ලෝක මව්වරුන්ගේ දිනය

ගමට කලින් හිරු මුළුතැනගෙට වඩනා..

ඒ හිරු එළියෙන් නැණ මල් පොඩි පිපුණා ..

ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..

කලා වැවේ නිල්දියවර අපෙ අම්මා….

මෙලොව එළිය දුටු දින පටන් අපේ සෙවනැල්ල රැකවරණය අපේ ආලෝකයයි අම්මා. රුහිරු කිරට හරවා අප නැළවූයේ අම්මා යි.

ලෝක මව්වරුන්ගේ දිනය මැයි මාසයේ දෙවන ඉරිදා දිනට යෙදී තිබේ . මෙවර එය මැයි 10 වන ඉරිදාට යෙදී තිබෙන අතර මව්වරුන්ට ගෞරව දැක්වීමට, ඔවුන්ගේ අසීමිත ආදරය හා කැපවීම අගය කිරීමට සැමරෙන විශේෂ දිනයකි. අම්මාවරුන් වෙනුවෙන් එක් දිනයක් වෙන් කිරීම ප්‍රමාණවත් නොවේ. නමුත් කාර්යබහුල සමාජය හමුවේ මව්වරුන්ගේ ආදරයට වැඩි වටිනාකමක් එක්කිරීම ට එම දිනය විශේෂයෙන් නම් කර තිබේ.

නමුත් ආකල්ප මගහැරුණු අද සමාජයේ තම මවට හිරිහැර පීඩා කරමින් වැඩිහිටි නිවාසවල තනිකර දමා යන පුවත් පවා අසන්නට ලැබීම කණගාටුවට කරුණකි.

මාධ්‍ය නාලිකා සහ විවිධ සංවිධාන මගින් මව්වරුන් ගේ දිනය සදහා විවිද උත්සව සංවිධානය කරනු ලබන අතර ආදරය පෙන්වීමෙන්, ගෞරවය දැක්වීමෙන් හා

ඔවුන් සමඟ කාලය ගත කිරීමෙන් අම්මාගේ අසීමිත ආදරයට කෘතඥතාව පළ කිරීම දරුවන් ගේ  යුතුකමයි.

මවක වූ දා පටන් දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැපකරමින් අසීමිත ස්නේහය පුද කරන මහමායාවයි අම්මා…   ගෙවා නිම කළ නොහැකි අසීමිත ප්‍රේමයයි අම්මා…

Written By: –

 

 

 

 

Rtr. Chamodya Anushani
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top