ආදරයේ බලාපොරොත්තුව

 

සැබෑ සමාජයට මෑත‍ක‍දි පය තැබු කෙනෙකු ලෙස

සිහින මැවූ ආදරයක් සැබැවින්ම ලබා ගත හැකිද යන පැනය

 හිතේ කොනක පැල පදියම් වි තිබේ…

නැවත කිසිවක් බලාපොරොත්තු නොවී

 හදවත ගැඹුරෙහි වන්නා වූ ආත්මයට

අව්‍යාජ ව ආදරය කරන මිනිසෙක් ගැන සිහින දැකීම

සිහිනයක්ම වේ ද යන්න පැනයකී…

ඔවුන් පවසන්නේ පොත් පිටු අතර සිටිනා

 Fantasy ප්‍රේමවන්තයින්ගෙ වන් ආදරයක්

බලාපොරොත්තු වීම බොලද ක්‍රියාවක් ලෙසයි…

නමුත්  ඒ  fantasy ආදරය කෙතරම් පිවිතුරු ද , කෙතරම් අලංකාර ද කියා

 ඔවුන් දැනුවත්ද යන්න සැකයකි…

එවන් fantasy ආදරයක්ම

කෙතරම් දෙනෙක්

 රහසින් බලාපොරොත්තු වෙනවද යන වගද

 පුදුමයක් නොවේ…

මන්ද යත් හිතේ ගැඹුරෙන්

 සියල්ලන්ටම අවශ්‍ය

තමන් තුළ සැඟවී සිටින

අහිංසක ලමා ආත්මය  සුවපත් කර  

ආදරයෙන් බලා ගන්නා කෙනෙකු බැවිනි.

එවන් ආදරයක් ලැබේද නොලැබේද යන වග

නොදන්නා වුවත්

එය විශ්වාස කිරීම

මාගෙ හදවත තවමත් ආදරය විශ්වාස කරනා බවට

සලකුණකි.

Written By: –

 

 

 

 

Chamodi Pabasara
Faculty of Management and Finance

 

Design By: –

 

 

 

 

Rtr. Pesandi Senawatta
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top