මිනිසුන් විදිහට අපට එකම ස්ථානයකට වී ජීවත් වීමට අපහසුයි. අධ්‍යාපනික කටයුතු, රැකියා කටයුතු, විනෝදාස්වාදය හා සෞඛ්‍ය සේවා ආදී බොහෝ අවශ්‍යතා සඳහා අපිට නිවසින් පිටව යාමට සිදුවෙනවා. එවැනි අවස්ථාවල මාර්ග ආරක්ෂාව පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වන්නේ නිවසෙන් පිටවී ගිය අයෙකු නැවත කරදරයක් නොවී නිවසට පැමිණ පවුලේ අය සමග එකතුවීමට ඇති අවස්ථාව නොලැබී යාමට මාර්ග අනතුරු හේතුවක් විය හැකි නිසයි. මෑතක දී බස් රථ පෙරළීමෙන් සිදුවූ දරුණු අනතුරු ඊට සෝචනීය උදාහරණයකි.
ශ්‍රී ලංකාවේ වසරකට සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් හා බරපතල තුවාල ලැබූ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක්ද මාර්ග අනතුරු හේතුවෙන් වාර්තාවේ. දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු අවම කර ගැනීමට රියදුරන්ට, පදිකයන්ට මෙන්ම රටේ පාලන අධිකාරියට ද සැලකිය යුතු කාර්යභාරයක් හා වගකීමක් පවතී.
![]()
මාර්ග භාවිතයේදී පරිස්සම් සහගත ලෙස කටයුතු කිරීම මාර්ග ආරක්‍ෂාවට හේතුවේ. කුඩා කාලයේ අප ඉගෙන ගෙන ඇති දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනටම මාරු වෙන්න යන කවියෙන් කියැවෙන්නේ පාර මාරුවීමේදි සිදු විය හැකි අනතුර වළක්වා ගැනීමට ගත හැකි සරල පියවරකි.
රියදුරන් වශයෙන් බීමත්ව රිය නොපැදවීම, අධික වේගයෙන් රිය නොපැදවීම,රාත්‍රියේ රිය පැදවීමේදී නිදිමත ගතියක් දැනෙන විට රිය පැදවීම මඳක් නතර කිරීම, මාර්ග සංඥා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම ආදිය අනුගමනයෙන් රිය අනතුරුව අවම කර ගැනීමට දායක විය හැක.
මිනිස් ජීවිතය යනු එක් වරක් පමණක් විඳීමට ලැබෙන වටිනා අවස්ථාවකි. එවන් වටිනා ජීවිතය ආරක්ෂා කර ගැනීම අපගේම වගකීමකි. එබැවින් මාර්ග භාවිතයේ තම තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේද ජීවිත හා දේපළවල ආරක්ෂාව පිළිබඳ අවබෝධයකින් යුතුව ප්‍රවේශමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

Written By: –

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Umesh Eranda Pannilavithana
(Senior Blog Team Member 2025-26)
