ඒක තමයි ජීවිතය කියන්නේ බන්…

මම අපෙ කතාව අද මෙහෙම පටන් ගන්නම්කෝ. ඔයාට කවදහරි දැනිලා තියෙනවද මේ කැරකෙන ලෝකයේ ඔයා ජීවත් වෙන මනුස්සයෙක් කියලා? ආයෙමත් මම අහනවා ඔයාට දැනිලා තියෙනවද? කවදහරිම ඔයා ජීවත් වෙන මනුස්සයෙක් කියලා? මේකට මට ඕනේ ඔයාගෙන් අවංක උත්තරයක්. ඒකත් ඔයාගෙ කටින් නෙමෙයි හෘදසාක්ෂියෙන්.

ඉතින් එහෙම අහපුවාම ඔයා මට උත්තරයක් දෙයි. ඔව් මම ජීවත් වෙන මනුස්සයෙක් කියලා එහෙමත් නැත්නම් හෘදසාක්ෂිය කියයි ටිකක් නිහඬව ඉදලා “ඇත්තටම මම දන්නේ නැහැ ජීවත් වෙන්න. මට දැන් මෙච්චර වයසක් වෙනවා. ඒත් මම ඔයා ඒ අහපු ප්‍රශ්නයෙන් අතරමං වුණා. මගෙ හදවත ඇතුළෙම. ඇත්තටම මම මෙච්චර කල් ජීවත් වෙලා නැති තරම්. ඔව්, ජීවත් වෙලා නැති තරම්.”මේ පැනයම මම තව කිහිප දෙනෙක්ගෙන් ඇහුවත් දෙන්නේ මට එක එක උත්තර. ඇත්තටම මේ එකම ප්‍රශ්නෙට මිනිස්සු දෙන උත්තර කොහොමද වෙනස් වෙන්නේ?
ඒක එහෙම වෙන්නේ ඔයා ඇත්තටම ජීවත් වෙන්න පටන් අරන් කොච්චර කාලයක්ද සහ ඔයා මේ ඉවක් බවක් නැතුව මේ දුවන රේස් එක පටන් අරන් කොච්චර කාලයක්ද යන සාධක දෙකේ වෙනස් වීම ඔයාගෙ හෘදසාක්ෂියට දැනෙන විදිහ අනුවයි.

ඉතින් මේ ජීවිතය ගොඩක් මිනිස්සුන්ට මග හැරෙන්නේ මේ කාර්‍යබහුල ජීවන රටාව නිසාමයි. ඒත් අපි මතක තියා ගන්න ඕනේ කවදමහරි දවසක අපිත් අඩි 6ක් පොළොව යටින් සදහටම නිදාගන්න යන්න වෙන මිනිස්සු කියලා. ඒ නිසා ඉන්න ටික කාලේ අපි ජීවිතය තුළ ජීවත් වෙන්න ඕනේ.

දවසක් මම tiktok එකේ උඩ පල්ලෙහා යද්දි මම නැවතුනා එකම එක post එකක් ළඟ මොහොතකට. ඒකෙ තිබුණා “අඬපු නැති ඇස්, රිදුණේ නැති හිත් , වැටුණෙ නැති මිනිස්සු මේ ලෝකයේ නැති තරම්” කියලා. ඇත්තටම ඒක තමයි කෙටියෙන්ම ගත්තොත් අපෙ ජීවිතය කියන්නෙම.

දුක සතුට දෙක අපි balance කරන්න උත්සහ කළාට ඒක balance වෙන්නෙම නැති දෙයක්. ඒක අපි හරියට දන්නේ නැතුව මේ ජීවිතය පුරාවටම මේ දුක සතුට දෙක balance කරන්නම මාරම ගේමක් දෙනවා. ඉතින් ඔහොම පොඩ්ඩක් නැවතිලා ඔයාම ටිකක් හිතන්නකෝ මේ දුක සතුට දෙක දෙක balance කරන්න දඟලන මිනිස්සුම මේකට “ජීවිතය” කියලා නමක් තියලා තියෙන හැටි.

ඉතින් එහෙම දුක සතුට balance කරන්න දඟලන මිනිස්සු කියන්නෙම තනියම ජීවත් වෙන්න පුළුවං පිරිසක් නෙමෙයි. ඒ නිසාම අපි එකිනෙකා සමග එක එක සම්බන්ධතා ඇති කරගන්න උත්සහ කරනවා. දෙමව්පියන්, යාළුවෝ, පෙම්වතුන් එක්ක එහෙම.
ඉතින් මේ එක එක අයත් එක්ක අපි ඇති කරගන්න සම්බන්ධතා වලිනුත් ඇති වෙන්නේ අපිව ජීවත් කරවන්න පුරුදු කරන එකයි. සමහර වෙලාවට හැඟීම් ගොන්නක් පොදි ගහගෙන ඒත් ඒ හැඟීම තේරුම් ගන්න බැරි, වටිනාකමක් දෙන්න බැරි මිනිස්සු ඉස්සරහ අපි හැඟීම් දැනීම නැති , හිත් පිත් නැති මනුස්සයෙක් ගාණට අසරණ වෙනවා. තවත් වෙලාවකට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන මිනිස්සු අතරේ සමහර මිනිස්සු අඩුම තරමේ ආදරේවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ දැනෙන විඳවන, විදින හැගීම් කියන්නෙම ජීවිතය උගන්නන්න දිග අරින පොතක් වගෙ.

සමහර වෙලාවට දැනුණු ආදරය ළඟ මිනිස්සු අන්ධ වෙද්දී ඒ දැනුණු හදවත අස්සෙම ආදරය හොයද්දී මිනිස්සු යම් යම් තැන් වල බින්දුවටම අසරණ වෙනවා. ඒත් ඒ දේවල් වලින් අන්තිමේට මිනිස්සු අමතක නොවන පාඩම් ඉගෙන ගන්නවා මුළු ජීවිතේටම.

ඉගෙන ගන්න ළමයෙක් නම් අවුරුදු ගාණක පාසල් ජීවිතය තුළින් ඉගෙන ගන්නෙම නොමැකෙන මතක ගොඩක් එක්කම පාඩම් ගොඩක්. ඒවා වල වටිනාකම වචන වලින් විස්තර කරන්න බැරි තරම්.එතනින් එහාට ගියාටම සරසවිය කියන්නෙම ජීවිතයම උගන්වන තවත් එක සන්ධිස්ථානයක්. ඒ කාලෙ තමයි academic අස්සේ වුණත් පොඩි ජොලියක් දාලා සතුටින් ඉන්න කාලේ. මොකද ඊළඟට රස්සා පස්සේ එල්ලි එල්ලී ගියාම ජීවිතේ තියා අපිට අපිවත් මග හැරෙනවා ඒ කාර්‍යබහුලත්වය නිසාම.

ඒ නිසා හැමෝටම ලේසියෙන් හම්බෙන් නැති campus life එක ඔයාට හම්බුණා නම්,ආයෙත් කතා දෙකක් නැහැ මල්ලී… ඒක විදින්නම ඕනේ. Academic හැමදේම balance කරගෙන ඒකෙන් ගන්න පුළුවන් ඔක්කොම දේවල් ගන්න ඕනේ. ඒකෙන් තමයි අපේ ජීවිත හැදෙන්නේ . හදවන්නේ. සරලව කිව්වොත් “campus කියන්නේ academic විතරක් නෙමෙයි බන්. ඒක විදින්න ඕනේ ජීවිතයක්”.

ඉතින් campus life එකේ ඉදලා ආයෙමත් අපි පොඩි කාලෙට ගියොත් ඒ කාලෙත් අපි කොච්චර දේවල් ඉගෙන ගත්තද? ඉස්සර වැටි වැටී දණ ගගා අපි ඉගෙන ගත්තා කොහොමහරී තමන් තනියම ඇවිදින්න. ඉස්සර ටොකු කකා බැණුම් අහ අහා අපි ඉගෙන ගත්තා අ… ආ… කිය කිය අකුරු ලියන්න.

හැබැයි ඒ ඉගෙන ගත්ත අකුරු වලට එහා ගිහින් අපිට ජීවිතය කියලා දුන්නු ගුරු මෑණිවරු
ගුරු පියවරු ඉන්නවා. ඒ අය තාමත් අපේ හිතේ සදා නොමැකෙන රන් අකුරින් ලියවුණු නම් ගම්.

ඉතින්
ජීවිතය ගැන ගොඩක් කවි, ලිපි ඕන තරම් තියෙනවා ඒත් මටත් හිතුණා ජීවිතය ගැන මම දන්න දෙයක් ඔයාලත් එක්ක බෙදාගන්න.

ඉතින් ඇත්තටම මේ ජීවිතය ගැන නම් ජීවිතය කාලය පුරාවටම අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද අපි හැමෝම ජීවත් වෙන්න මැරෙනකන්ම ඉගෙන ගන්නවා.
ඒ ඉගෙන ගනිද්දී අමතක කරන්න එපා ඔයාගෙ ජීවිතය තුළ ජීවත් වෙන්න. අපේ Heart beat rate එක උච්චාවචනය වෙනවා වගෙ අපිත් ජීවිතය තුළ දැනෙන්න ජීවත් වෙන්න ඕනේ. නැත්නම් කවදහරි දවසක තනියම අඩි 6ක් ගැඹුරු වළට බහින්න වෙන්නේ මහා විලාපයක් එක්ක.

ගෙවුණ අතීතය අයිති අතීතයට. ඒක අපිට වෙනස් කරන්න බැහැ. අනාගතය තාම ඇවිල්ලත් නැහැ. ඉතින් ඇයි ඔයා ඒ ගෙවුණු , නොවුණු දේවල් අස්සේ හිර වෙලා ඔයා ඔයාවම රිද්ද ගන්නේ ?. අපි මේ ඉන්න වර්තමානය තුළ ජීවත් වෙන්න. ඒක හරිම ලේසියි. ලොකු බරක් නැහැ. අනවශ්‍ය පීඩන නැහැ.ඉතින් ඒ වර්තමාන පැය දිගේ ගිහින් වර්තමාන මිනිත්තු දිගේ ඔයා වර්තමාන තත්පර එක්ක වැඩ කරන්න.අපි හැමෝම මේ හිටියට අපි ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. ඉතින් ඔයා මේ ලෝකෙට ඇවිත් වර්තමානය එක්ක ගනුදෙනු කරන්න. ඔයා ඔයාගෙ ජීවිතය තුළ ජීවත් වෙන්න

Written By: –

 

 

 

 

Rtr. Janali Uthpala
(Junior Blog Team Member 2024-25)

Edited By:

 

 

 

 

Rtr. Thisara Kuruppuarachchi
(Senior Blog Team Member 2024-25)

Spread the love
guest


0 Comments
Inline Feedbacks
View all comments