දුර්ලභ රෝග දිනය යෙදිලා තියෙන්නෙ පෙබරවාරි 28 වෙනිදාට. අධික වර්ෂයකදි මෙම පෙබරවාරි 29 සමරනු ලබයි.මෑත කාලයේ දී දුර්ලභ රෝග පිළිබඳ දිනය පැවැත්වීමට පටන් ගෙන ඇති අතර එහි මූලාරම්භය 2008 වසරේදී EURORDIS සංවිධානය විසින් සිදු කරන ලදී. අද වන විට ලොව පුරා රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක වාසය කරන මිලියන 300 ක පමණ ජනතාවක් මෙම දිනය සමරනු ලබයි.
දුර්ලභ රෝග දිනයේදි සමාන සෞඛ්‍ය පහසුකම් , ප්‍රතිකාර ලැබීමට ඇති හැකියාව හා සෞඛ්‍ය ආශ්‍රිත පරීක්ෂණ වැඩි දියුණු කිරිමේ වැදගත්කම කෙරේ අවධානය යොමු කරයි. දුර්ලභ රෝග වැලඳී ඇති රෝගීන් වෙත අවධානය යොමු කිරීමේ වැදගත්කම මෙලෙස දිනයක් වෙන් කිරීමෙන් ම පිළිබිඹු වේ.
2025 වසරේදී දුර්ලභ රෝග දිනයේ තේමාව වනුයේ ‘More than you can imagine ‘ වේ. සමාජ මාධ්‍ය හරහා දුර්ලභ රෝග පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීමෙන්, දුර්ලභ රෝග දිනය වෙනුවෙන් පා ගමන් වලට , රැස්වීම්වලට සම්බන්ධ වීමෙන් අපට මෙම දිනය සැමරීමට දායක විය හැකිය.
Written By: –
Rtr. Hirushi Rajapaksha
(Junior Blog Team Member 2024-25)
Edited By:
Rtr. Umesh Eranda Pannilavithana
(Junior Blog Member 2024-25)