දැනෙන හිත් – 02

 

එදා  මම පුදුම තරමේ කාර්ය බහුල දවසක්. උදේ ඉදන් lectures වලට ඉදලා  සැහෙන වෙහෙසට පත් වෙලයි මම හිටියේ. කෑම කන්න විතරක් මම එකතු වෙන යාලුවෝ  කට්ටිය ලගට ගිහින් හිනා  වේවි කෑම කැවා. නැවත හවස දේශන තිබුන නිසා  කෑම කාපු ගමන් දේශන ශාලාව හොයා ගෙන යන්න පිටත් උනේ යාළුවන්ට සමු දීලා., කොහෙන්දෝ  කොනකින් මගේ නම කියනවා  ඇහිලා  නැවත හැරිලා  බැලුනා  ඉබේටම මට. කාලෙකින් මම මුණ ගැහෙන්න බලාපොරොත්තුවෙන් හිටපු මගේ පරණ යාලුවෝ  දෙන්නෙක්.
++ හලෝ  ඉන්දු… කොහොමද?
– අනේ.. ඔයාලව හම්බවෙනවා නම් හොදයි කියල මම හිත හිත හිටියේ.. මෙයා නම් ආවේ නැනේ ගිය සතියෙම. ඔයාවත් හම්බවෙන්න බැරි උනානේ මට.
++ ඔව්. ඒක තමයි. දැන් ආයිමත් lectures ද?
– ඔව්. අද දවසම lectures වල හිර වෙලා  මම ඉන්නේ. (එහෙම කියන ගමන් මගේ මුහුණේ ඇදුනේ තෙහෙට්ටු සහගත හිනාවක්.)
++ හරි. එහෙනම් ඔය දෙන්නා  කතා  කරලා  bike නවත්වලා  තියෙන තැනට එන්න. මම එතන ඉන්නම්. 
– ඉතින් මමත් lecture hall එකට යන්නේ ඒ තැන පහු කරගෙන තමයි. මේ ගමන් යන් ඉතින්.
+ ඉන්දු……
මේ තරම් වෙලාවක් නිහඩ වෙලා  හිටපු ඔහු කතා  කරන්න පටන් ගත්තේ දැන්. වෙනදා  වගේම හිනා  වෙලා  ඔහු දිහා  බැලුවත් මගේ මුහුණේ තිබුනේ පුදුමයෙන් බලපු බැල්මක් වෙන්න ඕනේ.
+ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.
(මම පුදුම උනා. ඇත්තටම මම පුදුම උනා සැහෙන්න. හැමදාම වගේ දුරකතනයෙන් එන කෙටි පණිවිඩ වල තිබුන දෙයක් තමයි – අපි මුණගැහිලා මේ දේවල් ගැන කතා කරමු, වෙලාවක් අරගෙන කතා කරමු, මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා මේ දවස් ටිකේ වෙච්ච, අපි හම්බෙලාම ඒ ගැන කතා කරමු. – වගේ දේවල්. එත් අපි මුණගැහුනම කිසිම දවසක ඒ කිසිම දෙයක් ගැන කතා කලේ නැ. විනාඩි දහයකට වගේ සිමා උන අපේ මුණ ගැසීම් ඒ මොහොත ගැන කතා කරලා හැමදාම නිහඩ උනා.) (ඒත් අද මට ඇහුන ඒ වචන කිහිපය ඇතුලේ ඒ ස්වරය ඇතුලේ කියන්න නම් ගොඩක් දේවල්, විශේෂ දේවල් තියෙනවා කියල දැනුනා.)
– ඔව් ආයුෂ් කියන්න. 
+ මට ඔයත් එක්ක තනියම කතා කරන්නයි ඕනේ.
++ හරී. ඔය දෙන්නා කතා කරලා bike තියෙන තැනට එන්න. මම එතන ඉන්නම්.
අපි දෙන්නා, දෙතුන් දෙනෙක් විතරක් ඉදගෙන හිටපු ආපන ශාලාවේ තනි උනා.
– ඉතින්, කියන්න.
(වෙනද මගේ ඇස් දෙක දිහාම විතරක් බලාගෙන කතා කරපු ඔහු අද කලබලයි. ඔහුට අපහසුවක් දැනෙයි කියල හිතිල මමත් මගේ ඇස් ආපන ශාලාව දෙසට යොමු කළා.) ඔහු කාලයක් මගේ හොදම යාළුවා. මොකක්දෝ හේතුවක් නිසා අපිට දුරස් වෙන්න උනා. ඒ හේතුව අදටත් මම තාම හොයනවා. විශ්ව විද්‍යාලය පටන් ගන්න කලින් දිනපතා කෙටි පණිවිඩ යොමු කර ගත්තු අපි දෙන්නම ඒ දේවල් වලින් ඈත් වෙලා, කතා කරන එක අඩු කරලා ආධුනිකයන් වගේ හැසිරුනා.
+ මම campus එන අන්තිම දවස අද වෙයි බොහෝ දුරට.
උගුරේ මොකක්දෝ හිර වෙලා එක් ක්ෂනයකට මට කතා කරගන්න අමතක උනා වගේ හැගීමකින් හිත පිරිලා ගියා. මට ඒ මොකක්ද දැන් ඇහුනේ? ඔහු දිහා බලන්න තවත් ප්‍රමාද කරපු මම මගේ මුහුණේ ඇදිලා තිබුන පුදුම සහගත බව, බය, දුක, මේ හැගීම් ඔක්කොම අයින් කරලා සාමාන්‍ය තත්වයට පත් කර ගත්තා.
– ආආආ… එහෙමද? කොහේ හිටියත්, කොහේ ගියත් ඔයාගේ වැඩ ටික හොදට කරගනන්වා කියලා මම දන්නවා. ඔයා සාර්ථක වෙලා ඔලුව උස්සපු දවසට කොන්ද කෙලින් තියා ගෙන හොඳ තීරණ ගන්න, මිනිස්සුන්ට උදවු කරන්න.
කොහෙන්දෝ ආපු වචන වගයක් මගේ කටින් එලියට ගලාගෙන ගියා. 
– මම දැන් යන්නම්. දැන් ගියේ නැත්නම් lecture එකට පරක්කු වෙනවා. පරිස්සමින් සතුටින් ඉන්න. මොකද මම ඔයාගේ හිනාවට ගොඩක් ආදරෙයි! බුදු සරණයි!
ඔහුගේ මුහුණ දිහා ආයිමත් බලලා සිහින් හිනාවක් මුහුනෙම තියාගෙන මම එතනින් ඉවත් උනා. Canteen එකේ ඉදලා lecture hall වලට යන්න තියෙන්නේ bike නවත්වන තැන පහු කරගෙන. අනිත් යාළුවා තාම එතන ඉන්නවා දැකලා වික්ෂිප්ත වෙලා හිටපු මම එතනට ගියා. 
– ඔයා ගියේ නැද්ද තාම? 
++ නැහැ. ආයුෂ් එනකම් හිටියේ මේ. ආආආ… මේ එන්නේ… 
ඔහුත් මගේ පිටුපසින්ම නිහඩව ඇවිත් කියලා මම දැක්කේ ඒ මොහොතේදී.
– එහෙනම් ඔයාල දැන් යන්න. මමත් දැන් යන්නම්.
+ ඉන්දු… (අයුෂ්ගේ හඬ නිසා මම ආයිමත් නතර උනා.) මම ඔයාට ආදරෙයි! 
ඒ වචන කිහිපය මගේ ඇඟ ඇතුලෙම කොහෙදෝ ගිහිල්ලා වැදුනා. ආයිමත් එලියට අවෙත් නැහැ. මම එලියට එන්න දුන්නෙත් නැහැ. ඒ මොහොතේ මට අවශ්‍ය උනේ ඔහු දිහා බලාගෙන ඉන්න විතරයි. මම බැලුවේ ගයාන් දිහා විතරයි. 
මමත් ඔයාට ගොඩක් ආදරෙයි!
ඒ වචන කාලයක් හරි අමාරුවෙන් හිතේ හිරකරගෙන තිබුන වචන ටිකක්. මට නැවත හිතන්න කාලයක් අවශ්‍ය උනේ නැහැ. ලද අවසරයෙන් ඒ වචන කිහිපය පිට කරලා හරි අහිංසක විදිහට හිනාවෙන්න විතරයි ඒ මොහොතේ මට කරන්න පුළුවන් උනේ. 
– ඔයාගේ හිනාවට වගේම ඔයාටත් මම හරි ආදරෙයි ළමයෝ!
නැවත නැවත ඒ වචන මට කියන්න අවශ්‍ය උනා. ඇත්තටම මම ඒ දේ කිව්වා කියල සහතික කරගන්න උවමනා උන නිසා.
+ ඉන්දු… මට ඇත්තටම සමා වෙන්න. මේ දේ මිට ගොඩක් කලින් ඔයාට කියන්න මම හිටියත් ඒ දේ කියන්න මම ප්‍රමාද උනා. මම කාලය ගොඩක් නාස්ති කරලා තිබුනා. හැබැයි ඒ කාලය පුරාවටම ඔයා ගැන හිතුවා. ඒ වගේම සැලසුම් කළා.
– ඒ කාලය, නාස්තියක් වෙන එකක් නැහැ කවදාවත්ම. 
+ ඉන්දු… මට එක දෙයක් පොරොන්දු වෙන්න ඔයාට පුලුවන්ද?
– කියන්න ආයුෂ්… මට කරන්න පුළුවන් දෙයක් නම් මම අනිවාරෙන් ඒ දේ වෙනුවෙන් ඔයාට පොරොන්දු වෙන්නම්.
+ පළවෙනියටම එක සැරයක් මට ආයු කියල කතා කරන්න. ඉස්සර ඔයා කතා කරනවා වගේ. (මට හිනා ගියා, ඉස්සර තිබුන ලස්සන දවස් මතක් වෙලා.)
– ආයු… කියන්නකෝ ඉතින්…
+ මම ආපහු එනකන් ඔයාට මම වෙනුවෙන් ඉන්න පුලුවන්ද? ඔයාට ඒ දේ පොරොන්දු වෙන්න පුලුවන්ද? 
(ඒ ඇස් කදුළු වලින් තෙත් වෙලා තියෙනවා පලවෙනි වතාවට මම දකින්නේ එදා.)
– ආයු… ඔයා මගෙන් මේ වෙලාවේ ඒ දේ ඉල්ලුවත් නැතත් මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. ආයිමත් කවදාහරි දවසක ඔයා මගේ ඇස් දෙක ඉස්සරහට එනකන් මම බලන් ඉන්නවා. ඔයා එදාට කොහොම ආවත්, මොන තත්වෙක හිටියත් මම ඔයත් එක්ක හිටපු, මේ දැන් ඉන්න ඉන්දු ම තමයි. ඒ දේ වෙනස් වෙන්නේ නැහැ.
-නිමි-

Written By:

 

 

 

 

Vonara Weerakoon
University of Colombo – Faculty of Technology

Edited By:

 

 

 

 

Rtr. Pamodi Hewawasam
(Junior Blog Team Member 2023-24)

Edited By:

 

 

 

 

Rtr. Nawodi Thathsarani
(General Member 2023-24)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments