දැනෙන හිත් – 05 

+ ඉන්දු? ඔය අද ආවද? අද ඔයාලට lectures නැ නේද?
මම ටිකක් පුදුම උනා. අද මට lectures නැහැ කියල එය දන්නේ කොහොමද? එයා මගෙන් ඇහුවෙත් නැහැ. අනික අපි දැන් සැහෙන කාලෙකින් හම්බුනෙත් නැහැ, කතා කලෙත් නැහැ. එයා දැන ගත්තේ කොහොමද මට අද lectures නැහැ කියලා?
– ආආආආ…. ඔව්. Lectures නම් නැහැ.
+ එහෙනම් අද ආවේ?
– ඔයා කොහොමද දන්නේ මට අද lectures නැහැ කියල?
+ මට හිමාෂි කිව්වේ…
– හිමාෂි? අපේ එකේ? අපේ එකේ එහෙම ලමෙක් ඉන්නවද?
+ ඔව් අනේ අර ලස්සන ගැනු ලමෙක් ඉන්නේ ඔයාලගේ එකේ? අර ලස්ස්සන සුදු කෙට්ටු ගැනු ළමයා?
(ඒ කතාව අහලා මගේ ඔලුව සැහෙන අවුල් වෙලා තිබ්බේ ඒ වෙලාවේ.)
– ආහා…. මම දන්නේ නැතුව ඇති සමහර විට. ඉතින් එයාද ඔයාට කිව්වේ අද අපිට lectures නැහැ කියල?
+ ඔව්.
– ආආආ… හරී. මේ මට පරක්කු වෙනවා. මම යන්නම්.
+ ඔයා ඉතින් මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැනේ?
– ඔව්. අද අපිට lectures නැහැ. මගේ ඇදුමක් හොස්ටල් එකේ තියෙනවා. ඒක ගන්න අවේ…
+ ඒක අරගෙන ගෙදරද යන්නේ?
– නැහැ. අද මගේ practice දවසනේ. ඉතින් main campus යනවා.
+ ඉන්න. මමත් එන්නම්. Bike එකේ යමු. ඔයා ඇදුම අරගෙන එන්න. මම නිශාන් ගෙන් හෙල්මට් එක ඉල්ලගෙන එන්නම්. 
– ආයු…… එපා. මම බස් එකේ යන්නම්. 
+ ඇයි? ඉතින් මාත් එක්ක යමු. ඉන්නකෝ, මම ටක් ගාල හෙල්මට් එක අරගෙන එන්නම්.
– ඔයා ඇයි එන්න හදන්නේ? අද එහෙ මොකක් හරි වැඩක් ද?
+ ඔව්. පොඩි වැඩක් තියෙනවා. යන්නකෝ. ඇදුම අරගෙන එන්න ඉක්මනට.
– නැහැ. නැහැ. කමක් නැහැ. ඔයා bike එකේ යන්න. මම බස් එකේ යන්නම්. ඔයාට ප්‍රශ්නයක් වෙයි මාත් එක්ක ගිහින්.
+ ඒයි මැට්ටි…… මේ gate එකෙන් එළියේ මට ප්‍රශ්න දාන්න කට්ටිය නැහැ. ඔයාට පරක්කු වෙයි හොදේ…. ඉක්මනට යන්න.
(එයා කොයිතරම් ඉක්මනට යන්න කිව්වත් මම ගියේ හිමින්. මම එයාගේ bike එකේ යන එක හරිද? එයා අද main campus යන්නේ ඇයි? ඇයි දැන් මාත් එක්ක යන්න හදන්නේ? තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න 1000 ක් ඔලුවට පුරවගෙන ඇදුමත් අරගෙන හිමින් හිමින් main gate එකෙන් මම එලියට ආවා. Gate එකෙන් එලියට ආවාම මතක් උනේ ආයු දැන් බලාගෙන ඇති නේද කියල? මෙහෙමම සද්ද නැතුව බස් එකේ නගින්න කීප සැරයක් හිතුනත් මම call එකක් අරගෙන gate එක ගාව ඉන්නේ කියලා කිව්වා.)
+ ඇයි මෙතනට ආවේ? මම ඇතුලේ බලාගෙන හිටියා ඔයා එනකම්?  
– මම නම් කියන්නේ මම මෙතනින් බස් එකේ නගින්නම්. ඔයා bike එකේ එන්න. 
+ ආයිමත් පටන් ගත්තා. කෝ… මෙහාට එන්න. මේක දාගන්න. 
(මම තාම හෙල්මට් එක අතේ තියාගෙන කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා? අන්තිමට මොලේ පරද්දලා හදවත ඉස්සර උනා.)
+ නගින්න. ඇයි බලන් ඉන්නේ? එන්න. අද අපිටත් වැඩ ගොඩක් තිබ්බා. මේ දවස් වල වැඩ වැඩියි. මාරම busy. මම අද main campus යන්න ලොකුම හේතුව පොඩ්ඩක් හිත නිදහස් කරගන්න. ගෙදර ඉන්න කොට මුහුද ගාවට ගිහින් මට නිදහසේ හිතන්න පුළුවන්. මෙහෙ මට එහෙම ලොකුවටම දැනුන තැන main එක. …………………………..…………………………………………………………………………. ඉන්දු? මොකද කතා කරන් නැත්තේ? ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ?
– නැහැ. ප්‍රශ්නයක් නැහැ.
+ එහෙනම් කතා කරන් නැත්තේ ඇයි?
– මම කල්පනා කරනවා.
+ ඉතින්… මාත් එක්ක ඒ දේවල් බෙදා ගන්න කැමතිද?
– හ්ම්. කැමතියි. ඔයාගේ වැඩ ඉවර උනාම, ඔයා free උනාම මට කියන්නකෝ.
+ ඉන්දු… අපේ ජිවිතේ අපි වැඩ ගොඩක හිර වෙලා ඉන්න මිනිස්සු. සමහර වෙලාවට අපිට වැඩ නැති, වැඩ ඉවර free වෙලාවක් කියල එකක් එන්නේ නැහැ. සමහර විට ඒ වෙලාව මේ දැන්, මේ මොහොත වෙන්න පුළුවන්. ඔයාට practice කීයටද පටන් ගන්නේ? ඉවර වෙන්නේ කීයටද?
– 3 ට පටන් ගනන්වා. ඉවර වෙද්දී 5 විතර වෙනවා.
+ හරී. අපිට වෙලාව තියෙනවා.
– ඔයා හිතනවද අපිට වෙලාව තියෙනවා කියල?
+ ඇයි? අපිට වෙලාව නැද්ද?
– සමහර විට නැති වෙන්නත් පුළුවන්.
+ ඔයා කියන්න හදන දේ මට තේරෙනවා. ඒත් අද අපිට ඇති තරම් වෙලාව තියෙනවා.
– හ්ම්. මම ඒ වචන ටික විශ්වාස කරන්නම්.
+ බහින්න. 
– මෙතනින්?
+ ඔව්. ඔයා ඇතුලට යන්නකෝ. මම ටක් ගාල එන්නම්.
– කොහෙද ඔයා යන්නේ?
+ මම එන්නම්. Greens වල ඉන්න ගිහින්. මම එන්නම්.
(හිත කොහෙදෝ ගිහින් අතරමං වෙලා හැගීමක් විතරයි ඒ වෙලාවේ මට දැනුනේ. මම හැල්මේ ඇවිදගෙන යනවා. ලස්සන මල් පෙති වැටුන පාර දිගේ. Greens වලට ඇවිත් මිට මාස 6 කට විතර කලින් අපි වාඩි වුන තැන ඒ විදිහටම මම වාඩි උනා. මතක ගොන්න දිග ඇරුනේ ඊට පස්සේ. එදා හිනා වුන හැටි, උමතුවෙන් කතා කරපු හැටි, ගත්ත ඡායාරුප ගොන්න,,,,,,,,,,,,,,,,, මගේ ඔලුවට උඩින් මේසේ උඩට පාත් උන පුංචි ලස්සන දම් පාට මල් දෙක දිහා මම ගල් ගැහිලා බලාගෙන හිටියා. ආයු මට ඉස්සරහ පුටුවේ ඇවිත් වාඩි උනා.)
– මේ මොනවද?
+ මල්.
– ඔව්. මම දන්නවා. මල් තමයි. ඒත් මේ වෙලාවේ මල්?
+ ඇයි? මල් දෙන්න විශේෂ වෙලාවක් එහෙම තියෙනවද?
– නැහැ. එහෙම වෙලාවක් නම් නැහැ.
+ එහෙනම්?
– නැහැ. මේ වෙලාවේ දම් පාට මල්?
+ ආදරණිය මිනිස්සුන්ට මම දෙන්න කැමති දම් පාට මල්. දම් පාට දකින කොට මට දැනෙන ආදරණිය බව මට වෙන කිසි පාටකින් දැනෙන්නේ නැහැ. 
(මම බය වෙලා, පුදුම වෙලා එයා කියන දේවල් හැමදෙයක්ම එයා ඇත්තටමද කියන්නේ කියල සනාථ කරගන්න මගේ මුලු කන් දෙකයි, මනසයි, ඔක්කොම යොදවල තිබුනේ…)
– ආදරණිය මිනිස්සුන්ට? එතකොට මේ වෙලාවේ මල් ගෙනාවේ කාට දෙන්නද?
+ අනේ ළමයෝ… වෙන කාටද… ඔයාට දෙන්න තමයි. මම ගොඩක් ආදරේ කරන ඔයාට දෙන්න ගෙනාවේ…
(සමහර වචන සමහර මිනිස්සු අපිට කෙලින් කියන්නේ නැහැලු. එයාල ඒ වචන හැගීම් වලින් අනිත් කෙනාට දැනෙන්න අරිනවලු. ඒක මට සැහෙනම දැනුනේ එදා. ඒ මල් දුන්න ළමයට මමත් නොසැහෙන්න ආදරෙයි. ඒක එයාට කියන්න හොඳම විදිහක් මමත් හොයන්න ඕනේ. එයා ඒ දේ මට කිව්වේ මම කැමතිම විදිහට. එයා කැමති විදිහට මාත් ළගදීම එයාට ඒක කියන්න ඕනේ කියල දැනුනා.)
-නිමි-

Written By:

 

 

 

 

Vonara Weerakoon
University of Colombo – Faculty of Technology

Edited By:

 

 

 

 

Rtr. Ushanth Jayakumar
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Sanjana Hirushi
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments