එකම කණ්ඩායමේ ළමයි ටීචර් කළුලෑල්ලේ දාපු කවිය පන්තියේ පිටිපස්සෙම ඉඳන් කියවනකොට මමත් ඒක එයාලා එක්කම ලස්සනට තාලෙට කියෙව්වා. හොරට කට හොල්ලන්නෙ නැතිවග ටීචර් ඒකට ගොඩක් හොඳ කිව්වා අදටත් මට මතකයි. ඒ දෙක වසරේ. හොඳටම පෙනුන ඇස් දෙකක් තිබ්බ නිසා මට පුළුවන් වුණා පන්තියේ ඕනම තැනක වාඩි වෙන්න. කොහේ හිටියත් මට බෝඞ් එකේ අකුරු හඳ වගේ පැහැදිලිව පෙනුනා. ක්ලාස්වල ගොඩක් ළමයි වාඩි වෙන්නේ පිටිපස්සේ පේළිවලනේ. මාත් ඉතින් එතනට ගිහින් වාඩි වෙනවා. නැත්තම් කව්රුවත් නැති ඉස්සරහා පුටුවල තමයි ඉන්න වෙන්නේ තනියම. එතකොට ළමයි හිතනවා හරිම ආඩම්බර කෙල්ලෙක් කියලා. ඉස්කෝලේල ක්ලාස් එහෙම ඉවර වෙලා බස් එක එනවා දුර ඉදන්ම පේනවා හොඳට. ඉතින් දුර තියලම බස් එකට නගින්න මං අම්මායි නංගී එක්ක ලැස්ති වෙනවා බර බෑග් එකත් තද කරගෙන. ළඟට එනකම් හිටියම සෙනඟත් එක්ක පොරකාගෙන තමයි නගින්න වෙන්නේ. එතකොට ඇතුළට යද්දී බෙල්ට් එකල රිබන් එක වගේ කෑලි හොයාගන්නත් නැහැ.
මොනවා නැතත් වෙඩින්, අනිත් උත්සවවලට නම් අඩුවක් නැහැ. ඒවාට ලැස්ති වෙන්න ගියාම ඊට වඩා එපා වෙනවා. කැඩපතෙන් හැතැම්මක් විතර ඈතින් ඉඳන් තමයි ලෑස්ති වෙන්න වෙන්නේ සම්පුර්ණයෙන් මගේ ලස්සන දකින්න. ඒක අවුලක් නැහැ. කොහොමහරි වැඬේ කරගන්නවා. වෙන විනෝද ගමනක් එහෙම සෙට් වුණොත් හොඳ ගැම්මට සන් ග්ලාස් එකකුත් දාන්න ඕනේ. ඒ ඒ තැනට ඒ ඒ විදිහට එපැයි යන්න.
කොහොමහරි ඔන්න එලෙවෙල් ඉවර වෙලා රිසල්ට් එනකම් ජොබ් එකකට යන්න තීරණය කරලා සෙට් වෙයි කියල හිතපු ජොබ්වලට අයදුම් කළා. කොහෙන් ආපු වාසනාවක් ද දන්නේ නැහැ, මාසයකින් ඒකත් සෙට් වුණා. හිටපු පොඩිම එක්කෙනා විදිහට එයාලා මාව ගොඩක් හොඳට බලාගත්තා. නිවුන්නෙක් වුනත් විනාඩියකින් ගෙදර වැඩිමලා වෙච්ච මට එහෙ අක්කා කෙනෙක්, අයියලා තුන් දෙනෙක් ලැබුණා. අපේ සීට් ටිකක් ඈතින් ඈතින් ඈතින් තිබ්බේ. කියන්න දේවල් ගොඩක් තිබ්බත් ළඟට ඇවිත් විටින් විට කතා කරන්න බැරි නිසා අපි ඉන්න තැන ඉඳන්ම හෙමින් කට හොල්ලලා අත පයෙන් කතා කළා. ඒ සංඥා භාෂා හොඳටම තේරුණේ මට. මොකද ඒවා කොයිතරම් දුර ඉඳන් කළත් මට යසට අකුරටම පෙනුණා. ඔහොම වැඩ කරන් යද්දී තමයි එකපාරට කොහෙන්ද මන්දා කොරෝනාවක් ලංකාවට ආවේ. එච්චර කල් ලස්සනට හැඩවැඩ දාගෙන හිටපු අපිට මාස්ක් එකක් එක්කනේ ඉන්න වුනේ. ඒක දාපුවම අපිට මුලදී හුස්ම ගන්න නිකන් අමාරුයි වගේ විතරනේ තිබ්බේ. අපේ සෙට් එකේ හිටියා කණ්නාඩි දාපු අයියා කෙනෙක්. එයාට මේ මාස්ක් එකත් එක්ක පේන්නේ නැතුවත් යනවා විටින් විට. එයා මාත් එක්ක දවසක් කිව්වා ඇයි එහෙම වෙන්නේ කියලා. එළියට හුස්ම ගන්නකොට මාස්ක් එක නිසා කණ්ණාඩියේ මීදුම බැදෙනවාලූ. ආයෙත් ඇතුළට හුස්ම ගන්න කොට නැති වෙනවාලූ. කට්ටිය හිනා වුණාට ඒකෙත් ඇත්තක් තියෙනවා කියලා මට පස්සේ තේරුනේ. චුට්ටක් හිතන්න, කණ්ණාඩියත් එක්ක මාස්ක් එකත් එල්ලගත්තම හොඳ ගණන්. යන්තම් මට නම් එහෙම අවුලක් නැහැ. අර ඉඳල ඉඳල වැඩ හිර වෙච්ච දවසක කණ්ණාඩියකුත් එක්ක ඔය කොම්පියුටර් තිරය දවසම බලන් ඉඳල ඔලූව කැක්කුම ගත්තම දවසේ ඉතුරු වැඩ ටික කරගත්තා වගේ තමයි. ඒවා ඉතින් මට අදාළ නැහැ මේ යහතින් තියෙන අස් දෙක නිසා.
ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. ඔයාට ඒ ඇස් හතර ස්ටයිල් එකක් විදිහට පෙනුනට, එයාට ඒක එහෙම නෙමෙයි වෙන්න ඇති. ඔයා අහන ඇස් පේන්නේ නැද්ද?’ කියන වචන තුන ඔයාට නිකන්ම නිකන් වචන තුනක් වුණාට එයාට ඒක ඊට වඩා රිදෙන්න පුළුවන්. ඒක ඔයාට නිකන්ම නිකන් කණ්නාඩියක් වුනාට එයාට ඒක එයාගෙම කොටසක්. හරියට ඔයාට ඔයාගේ ඇස් දෙක වගේ!
ඔබ දකිනා දුර බොඳයි මේ නෙතට,
සැහැල්ලූ මුහුණත් මේකෙන් පොඞ්ඩක් බරයි මට,
බැරිය ඔබ මෙන් දෙනෙතින් ම ලොව දකින්නට,
නමුත් සිත සතුටිනිත අඳ නොවුණට…
Written By:-
Rtr. Zahra Zuhri
(Co-Editor 2022-23)