ජාතික ක්‍රීඩා දිනය

ජාතික ක්‍රීඩා දිනය සෑම වසරකම අගෝස්තු 29 දිනට යෙදී ඇත. ක්‍රීඩාව ජීවිතයේ අනිවාර්ය මූලික අංගයකි. ක්‍රීඩාවල  නිරතවීමෙන් විනෝදයක් පමණක් නොව අපගේ සෞඛ්‍යය හා ශාරීරික යෝග්‍යතාවයද වැඩි දියුණු වේ.  ක්‍රීඩාවල නිරතවීම ව්‍යායාම් කිරීම හා සමාන වේ. සමස්ත සෞඛ්‍යය සඳහා ක්‍රීඩා සහ ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම මෙම දිනයේදී අවධාරණය කරයි. ජාතික ක්‍රීඩා දිනය මුලින්ම සමරනු ලැබුවේ 2012 වසරේදීය. ජාතික ක්‍රීඩා දිනය ඉන්දියාව මුල් කරගනිමින් බිහිවූ බව ඉතිහසයේ සඳහන් වේ. ඉන්දියාවේ ජාතික ක්‍රීඩා දිනය සමරනු ලබන්නේ හොකී ක්‍රීඩක මේජර් ධ්‍යාන් චාන්ද්ගේ උපන් දිනය යෙදෙන අගෝස්තු 29 වැනිදාය. 1928, 1932 සහ 1936 වසර වලදී ඉන්දියාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ හොකී ක්‍රීඩක මේජර් ධ්‍යාන් චාන්ද් සිංගේ උපන්දිනය අදට(අගෝස්තු 29) යෙදී ඇත. ඔහු 1926 – 1949 (ඔහුගේ ස්වයං චරිතාපදානයට අනුව, ඔහුගේ සමස්ත ක්‍රීඩා දිවිය තුළ ගෝල 400ක් රැස් කළේය).ජාතික ක්‍රීඩා දිනයේ මූලික අභිප්‍රාය වන්නේ ක්‍රීඩාවේ වැදගත්කම සහ එදිනෙදා ජීවිතයේදී ශාරීරිකව ක්‍රියාශීලී වීම පිළිබඳව දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීමයි. ජාතික ක්‍රීඩා දිනයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා විවිධ රටවල් විවිධ වැඩසටහන්, සම්මන්ත්‍රණ ආදිය සංවිධානය කරයි. FIT ඉන්දියානු වෙබ් අඩවියට අනුව, මෙම දිනය සමරනු ලබන්නේ ක්‍රීඩාවේ සාරධර්ම, විනය, නොපසුබට උත්සාහය, ක්‍රීඩා ආත්මය සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කිරීම සහ ක්‍රීඩාවට යොමු වීමට සහ එය අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කිරීමට මහජනතාව දිරිමත් කිරීම සඳහා ය.ඉන්දියාව වැනි රටවල් ක්‍රීඩාවෙන් ගත් විට ශ්‍රීලංකාවට වඩා බොහෝමයක් ඉදිරියෙන් සිටී. මෙයට හේතුව ශ්‍රීලංකාව තුළ ක්‍රීඩාව සඳහා එතරම් වටිනාකමක් නොමැති වීමයි. ශ්‍රීලංකාවේ අදාල  නිලධාරීන්ගේ පරිපාලනමය දුර්වලතා මෙයට හේතුව බව පෙන්වා දිය හැකිය. රටක අභිමානය ලෝකයක් ඉදිරියේ සනිටුහන් කිරීමට ක්‍රීඩාව ඉතා වැදගත් වන අතර ක්‍රීඩාවට සිදු කරනු ලබන ආයෝජන අපතේ යාමක්ද නොවේ. මන්ද යත් සෞඛ්‍ය සම්පන්න සාමජයක් සහ අභීමානවත් රටක් බිහි කිරීමට ක්‍රීඩාව අඩිතාලමක් වන බැවිනි.

Written By: –

 

 

 

 

Rtr. Rusiru Dhananjaya
(Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Naduni Premathilaka
(Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments