මග හරින්නම බැරි ඒ ඇස්..

මිනිස්සු ආදරේ කරන එක එක විධි තියෙනවා. ආදර කතා පටන් ගන්න විධි ඕනෑ තරම් තියෙනවා. ඒත් මගෙ හැම කතාවක් ම පටන් ගන්නෙ ඇස් එක්ක. ලස්සන කතාවක් පටන් ගන්න ඇස් ලස්සන වෙන්න ම ඕනෙ නෑ. දුඹුරු පාට ලස්සන ඇස් වලට පුලුවන් හිතක් හිරි වට්ටන්න. ඒත් කතා කරන ඇස් වලට පුලුවන් මුළු ලෝකෙ ම නවත්තන්න.

සමහර විට ඇස් වලින් ආදරේ කරන්නෙ introvert පුද්ගලයෝ වෙන්න පුලුවන්. ඒත් මං introvert හෝ extrovert කියන කොටස් දෙකට ම අයිති නැති, මට ඕනෙ වෙලාවට මේ ඕනෙ ම කොටසක් රගපාන්න පුලුවන් කෙනෙක්.

ඒ කොහොම වුණත් ඒ ඇස් ගාව මම ළමයෙක් වගේ. මගෙ ළමාකම අවුරුදු හතරක පහක ළමයෙක්ගෙ ගාණට වැටෙනවා ඒ ලස්සන ඇස් ළඟ දි. ඇස් වලින් හිත්වල තියෙන වචනයක් ගාණෙ කිය වන්න හැමෝටම බෑ. ඔයාට පුලුවන් කොහොමද කියලා මං දන්නෙත් නෑ. මට හිතා ගන්නත් බෑ. සමහර විට ඔයාගෙ අවුරුදු ගාණක අත්දැකීම් හින්දා වෙන්න පුලුවන්.

මට ඕන ඒ ඇස් අයිති කාරයා එක්ක ම මං ළඟ ම තියා ගන්න. හැමදාටම. බැඳීමක් නැතිවම. මේ ලෝකේ මිනිස්සුන්ට ආදරේ කරන්න පුලුවන් ද බැඳීමකට නමක් නැතිව. රෝමාන්තික ආදරයක් නොවී ළඟ ඉඳන්, දුරින් ආදරය කරන්න බැරි ද?

මට ඕන ඔයා ළඟ ඉඳන් ගොඩක් වෙලා කතා කරන්න. මෙහෙම හිතුවාමත් මට හිනා යනවා. මගෙ මෝඩ කතා අහලා එ ඇස් මට තවත් හිනා වෙයි ද දන්නෙ නෑ.

ඉතින් මට තව ලොකු වෙන්න ඕන. ඉක්මනට තරුණ වෙන්න ඕනෙ. මං දන්නවා මං දිහාට හැරුණු ඒ ඇස් මගෙන් ඈතට නොයන දවසක් ඒවි. ඒ ඇස් මගෙ ඇස් දිහා බලාවී. අපි හිනා වේවී ඇස්වලින්. ඒත් මට ඒ මදි. මට ඔයත් එක්ක දොඩමලු වෙන්න ඕන. අත් නොපැටලුණාට කමක් නෑ හිත් පැටලෙන්න ඕන. එතකොට අපිට පුලුවන් වේවි වෙන කෙනෙක්ගෙන් නොපිරවුණ ජීවිතයෙ හිස්තැන් වහලා දාන්න. ආදරෙන් ම සැනසෙන්න. ඒත් මං ඒ තරම් වටින වද මං දන්නෙ නෑ.

මගහරින්නට බැරි ඒ ඇස් මාව කවදාවත් මග හරින්නෙ නෑ. මටත් ඒ ඇස් මග හැර ගන්න ඕනෙ නෑ.

 

Written By: –

 

 

 

 

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top