අහිමි නුඹ වෙනුවෙන්

 

“කාලයට හැමදේම විසදන්න පුලුවන් කියලා” කවුද මන්දා කිව්ව වචන ටිකක් අහස උසට විශ්වාස කරගෙන ඔහේ පැත්තකට වෙලා බලන් ඉන්න, මට වෙලාවකට පිස්සුද කියලා හිතෙනවා…… මොකද මේ ගෙවිච්ච හැම දවසකම ඔයාව මතක් නොවුන එක තත්පරයක්වත් මගේ ජීවිතේ තිබිලා නැති හින්දා….සමහරවිට, කාලයට බැරුව ඇති ආදරනීය හැගීමක් හිතක් පපුවක් නැති ගානට හදවතක් ඇතුලේ මරලා දාන්න.. එහෙමත් නැත්නම් ඔයා හරි පරිස්සමට මගේ හදවත ඇතුලේ තියපු අඩි සටහන් මකන්න බැරි තරම් තදට ස්පර්ශ වෙලා ඇති… ඒ ආදරේ මට ඒ තරම්ම දැනිච්ච හින්දා.. කොහොම වුනත් ඔයා දන්නවද, කියාගන්න බැරි තරම් පාලුවක් එක්ක ඔයා කියපුහැම වචනයක්ම මහ සද්දෙට අදටත් හදවත ඇතුලේ දෝංකාර දෙනවා….මේ ඇත්තමයි මන් අදටත් දන්නේ නෑ ඇයි මන් ඔයාට මේ තරම්ම තදට බැදිලා ඉන්නේ කියලානම්… ඒත් මන් එක දෙයක් දන්නවා…. කවදාකවත් එකතු වෙන්න බෑ කියලා මේ ලියවිලා තියෙන සීමාව කොච්චර තද වුනත් ඒ සීමාවට බෑ මගේ හිතේ ඔයාට තියෙන ඉඩ නැති කරලා දාන්න…. සමහරවිට මේ හැගීම හැමදාටම මෙහෙම තියෙයි…. සමහරවිට මන් මැරෙනකල්ම…

Written By:

 

 

 

 

Sachini Kavindya
University of Colombo – Faculty of Management and Finance

Edited By:

 

 

 

 

Rtr. Sethmi Navoda
(Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments