සෑම වසරක ම අප්‍රේල් 22 දා පරිසරය සුරැකීමට සහයෝගය ලබා දීමට ගෝලීය ව සමරනු ලබයි. මෙවර එහි තේමාව වන්නේ
“අපේ බලය අපේ ග්‍රහලෝකය”(our power our planet )යන්නයි.
මුල්ම මිහිතල දින සැමරුම තිබී ඇත්තේ 1970 අප්‍රේල් 22 දා Senator Gaylord Nelson මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ය.
එයට හේතු වූයේ යුරෝපීය ජාතීන් විසින් සිදු කරන ලද අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් සිදුවූ වායු දූෂණය සහ ජල දූෂණය හේතුවෙන් මානව සෞඛ්‍ය සඳහා එල්ලවූ තර්ජන මඟහරවා ගැනීම සඳහා ජනතාව පෙළගැසීමයි.1990 දී මෙය ගෝලීය සැමරුම් දිනයක් බවට පත් විය.
2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව නම් කරන ලද මෙම දිනය “පොළව මත ඇති සියළුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම” යන්න අරමුණු කර ගෙන ඇත.
මෙදින මූලිකවම ,
□ දේශගුණ විපර්‍යාස
□ පුනර්ජනනීය බලශක්තිය
□ ජීව විද්‍යාත්මක විවිධත්වය
□ ජනතාවගේ අන්‍යොන්‍ය එකමුතුව
පිළිබඳ අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් වැඩමුළු පවත්වයි.
ශ්‍රි ලංකාවේ ද මීට සහයෝගය දැක්වීමක් ලෙස පාසල්,විශ්වවිද්‍යාලයීය මෙන්ම රාජ්‍ය
මට්ටමින් විවිධ තරගාවලි,
වැඩසටහන් පවත්වනු ලබයි.මිහිතල දිනයට ලබාදිය හැකි දායකත්වය දේශගුණික විපර්යාසයන්ට හේතුවිය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙමු .
සුදුසු ස්ථානයන්හි නිසි පරිදි රුක් රෝපණය කරමින් රෝපණය කරන ලද ශාක නිසිපරිදි නඩත්තු කරමු.
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරමු.
බලශක්තිය සංරක්ෂණයට පියවර ගනිමු.
හැකි සෑම විටම පොදු ප්‍රවාහන ක්‍රම භාවිතයට නැඹුරුවෙමු.
පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව වෙත යොමු වෙමු.
සැමට නිහඬව ම රැකවරණය සලසන පෘථිවි මාතාව ගැන දැනුවත්භාවය වැඩිදියුණු කොට ඇය ව රැකබලා ගැනීමට කළයුතු හා නොකළ යුතු දෑ ගැන උගෙන ක්‍රියාවට නැංවීම දිනයකට පමණක් සීමා නොවිය යුත්තකි.මක් නිසා ද යත්
“පෘථිවිය ට අප නැති ව ජීවත් විය හැකි වුවත් අපට පෘථිවිය නොමැතිව දිවි ගෙවිය නොහැක.”
Written By:
Rtr. Harindi Senanayake
(Junior Blog Team Member 2024-25)
Edited By: –
Rtr. Umesh Eranda Pannilavithana
(Junior Blog Member 2024-25)