2026 වර්ෂය සදහා ජනවාරි මස 03 දිනට යෙදුනු දුරුතු පොහො දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආරම්භ වන්නා වූ අලුත් සහල් මංගල්‍ය යනු මහ කන්නය අවසානයේ නව වසරේ දුරුතු පොහෝ දින ආරම්භව අප්‍රේල් මස ආරම්භයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව අනුරාධපුර ජය ශ්‍රී මහ බොධීන් වහන්සේ හට දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය කරන්නා වූ ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ ප්‍රථම භාගය පූජා කිරීමෙන් අවසන් වන, අතීතයේ සිට පැවත එන්නා වූ බෞද්ධාගම හා බැදුණු ශ්‍රී ලාංකික සංස්කෘතියේ අනන්‍යතාවය විදහා දක්වන්නා වූ සාම්ප්‍රදායික චාරිත්‍ර අංගයකි.

මූලාශ්‍රයන්ට අනුව ක්‍රිස්තු වර්ෂ 1707-1805 මහ නුවර රාජධානි සමයේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් නිල වශයෙන් ආරම්භ කරන ලද්දා වූ මෙම චාරිත්‍රයෙහි මුලාරම්භය සිදු වී ඇත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම වූ අවදියේ සිටය. නමුදු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ක්‍රිස්තු වර්ෂ 1815-1948 දක්වා වූ කාල වකවානුව තුළ බෞද්ධ උත්සව පැවැත්වීමට පැනවූ තහනමත් සමඟ ජාතික වශයෙන් පැවති අලුත් සහල් මංගල්‍යය නතර වූ අතර බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස ලැබූ ක්‍රිස්තු වර්ෂ 1967 දී නැවත රාජ්‍ය අනුග්‍රහය සහිතව ආරම්භවන තෙක් ම භික්ෂූන් වහන්සේලා සහ දළදා මාලිගාවේ දියවඩන නිළ්මෙතුමන් විසින් ශ්‍රී දළදා මාළිගාවෙහි ද ගොවි ජනතාව විසින් ග්‍රාමීය වශයෙන්ද චාරිත්‍ර වාරිත්‍ර අඛණ්ඩව පවන්වාගෙන එනු ලැබ ඇත.
වර්තමානයේදී කෘෂිකර්මාන්ත අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන්නා වූ අලුත් සහල් මංගල්‍යයේදී ජනාධිපතිතුමා විසින් රන් පාත්‍රය පිරවීමේ සංකේතාත්මක චාරිත්‍රය ඉටු කරනු ලබයි.

Written By: –

Dimali Bhagya
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

