නාදුනන නම්බරයකින් ඇමතුමක්

වෙලාව උදේ 11:41

ජීවිතේට ඒ වෙලාවට කෝල් එකක් ඇවිත් නොතිබුන මට නාදුනන නම්බරයකින් කෝල් එකක්…

“Hellow”

“තාමත් දවල් වෙනකන් නිදා ගන්නවද? මට කෝල් එකක් ගන්න මේකේ සල්ලි නෑ.”

හරියටම අවුරුදු 7යි මාස 2යි දවස් 15කට පස්සෙ ඒ කටහඩ අහන්න ලැබුනෙ.

කෝල් එක කට් වෙලා විනාඩියක් ඇතුලත මම ගත්තා කෝල් එකක්.

“කියන්න”

“අදුරන්න පුලුවන් ද මාව?”

දිග හුස්මක් මම පිට කරා.

“හරියටම 3 වෙනකොට අපි තෝස කෑව කඩේ ලඟට එන්න. ආ මතක් කරලා කලු අත්දිග ශර්ට් එකත් අදින්න.”

කෝල් එක කට් උනා.

ඇත්තටම අපිට උනේ මොකක්ද කියන එක මට තිබුන ලොකු ප්‍රශ්නයක්.

කවදාවත් වෙලාවකට වැඩක් නොකරපු මම එදා වෙලාවටත් කලින් එයා කියපු තැනට ගියා.

“අපි දෙන්න ඉද ගන්න තැනට යමු.”

වෙනදට මගේ ලඟ ඉද ගන්න එයා, අද මගේ ඉස්සරහා.

“කොහොමද ජීවිතේ?”

“ජීවිතේ ගෙවෙනවා.”

මචා ගත්ත හිනාවකින් මම එහෙම කිව්වා.

“තාම වොලිබෝල් ගහන්වද?”

“හ්ම් ඔව්, ඔයා දන්නවනේ. මගේ ජීවිතේ එතනට නෙ භාර දුන්නෙ.”

“දැන් කෙනෙක් ඉන්නවා ඇති නේ. අවුරුදු 7ක් නෙහ්.”

වචනයක් නොකියා මම සාක්කුවෙ තිබුන හම ගියපු පර්ස් එක මේසෙ උඩ තිබ්බා.

“ඔයා තාම මට ආදරෙද? ළමයෝ දැන් අවුරුදු 7ක් වෙනවා. ඇයි ඉස්සරහට ජීවිතේ ගෙනියන්නෙ නැත්තෙ?”

“සම්බන්ධය නැවතුනාට, ආදරය නවතින්නෑ නේ.”

මම ඒ ඇස් දිහාම බලාගෙන කිව්වා.

“හරි මාව අමතක කරන්න. මම කසාද බඳිනවා. අපිට ආයෙත් එකතු වෙන්න බෑ කවදාවත්. ඒ නිසා ඉස්සර වගේ මුරණ්ඩු නොවී කියන දේ අහන්න.”

එහෙම කියලා wedding card එක මගේ අත උඩින් තියලා මන් ආසම අහිංසක හිනාවක් දැම්මා මට.

“පොරොන්දු වෙන්න ජීවිතේ පිළිවෙලක් කරගෙන ලස්සනට ඉන්නවා කියලා.”

“බලමු.”

“බලමු නෙවෙ කියපු දේ කරන්න.”

එහෙම කියලා එයා පුටුවෙන් නැගිට්ටා.

“කොණ්ඩේ ටිකක් කපන්න. ඔහොම ඔයාට කැතයි.”

එහෙම කියලා එයා යන්න ගියා.

ඒ තමයි මන් කරපු හොඳම ලස්සනම ආදරය. තේරුම් ගන්න අමාරු විදිහකට අපි වෙන් උනා.

මන් හිතන්නේ මේ ආත්මෙදි අපිට එකතු වෙන්න පින් මදි ඇති…

 

Written By: –

 

 

 

 

Yuki Udayanga
Sri Lanka Institute of Information Technology

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top