ජීවිතය සහ සිහින අතර මංසන්ධිය

මගේ ජීවිත කතාව කියන්නේ  සතුටු, ලස්සන අවසානයක් තියෙන කතාවක් නෙවෙයි. ඒක දුකෙන්, බයෙන්, ඉවසීමෙන් සහ නොකියා හඬපු කඳුළු වලින් ගොඩනැගුණු කතාවක්. මම මේක ලියන්නේ අනුකම්පාවක් ඉල්ලල නෙමෙයි. මම මේක ලියන්නේ මම ජීවත් උන හැටි සත්‍ය ලෙස ලියවිල්ලක් වෙලා ඉතිරි වෙන්න.

මම අවුරුදු පහළොවක් වයස තිබ්බ කාලෙ ජීවිතය හොඳ නරක හඳුනා ගන්නවත් බැරි දරුවෙක් වෙද්දී මම යාලු වුණේ මගේ පුංචිගෙ පුතා එක්ක. ඒක ආදරයක් කියලා අදටත් මට කියන්න බැහැ බැහැ. මම එයාට කැමති වුණේ නෑ. එයා මට බලහත්කාර කම් කළා. බය කරලා තර්ජනය කරලා මාව අසරණ කරලා එයා එක්ක ඉන්න තත්වෙටම එයා මාව පත් කලා. ඒ කාලේ මට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ. මම කතා කරන්න බැරි නිහඩව ඉවසපු දරුවෙක් විතරයි.

කාලය ටික ටික ගෙවිලා ගියා. මම උසස් පෙළ ඉගෙන ගන්න පාසල් යන්න පටන් ගත්තා ගත්තා. ඒ කාලෙම අම්මා මාව අමතර පන්තිවලටත් යොමු කළා. ඉතින් ආදරේ සීමාවන් බලෙන් ම බිඳිලා තිබුන නිසා මාත් ඒ දේවල් වලට යොමු වුණා වුණා. මම ගෙදරට හොරෙන් මගේ ආදරවන්තයා එක්ක ලැගුම් ගන්න පුරුදු වුනා වුනා. ඒ බව ගෙදරට දවසක් ආරංචි වුණා. ගෙදර අය මාව ගෙදරින් එළවලා දැම්මා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අතේ පොත් කිහිපයක් සහ ඇඳුම් ටිකක් විතරක් අර ගෙන මම ගෙදර දොරකඩ ඉඳ ගෙන හිටියා. එදා මට තේරුණා මේ ජීවිතයට මට තනියම මුහුණ දෙන්න වෙනවා කියලා.

ඊට පස්සේ මම මගේ ආදරවන්තයා සමග පුංචි කුලී කාමරයක ජීවත් වුණා. ඒ කාමරය සුවපහසු තැනක් නෙවෙයි. වැහි දවස්වල බිත්තියෙන් වතුර බේරෙනවා. උණුසුමක් නෑ. ඉඩක් අඩුයි. ඒත් ඒක තමයි මත තිබුණ එකම තැන. මම රෙදි කඩේකට වැඩට යන ගමන් ඉගෙන ගත්තා. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා රෑට පොත් අරගෙන ඉගෙන ගත්තේ මේ ජීවිතයේ වෙනස් කරන්න තියෙන එකම මග අධ්‍යාපනය කියලා මට හිතුණ නිසා.

ඒ අතරතුරේ මට දැනගන්න ලැබුණා දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ ආරංචිය මගේ හිත ගොඩක් බය කළා. මට සූදානමක් තිබ්බේ නෑ නෑ. මට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ. ඒත් ඒ බය අතරේම මගේ බඩේ ඉන්න පුංචි ජීවිතය මට ශක්තියක් වුණා. මම ඒ දරුවා මා ළඟම තබාගෙන උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා විභාග ශාලාවේ ඉඳගෙන මම හිතෙන්ම මගේ දරුවාට කතා කළා. ‘අම්මා උත්සාහ කරනවා ‘ කියලා.

ඒ කාලෙදි මගේ ආදරවන්තයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පොඩි දේටත් බනින්න පටන් ගත්තා. ගහන්න පටන් ගත්තා. වචන වලින් මාව කඩා දැම්මා. අතින් ගහලා මගේ ඇඟට වේදනාවක් දුන්නා. ඒත් ඒකටත් වඩා මගේ හිතට තිබ්බ වේදනාව ලොකු වුණා. මට යන්න තැනක් තිබ්බේ නෑ. මගේ දරුවා වෙනුවෙන් මම හැමදේම නිහඬව ඉවසුවා.

කාලය ගියා. අපිට දරුවා ලැබුණා. පුංචි පුතෙක්. එයා අනිත් දරුවන්ට වඩා වෙනස් හරිම ලස්සන සුදුම සුදු හමක්, කළු පාට ලොකු බෝල වගේ ඇස්, හිනා වෙද්දෙ වළ ගැහෙන කම්මුල් එක්ක  මාව තවත් පිස්සු වැට්ටුවා. ඒ පුංචි දරුවා මගේ ඇඟිල්ලෙන් අල්ල ගත්ත මොහොතේ මගේ ජීවිතේට අලුත් අරුතක් ලැබුණා. ඒ දවසේ මම තීරණය කළා මේ දරුවා වෙනුවෙන් මම වැටෙන්න බැහැ කියල.

ඊට ටික කාලයකට පස්සේ උසස් පෙළ ප්‍රතිඵල ආවා. මම විභාගය සමත් වෙලා තිබුණා. ප්‍රතිඵල ඒ තුනයි. මට ඒක විශ්වාස කරගන්න බැරි වුණා. ඒ ප්‍රතිඵලය දැනගත්ත ගෙදර අය මාව ආපහු ගෙදර ගෙනාවා. ඒ මොහොතේ මට පොඩි සැනසීමක් සතුටක් දැනුනත් ඒ සතුට දිගටම තිබුණේ නෑ.

මාව මගේ දරුවාගෙන් සහ මගේ ආදරවන්තයාගෙන් වෙන් කළා. මගේ දරුවාව අපි හඳුනන ජෝඩුවකට බලාගන්න දුන්නා. අම්මා කෙනෙක් වෙලා තමන්ගේ ම දරුවා ළඟ නැතුව ජීවත්වීම මට ජීවිතේ ලොකුම වේදනාවක් වුණා.

ඊට පස්සේ මම ඉහළ පෙලේ විශ්ව විද්‍යාලයකට තේරුණා. හැමෝම සතුටු වුණා. ඔයා ජය ගත්තා කියලා කිව්වා. ඒත් මගේ හිත සතුටු නෑ. මට ඕන වුනේ උපාධිය විතරක් නෙවෙයි. මට ඕන වුණේ මගේ චූටි පවුල. මගේ දරුවාගේ අත අල්ලගෙන මම ආදරේ කරන මනුස්සයා එක්ක සතුටින් ජීවත් වෙන්න.

අදටත් ගෙවල් හරස් වෙන ආදර කතා ගොඩක් තියෙනවා. මං මගේ පවුලට මහ ගොඩක් ආදරෙයි ඒ නිසා මට ආයෙ මග පවුලට පිටුපාන්න හිතෙන්නෙ නෑ. මම තාමත් දුක් විඳිනවා. රෑට මට නින්ද යන්නේ නෑ. මගේ කතාව කොහොම ඉවර වෙයිද කියලා මම මගෙන් ම අහනවා.

ඒත් එක දෙයක් මට දැන් පැහැදිලියි. මගේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නෑ. මගේ ජීවිතේ ඉදිරියට තවත් මගක් තියෙනවා. තවත් සටන් තියෙනවා. තවත් තීරණ තියෙනවා.

 

Written By:

 

 

 

 

Anonymous

Design By: –

 

 

 

 

Rtr. Sawandi Thisarani
(Senior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top