නිමේෂයෙනි පනින්නේ ඔවුන්ගේ රතු කට්ට,
දුන්නෙන් විදූ ඊතලයකි ඒ වදන් පොඩ්ඩ,
ඉන් අහවරයි සිතේ තිබු සියල් සද්ද,
නැත අහවලුන් මෙන් රැස් කළ දූවිලි රොඩ්ඩ!
සැමට සැමවිට නිහඬයි ඔවුන්,
කියන්ට තිබුණත් දහසක් සිටී කටපියන්,
ඒ සිත්වල නොයෙක් සිතුවිලි සඟවමින්;
ජීවත් වෙයි සිනහ වෙවී රඟමින්…
සිදුවන සියල්ලක්ම විහිළුවක්,
අයෙකුගේ කඳුලත් ඔවුන්ට සිනහවක්,
ඉන් අපමණ සිත් රිදවුවත්,
නැත ඔවුන්ට ඉන් කමක්!
සිත පුරා නො නිමි බියෙ න්,
ඊට හේ තුව ඔවුන්වත් නොදනින්,
දිවි ගෙවන්නේ කාටවත් හොරෙන්;
සිතුම් පැතුම් සඟවා රහසින්…
එකිනෙකට වෙනස් ජීවිත පාට මෙතරම්,
මුණගැසෙයි නොවරදවා සැමවිට මට නම්!
පිළිගන්නෙමි ඒවා මන්ද; වර්ණවත් සිතුවම්,
තනි වර්ණ ගැන්වීමකට වඩා නෙතට ඉස්තරම්!
Written By :-
[siteorigin_widget class=”WP_Widget_Media_Image”][/siteorigin_widget]
Zahra Zuhri
(Top 20 nominee)
Wordsville 2.0