ආදරය…

 

ආදරය…

වචන කරන්න අමාරු මහ පුදුමාකාර හැගීමක්.. කෙනෙක්ගෙ සතුටට හේතුවක් වෙන, තවත් කෙනෙක්ගේ කදුලට හේතුවක් වෙන තේරුම්ගෙන අවසන් කල නොහැකි හැගීමක්..කිසිදාක මුන නොගැහුනු, වචනයක් කතා නොකරපු නන්නාදුනන මනුස්සයෙක් කෙනෙක්ගේ ජීවිතේම කරන්න ආදරේට පුලුවන්.. ඒ කෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරන්න ආදරේට පුලුවන්.. තවත් කෙනෙක් තමන් වෙනුවෙන්ම ජීවත් කරන්න ආදරේට පුලුවන්.. සමහර හිත් ආදරේ හංගගෙන ඒ කෙනා දිහා ඇස් රිදෙනකන් බලාගෙන ඉන්නවා.. එයා තමන්ගෙ නොවෙන බව දැන දැන එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා.. එයාගෙ සතුට ප්‍රාර්ථනා කරනවා.. එයා තව කෙනෙක්ගෙ වෙන දිහා බලාගෙන හිත ඇතුලෙ වේදනාව හිර කරගෙන එයාට ආදරේ කරනවා..ඒක තමයි ඒක පාර්ශ්වික ආදරේ.. මේක එක්තරා විදිහක ආදරේ වේදනාකාරී පැතිකඩක්.. සමහර විට ආයෙ කෙනෙක් ගැන හිතන්න අමාරු තරමට කෙනෙක්ට හිතේ හංගගෙන ආදරේ කරපු මිනිස්සු මේ ලෝකෙ ඕන තරම් ඇති… කවදහරි දවසක ලස්සනම ආදර කතා හිමිවෙන්න ඕනෙ ඒ අහින්සක ආදරනීය හිත් වලට.. ආදරය කියන ලස්සන වචනෙ ඉස්සරහට දාගෙන ආසාවන් පස්සෙ යන අද කාලෙ ගොඩක් ආදරවන්තයෝ/ආදරවන්තියෝ අස්සෙ, මොනතරම් දුරස් උනත් මොනතරම් ලස්සන මූනවල් ලස්සන හිනාවල් මුනගැහුනත් එක හිතක් තමන්ගේ ජීවිතේම කරගත්ත සැබෑ ආදරේ ලෝකෙටම කියලා දෙන ලස්සන ආදර කතා අදටත් තියෙනවා..

පොත් වල, කතා වල ලියවෙච්ච ආදර කතා සැබෑ ලෝකෙ නැතුවම නෙවෙයි.. ඉතින් මේ ආදරේට පුලුවන් ලස්සන ජීවිත කතා ලියන්න වගේම, සමහර ජීවිත කතා අවසන් කරන්නත්.. අපි හිතන විදිහට අපි දකින විදිහට ගැලපෙන අය මේ ලෝකෙ නෑ.. හැමෝම විවිධාකාරයි.. ඉතින් ඒ වගේ නොගැලපෙන මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නනන් ආදරේ තියෙන්නම ඕනෙ..ආදර කතාවක ලබන ලොකුම ජයග්‍රහණය විවාහය නෙවෙයි, මැරෙනකන්ම තමන් ලගින් ආදරෙන් ඉන්න එකයි..මුද්දයි කඩදාසියයි ආදරේ රකින්නෙ නෑ.. ආදරේ රකින්නෙ විශ්වාසයයි තේරුම් ගැනීමයි. “ප්‍රේමයේ කාර්යය මිය ගිය දාට හඩා වැටීම නොවේ.. ජීවත්ව සිටින විට සිනහගැන්වීමයි..”

ඉතින් හදවතින්ම ආදරේ කරන අවංක ආදරනීය මිනිස්සු හැමෝටම ලස්සන ආදරයක් හිමිවෙන්නම ඕනෙ..

Written By:

 

 

 

 

Samindi Jayarathna

Edited By:

 

 

 

 

Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Nirushika Sandeepani

Well written ❤️