“ආදරය” පෙනෙන අයුරින් අකුරු හතරක කුඩා වචනයක් වුවද ගැඹුරින් සිතා බැලීමෙීදී එහි
පවතින්නා වූ අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙය යම් කෙනෙකුන්ගේ සිත පතුලෙන්ම ඇති වන්නා වූ තවත්
එක් චමත්කාරජනක හැගීමකි. ඒ අතරින් ආදරවන්තයින් දෙපලක් දෙපලක් අතර පවතින්නා වූ “ආදරය” ඉතාමත්
උත්කෘෂ්ට වූවකි. ඒ සදහා පටු නිර්වචනයක් ඉදිරිපත් කළ නොහැක. වර්තමාන තරැණ පුජාවගෙන් සැලකිය
යුතු පුතිශතයක්, තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට “ආදරය” යන මානසික හැගීම
වැඩි වශයෙන් භාවිතා කරයි. නමුත් එය එසේ නොවේ. ආදරය වනාහී මිනිසා මෙන්ම සත්වයාගේ සිත තුළ ද
උපදින සුන්දරතම හැගීම් සමුදායකි. එය ගරුත්වය,අන්‍යෝන්‍ය විශ්වාසය,ආරක්ෂාව,අවංකත්වය, යන
ගුණාංග සියල්ලන්ගේ සම්මිශුණයකි. ආදරය හා ආශාව යන වචන ද්විත්වය පෙනෙන අයුරින් එක සමාන යැයි
හැගුනද, ඒවා දෙස ගැඹුරින් සිතූ කළ ඒවා පැහැදිලිව එකිනෙකට වෙනස් සංකල්ප ද්විත්වයකි. උදාහරණ
ලෙස, ඔබේ මල් වත්තේ පිපී පවතින අලංකාර රෝස මලකට ඔබ බොහෝ සෙයින් ආශා කරනවා යැයි සිතන්න. එම රෝස
මල කෙරෙහි දැක් වූ අසීමිත ආශාව නිසා ඔබ එම මල කඩාගැනීමට කටයුතු කරයි. නමුත්,එම රෝස මලට ආදරය
කළහොත්,එය රැකගැනීමට,අලංකාරව තබා ගැනීමට දිනපතා ඔබ එයට සාත්තු සප්පායම් කරයි.
ආශාවේ දී අප බොහෝ විට කටයුතු කරන්නේ අපේ ස්වාර්ථය සදහාය. නමුත් ආදරයේ දී
දෙපාර්ශවයේම අවශ්‍යතා,හැගීම් පිළිබද අවධානය යොමු කළ යුතුය. ඔබ අප යම් පුද්ගලයෙකුට ආදරය කරනවා
නම්, රෝස මලකට ලස්සනට පූදින්නට දිවා රෑ නොබලා සාත්තු කරන්නා සේ අනෙක් පාර්ශවයේ
හීන,බලාපොරොත්තු,අරමුණු යථාර්තයක් කරගැනීමට උපකාර කරමින් ඔහු හෝ ඇය සමග අවසානය වන තෙක්ම
රැදී සිටිය යුතුය.අනෙක් අතට ඔබට කවදා හෝ දිනෙක ආදරයක් අහිමි වුනහොත්, අහිමි වූ ආදරය ගැන
සිතමින් තම ජීවිතයේ පවතින අරමුණු පසෙකලා සිටියහොත්, එහි දරැණු විපාක විද දරා ගැනීමට
සිදුවන්නේ ද තමාට තනිවමය. ඒ සදහා පිළියම් යෙදීමට සිදුවන්නේ අන් කිසිවකුගේ පිළිසරණක්
නැතිවමය. එම නිසා හොදින් සිතා බලා නැණවත්ව කටයුතු කළ යුතුය. ආදරය අහිමි වූ කෝපයෙන් ඇතැම්
පාර්ශව තම ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ ආත්ම ගරුත්වයට හානි වන අයුරින් කටයුතු කරන අවස්ථා
ඔිනෑ තරම් වර්තමාන සමාජයේ පවතී. එය සැබෑ ආදරය නොවේ. නියම ආදරවන්තයා සෑම විටම පතන්නේ තම
ආදරවන්තියගේ සුඛ විහරණයයි. එය ආදරය කරන මොහොතේ මෙන්ම ආදරය අහිමි වූ මොහොතේ ද ඒ හා සමාන විය
යුතුය.ආදරය බලෙන් ලබා ගත හැකි දෙයක් නොවන අතර එය පුද්ගලයෙකුගේ සිත තුළ
නිරායාසයෙන්ම හට ගන්නකි. තමන්ගේ නියම ආදරය කෙදිනක හෝ හමුවන තුරු ආදරයට ආදරය කරන්න.එවිට අපේ
ජීවිතය ආලෝකමත් කරන,අපේ හීන වලට පාර පෙන්වන පේුමණීය මිනිසුන් අපට නුදුරේදීම හමු වනු ඇත.
එතෙක් ආදරය ආදරයෙන් පරිස්සම් කරගන්න.
Written By: –
Rashmi Chamathsara
(Junior Blog Team Member 2024-25)
Edited By:
Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)