“සංගීතය විශ්වයට ආත්මයක්, මනසට පියාපත්, පරිකල්පනයට පියාසර කිරීමක් සහ ජීවිතයට ප්‍රාණයක් ලබා දෙයි.” – Plato
උදෑසන Alarm එකේ පටන් රාත්‍රී නින්ද වන තුරුම අප බොහෝ දෙනා ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයක්. මේ ලිපිය කියවන්නෙත් පුන්චි විවේකයක් ගන්න phone එක අතට ගත්ත වෙලාවෙ නේද? දවස පුරාම ගෙවන කාර්ය බහුල ජීවිතය ඵලදායීව ගත කරනවාද යන්න පැනයට නැගිය යුතු කරුණක්.
අධ්‍යාපනික කටයුතු, රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු, නිවසේ වගකීම් ඇතම් විට මේ කිහිපයක් නිසා අපේ දවස කාර්යබහුල වෙනවා. වගකීම් එක්ක ආතති මට්ටම වැඩි වෙද්දි සන්සුන් බව සැහැල්ලුව ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒත් මොනතරම් කාර්ය බහුල වුණත් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න අපි හැමෝම කැමතියි. සංගීතය කියන්නෙ ඒකට කදිම විසඳුමක්.
එක දිගට වැඩ කරල මහන්සි වුණ වෙලාවක පොඩි වෙලාවක් අරන් නිදහස් තැනක හිත නිවාගන්න ආසම සින්දුවක් අහල බලන්න, සැහැල්ලුවක් නිදහසක් එක්ක ප්‍රබෝදයක් ඇති කරගන්න අපූරු ක්‍රමයක් වේවි..

සංගීතය මනසට විතරක් නෙවෙයි කායිකවත් ඖෂධයක් කියල වර්තමානය වන විට විද්‍යාත්මකව සනාථ කරගෙන තියනවා. ආතතිය අඩු කිරීම, සිත සන්සුන් කිරීම, ශක්තිය හා උද්යෝගය වර්ධනය කිරීම මගින් විනෝදාස්වාදයට පමණක් සීමා නොවී, මිනිසාගේ කායික සහ මානසික යහපැවැත්මටද ධනාත්මක බලපෑමක් ඇති කරයි. Binaural සංඛ්‍යාත මගින් අවධානය ඉහල නැංවීම, stress anxiety අඩු කිරීම සඳහා වැදගත් බව අධ්‍යන මගින් හෙලිදරව් වී තිබෙනවා. විශේෂයෙන්ම සංගීතය ශ්‍රවණය කිරීම මගින් මොළයේ dopamine වැනි සතුට හා ප්රතිලාභ සම්බන්ධ රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක විය හැකි බව සඳහන් වේ.
මෘදු සංගීතය ශ්‍රවණය කිරීම අවධානය වැඩි දියුණු කිරීමට සහ වැඩ කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපකාරී විය හැකි බවද පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, ඉතා ශබ්දවත් හෝ වචන සහිත සංගීතය සමහර විට අවධානය බිඳ දැමීමට හේතු විය හැක.
එබැවින්, කාර්යයේ ස්වභාවයට ගැළපෙන සංගීතය තෝරා ගැනීම මගින් මිනිසාගේ ඵලදායිතාවය ඉහළ නැංවිය හැකි බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. කාර්ය බහුල මනසට විවේකයක් නැවුම් බවක් ලබා දීමට සංගීතය අපූරු ඖෂධයකි.

Written By: –

Rtr. Chamodya Anushani
(Senior Blog Team Member 2026-27)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

