ලෝක උරුම දිනය යනු සෑම වසරක්ම පාසා අප්‍රේල් 18 වැනි දින ලෝ විසින් අතීත උරුමයන් සිහිකරමින් සමරන දිනයකි.එම දිනය අනෙකුත් දේවල් අතරින් විශේෂ වන්නේ ලොව පුරා පිහිටා ඇති ලෝක උරුමයන් මෙන්ම අතීත මුතුන්මිත්තන් විසින් නිමකළ විස්මිත නිර්මාණ සිහිකිරීමට වෙන් කර තිබීම නිසාවෙනි.සංස්කෘතික හා ඉතිහාසමය වශයෙන් පැරැණ්නන් විසින් අපේ අනාගත පරපුර වෙනුවෙන් වෙන් කළ දේවල් සිහිකිරීමට මෙම දිනයේදී සිදුකරන වැදගත් කර්ත්‍යවයකි.එසේම එම උරුමයන් රැක ගැනීම වෙනුවෙන් ගත යුතු නිසි පියවර තීරණය කිරීමද මෙම දිනයේදී සිදුකරන වැදගත් දෙයකි.ආගමික ස්ථාන,පෞරාණික ස්ථාන,සංස්කෘතිකමය වශයෙන් වැදගත් නිර්මාණ වැනි දේ මෙම ලෝක උරුමයන්ට අයත් දේවල් ය.මිනිස් ඉතිහාසය තුළ ඉදිවූ මෙම නිර්මාණ අපගේ මුතුන් මිත්තන්ගේ හැකියාව මනාවට ඔප්පු කරන්නකි.යුනෙස්කෝ සංවිධානය යනු මෙම ලෝක උරුම ආරක්ෂා කිරීමට,ප්‍රතිසංස්කරණය කිරීමට වෙන්වූ ලෝක සංවිධානයයි.ඔවුන්ගේ මූලිකත්වය යටතේ ලෝක උරුම රැකගැනීමේ ක්‍රියාවලිය දිවයයි.එමෙන්ම මෙම උරුමයන් අයිති රටවල් මේවා රැකගැනීමය දරන උත්සාහයත් අගය කළ යුතුමය.එමෙන්ම ස්භාවික ආපදා වලින් සිදුවන හානියත් මෙම උරුමයන් වලට පවතින දැවැන්ත තර්ජනයකි.භූමිකම්පා එයට හොඳම උදාහරණයකි.
මෙම උරුමයන් රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි දේවල් රාශියක් පවතියි.එම ස්ථාන වලට පැමිණි පසු පා සටහන් හැර අනෙකුත් දේවල් නොතියා පිටවන්නට අප දැනගත යුතුය.එමෙන්ම ඒ පිළිබඳම ප්‍රජාව දැනුවත් කිරීමද අපට මේවා රැකගැනීමට සිදුකළ හැකි තවත් දෙයකි.එමෙන්ම මේවා රැකගැනීමට පෙළගැසෙන සෑම සියලු දෙනාටම හැකි පමණින් උදව් උපකාර කිරීම අප කළ යුතු දෙයකි.මෙවැනි කුඩා කුඩා දේවල් වලින් අප සිතනවාට වඩා දෙයක් කළ හැකිය.
එම නිසා කුඩා පියවරෙන් පටන් ගමු.එය විශාල පියවරක් කරා දියුණු කිරීම එමඟින් සිදුකළ හැකිය. ලොව පුරා විහිදී සංස්කෘතික උරුමයන් මතු මිනිස් පරපුර වෙනුවෙන් රැකගැනීම අපගේ යුතුකමකි.
Written By: –
Rtr. Kavindu Jayawardhana
(Prospect Member 2024-25)
Edited By: –
Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)