දැනෙන හිත් – 03

 

– Hey!!! කොහොමද ඔයාට? 
— Hi!!! බලන්නකෝ අද ඔයාගේ ලස්සන…
– Thank you! Thank you! ඔයත් ඉතින් ලස්සනයි.
— ම්ම්ම්ම්…  සැහෙන කාලෙකින් හම්බුනේ. අහන්න වැදගත් දෙයක් තියෙනවා.
– ඒ මොකක්ද ඒ?
— ඔයාගේ ආදර කතාව ගැන අහන්න ඕනේ.
– මගේ? මට ආදර කතාවක් තිබුනේ නැනේ?
— තිබුනා. ඔයා ආදරේ කරන කෙනා ගැන අහන්න ඕනේ. අර මගේ කවි ඔයා ගන්නේ? ඒවා ඔයාටම ලියපුවා වගේ කියල? අන්න ඒ ආදර කතාව ගැන මට අහන්න ඕනේ.
– ආආආ… ඒ ආදර කතාවෙන් මම අයින් උනා.
— අයින් උනා කිව්වේ?
– ඒක ඒකපාර්ශ්වික ආදර කතාවක් නේ. ඒ ආදර කතාවේ ආදරේ කලේ මම විතරයි. ඒ ආදරය නිසා මම මටම සැහෙන රිදව ගත්තා. ඒ කෙනා නිසා මම සැහෙන තනි උනා. එයා වෙනුවෙන් බලන් ඉඳලා, එයා වෙනුවෙන් සමහර දේවල් කරලා අන්තිමට මම තනි උනා. දන්නවද? මම ආයිමත් මාව තනි කරන්නේ නැ. කිසිම කෙනෙක් නිසා මම ආයිමත් මාව තනි කරන්නේ නැහැ.
+ Hello! කොහොමද ගැහැණු ළමයි දෙන්නා!!!
– කවී… මට විදාරා අක්කා කතා කලා. මම ගිහින් බලලා එන්නම්.
— හරී.
+ මම මෙතනට ආපු එක අවුල්ද? මම ආපු ගමන් එයා ගියේ මොකද?
— එයා මේ ටිකේ පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ. පොඩ්ඩක් නෙමෙයි, සැහෙන අවුල් වෙලා ඉන්නේ.
+ ඇයි ඒ? එයා ඔයාට මොනවද කිව්වේ?
— ඔයා දන්නවද දන්නේ නැ. එයා කෙනෙක්ට සැහෙන ආදරේ කළා. ඒක ඒකපාර්ශ්වික ආදරයක්. එයා ඒ ආදරේ එක්ක සැහෙන තනි වුනාලු. එයා ඒ ආදරේ නිසා සැහෙන අතරමං උනාලු. ඔයා එයාගේ හොඳ යාලුවෙක් නේද? පුළුවන් නම් එයත් එක්ක ටිකක් කතා කරන්න. කෙනෙකුට සවන්දෙන එකත් අපිට කරන්න පුළුවන් ලොකු උදවුවක්.
+ හ්ම්. ඒක නම් ඇත්ත තමයි. මම කතා කරන්න බලන්නම්කෝ.
==========================================================================================================
+ ඇයි මට මේ තරම් ආදරේ කරනවා කියලා කලින් නොකිව්වේ? ඇයි මට කෙලින්ම නොකිව්වේ?
– මම ආදරේ කරලා තියෙන කෙනෙක්. ආදරේ කරපු මිනිස්සුන්ගේ කතා ගොඩක් අහල තියෙන කෙනෙක්. ආදරේ නිසා මිනිස්සු දුක් විදිනවා. ඒ සමහර කතා හරි දුකයි. ඔයාටත් තියෙනවා නේ එහෙම කතා. ඒ තැන් වලදී ඔයාට දරාගන්න අමාරු උනා නේද? ඒ හැම දෙයක් ගැනම හිතල තමයි ඒ දේ ඔයාට නොකියා හිටියේ.
+ එතකොට ඔයාට දරාගන්න ලේසිද?
අන්න එතැනදී තමයි ගැහැණු ළමයි පිරිමි ළමයින්ගෙන් වෙනස් වෙන්නේ. ගැහැණු ළමයි කවදාවත් ආදරේදී එයාල වැටුණු තැන්, එයාල තැලුනු තැන් කිසි කෙනෙක් එක්ක කියන්න යන්නේ නැහැ. එයාලා නිහඩව ඒ දේවල් විඳ දරාගන්නවා. 
-නිමි-

Written By:

 

 

 

 

Vonara Weerakoon
University of Colombo – Faculty of Technology

Edited By:

 

 

 

 

Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments