තරු ඇදුරු පෙම් ගී අහන්නම් …

 

අදින් පස්සෙ ඔයාව හම්බෙන්න හේතුවක් නැ කියල දැනෙද්දි උගුර මැද්දෙන් ලාවට තද වෙන්න ගත්තා. එක පැත්තකින් හම්බෙන් නැති එක මගේ හිතටත් හොඳයි. ඔයත් දන්නැති මාත් දන්නැති අපේ හිත් මෙහෙම්ම තිබුනාවේ.+ මොකද දැන් රිපෝට්ස් වල තත්ත්වෙ…

වැව දිහාවෙ බලන් කල්පනාවෙ වැටිල හිටපු මන් ගැස්සිලා ගියේ ඒ ප්‍රශ්නෙට…

+ මොකද උනේ…

ආයෙත් අහනවා.

~ ම්ම්ම් මුකුත් නැ අර වැවට කොළ පාටක් ඇවිල්ලා ලස්සනයි නේද

+ ලස්සනයි නන් තමයි, හැබැයි වැව ගැන නෙවේ ඇහුවෙ නන්

මන් හෙමීට තේ එක දිහා බලන් හිනා වෙන ගමන් කෝප්පේ දාරේ වටේට ඇඟිල්ල අරගෙන ගියා.

~ සර් මොකද්ද ඇහුවෙ මට මතක නැනෙ

මන් කතාව හැරෙව්වා

+ ම්ම් ඇහුවෙ නන් රිපෝට්ස් හදල ඉවරද කියල

මන් හෙමීට කෝප්පෙන් ඇහැ අරන් ඔයා දිහා බැලුවා.

~ ඔව් සර් හෙට යවනව ඒ ටික එතකොට ඉවරයි. තැන්ක්‍යු සර් මේකට හෙල්ප් කරාට.

+ හරි හරි ඒව ඉතිම් අපි කරන් ඕනි දේවල් නේ. මොනා හරි තිබ්බොත් මට කතා කරන්න.

~ හරි සර් මන් කතා කරන්නම්කො.

ඔව් ඉදින් එපමණයි. තේ කෝප්පෙ එක්ක මන් තනි වෙද්දි ඔයා හෙමීට නැගිටලා යන්න ගියා. මගේ ඇස් ඒ පස්සෙන්ම වැටිලා තිබ්බා. දොර ළඟ ඉදන් ඔයා ආයෙ හැරෙනවා. මන් හීනියට හිනා උනා. ඒ පැත්ත බලන් ඉදියා දකින්නත් ඇති. දැන් මොනා කරන්නද ඉතිම්. දකින්න ලෝභ හිතෙන හිනාව පුරවගෙන ඔයා ආයෙ එනවා.

+ මන් ෆයිල් එක දාල ගිහින් නෙ නංගි

~ ආ අයියෝ සොරි සර් දැක්කෙ නැ මන්

ඇස් දෙකෙන් ලැජ්ජාව බේරෙද්දි මන් හිනා උනා.

+ මන් යනව එහෙනම්.දිලිසෙන ඇස් වලින් මන් ආසම හිනාව තියලා ඔයා යන්න ගියා. මන් ඔයා යන දිහාවෙම බලන් ආපස්සට මතක් කරන්න ගත්තා. ‘නංගි’ ඔව් ඉතිම් සර් සර් ගැවට ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක්නෙ මේ. මට ඕනේ නැ ඔයාට මන් ආදරෙයි කියන්න. මේ අමුතු ෆැන්ටසිය අස්සට වෙලා ඉන්න ඇබ්බැහියට මන් ආස කරා.

ඔයාගෙ ප්‍රොෆයිල් එකෙ උඩට පහලට කමෙන්ට්ස් බලන ගමන් බඩ ඇතුළෙ අහෙට මෙහෙට කැරකෙන සමනල්ලු එක්ක මන් හිනා උනා. ‘වඩින තුරු සඳ දුරින් ඉන්නම් – තරු ඇදුරු පෙම් ගී අහන්නම් …’ ඔලුව ඇතුළෙ හීනියට ප්ලේ වෙනව ඇහුනා. ඉදින් අප්‍රකාශිත ප්‍රේමයේ පරාර්තකාමිත්වය කොතරම් රහදැයි මන් විඳින්න පටන් ගත්තා.

Written By:

 

 

 

 

Harshi Liyanage
University of Colombo – Faculty of Management and Finance

Edited By:

 

 

 

 

Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments