The Letter

ආදරණීය ඔයා වෙත ආදරයෙන් ලියමි,

මේ ලිපිය මම ලියන්නේ අවුරුදු ගාණක් පුරාවට හිතේ හිර කරං උන්නු ඒ අහිංසක හැඟීම් තවත් හිතේ හිර කරගෙන ඉන්න බැරිම තැන​ …

දන්නවාද​? ඔයාව දැක්ක මුල්ම දවසේ ඉඳන් මං ඔයා ගැන එකතු කර ගත්තු මතක ගොන්න හරි පරිස්සමට තාමත් මගේ මතකයන් අතර තියාගෙන ඉන්නවා… ඒ මතක කවදමහරි දවසක මාත් එක්කම මියැදුණාවේ… ලෝකයා ඒ මතක ගැන දැන ගන්න ඕනේ නැහැ…

හිතින් විතරක් පෙම් කරපු මට, හැමදාටම දුරින් ඉඳගෙන විතරක්ම ඔයා දිහා බලන් ඉන්න වෙයි ද කියන්න මම අදටත් දන්නෙ නෑ…. ඒත් හැමදාටම ඔයා සතුටින් සැහැල්ලුවෙන්  පරිස්සමින්  ආදරණීයව ඉන්නවා දකින්නයි මම හුඟක්ම ආසා… මම පතන්නෙත් ඒකමයි…

සමහර විට ඔයාගේ ජීවිතේ මට ඉඩක් නැති වෙන්න පුළුවන්. ඔයාගේ ඒ ලස්සන හදවතට දැනටමත් අයිතිවාසිකම් කියන වාසනාවන්තියක් ඉන්නවත් ඇති… ඒක මට වෙනස් කරන්න බෑ… කරන්න ඕනෙත් නැහැ…

මට කරන්න පුළුවන් එකම දේ, මගේ හිතේ ඔයා ගැන තියෙන ඒ ආදරණීය අහිංසක​ හැඟීම මොකද්ද කියලා ඔයාට කියන එක විතරයි…

ඔයාව මට හරි විශේෂයි,

මොකද ඔයා තමයි මගේ මතක පොතේ ලියැවුණු ලස්සනම මතකය​​…

කවදමහරි දවසක මේ ලියුම ඔයාට ලැබුණොත් මඟ නොහැර​ කියවන්න…

ආදරෙයි මහමෙරක්! 

මීට,

ඔයාටත් හොරා,

ඔයාට ආදරේ කරන,​

අහිංසක හදවතක්.

 

Written By: –

 

 

 

 

Lakshini Wasana
(Kotelawala Defence University )

 

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top