදු පරිදි අපේ තැනේදි.. ඔයාට පුලුවන්ද එන්න…" ඒ කටහඩේ වූ ආදරණීය බව
නැවත දැනුනා..
"හරි මම එන්නම්……." ඇමතුම අවසන් ඇස්වල කදුලු.. දුකටද සතුටටද.. ප්‍රශ්නාර්ථයක්.. ජීවීතේ කියන්නෙම
පුදුමයක්.
ඉතිං ඒ ඇරයුම පිළිගෙන ඒ වෙනුවෙන් නැවත වරක් ඔහු හමුවෙන්න යන මම…
" හායි.. ටිකක් පරක්කු උනා සොරි. කොහොමද ඔයාට.."
ඔහු නැවත මා හා,
" අහ් ඒකට කමක් නැහැ.. හොදයි.." කතාබහේ පටන් ගැන්මත් එක්ක කාලය ආපස්ස්ට අවුරුදු ගානක මතකයන්
එක්කම..
ආයේ මොනදේ උනත් අපි අපිවා නැති කරගන්නේ නැහැ. අපෙන් අපිට පොරොන්දුවක්..කාලය ගෙවී ගිය ඉක්මන, අපි පලවෙනි පාර හමු උන තැන අපි වෙන් උන තැන.. නැවත වරක් අපි එකට… නවත්තපු
තැනින් ආයේ පටන් ගන්න ඇරයුම ඔහුගෙන්.. ප්‍රතිකේෂ්ප කිරීමක් කොයින්ද.. මාත් ගෙවුණ කාලය පුරාම ඔහු
වෙනුවෙන්ම බලන් සිටිය කොට. ඉතිං නැවතත් ආදරයෙන් ඔහුගෙන් මගේ නළලතට හාදුවක්…."
ආදරේට කල් ඉකුත්වීමක් නැත. ජීවිතේ හිස්තැන් පිරිය යුත්තේ පතන ආදරෙන්ම පමණි..මතක හරි ලස්ස්නයි ඒවා එක්ක
ජීවත් වෙන මිනිස්සුනට.. නිමනොවන ආදරයක පහස විදින්නට හැමෝටම හැකිවෙන්න ඕනේ..
Written By: –
Nilani Navodani
(University of Colombo)
Edited By:
Rtr. Naduni Premathilaka
(Senior Blog Team Member 2024-25)