මෙලොව පහළ වූ ශ්‍රේෂ්ටතමයන් වහන්සේ වන ලොව්තුරා අමා මෑණි බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය ලැබීම සහ පරිණිර්වානය සිදු වූ උතුම් වෙසක් පොහෝ දිනය මෙවර මැයි මස 30 වනදා බෞද්ධයින් විසින් සමරනු ලබයි. ශ්‍රී බුද්ධ වර්ශ 2570 සපිරීම නිමිත්තෙන්, බෞද්ධයින් විසින් වෙසක් පොහොය සැදැහැ සිතින් පිලිගැනීමට සූදානම් ව සිටී. තෙමඟුල සැමරීමට දිවයින පුරා විවිධ වශයෙන් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කිරිමට සූදානමක් දක්නට ලැබේ.
සෑම වසරකම පාහේ මෙරට බෞද්ධ වැසියන් වෙසක් පහන් කූඩු, දන්සැල්, බුද්ධ චරිතය දක්වන දර්ශනීය තොරණ සහ වෙසක් පහන් කූඩු දර්ශන, සීල සමාදාන වැඩසටහන් ඇතුළු නොයෙක් පුණ්‍ය කර්ම සිදු කරනු ලබයි. වෙසක් දිනය ආගම් බේදයකින් තොරව ජාතික වශයෙන් සමරනු ලබන ජාතික පුණ්‍යෝත්සවයක් බවට පත් ව තිබීම විශේෂත්වයකි. බෞද්ධයින් එදිනට ආගමික කටයුතුවල නිරත වෙමින් සෑම නිවෙසක්ම වෙසක් කූඩු ආදී කොටගත් සැරසිලිවලින් අලංකාර කිරීමටද කටයුතු කරයි. සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් රට පුරා වෙසක් සතියක් නම් කරමින් පාසල්, ව්‍යාපාර ආයතන සහ සමස්ත රට වැසියන් ඒ සඳහා යොමු කිරිමද විශේශයකි.
![]()
කුඩා කළ සිටම දරුවන් ආගමට දහමට යොමු කිරීමත්, වෙසක් දිනයේ ඇති සංස්කෘතික වටිනාමක දැනුවත් වීමටත්, පිරිසිදු සද්ධර්මය පිලිබඳ දැනුවත් වෙමින් ජීවිතයට එකතු කර ගැනීමට සහ ජාතියක් වශයෙන් මිනිසා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමටත් වෙසක් උත්සවය මගින් අවකාශ සලසයි. බුද්ධ දේශනාවන් අනුව සද්ධර්මය අවසන් වශයෙන් ඉතිරි වන බවට ප්‍රචලිත වී ඇති ශ්‍රී ලංකාද්වීපයේ මෙවන් සැදැහැවත් පුණ්‍යකර්ම සිදු කිරීම ද පුදුමයට කරුණක් නොවේ.
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් දිවයින පුරා ආගමික කටයුතු සිදු වීම රටක් වශයෙන් සතුටට කරුණකි. වර්තමානය වන විට වෙසක් සැමරීම නිමිත්තෙන් වෙසක් කලාප සදහා එක් වූ නව අංග ද තිබේ. කෙසේ නමුත් උතුම් සම්බුදු තෙමගුල ගෞරවයෙන් සහ ශ්‍රද්ධාවෙන් සැමරීම අපගේ වගකීමක් නොව යුතුකමකි. උතුම් වෛශාඛ්‍ය මංගල්‍ය සැදැහැසිතින් සැමරීමටත් ඉදිරි පරම්පරාවන්ට ද එහි ඇති වටිනාකම කියා දීමත් බෞද්ධයින් ලෙස අපගේ යුතුකම යි.

Written By: –

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)
