හිනාවෙලා ඉන්න

 

සිනහව කියන්නේ අපි හැමෝවම ලස්සන කරන්න පුලුවන් දෙයක්. අපි හැමෝවම ලස්සනට තියන්න පුලුවන් දෙයක්. අපේ මුහුණේ තියෙන ඉරියව් වෙනස් කරන්න පුලුවන් දෙයක් හිනාව කියන්නේ. එකට ඇලිලා ගැලිලා තියෙන මස්, ලේ, නහර ලිහිල් කරන්න අපේ එකම එක පුංචි හිනාවකට පුලුවන්. ඒ පුංචි හිනාව අපේ මුලු දවසම සතුටෙන් තියන්න පුලුවන් එකක් වෙන්නත් පුලුවන්. හැබැයි කෙසේවෙතත් අපි පිළිගන්න ඕනේ සත්‍යය තමා 2024 වන විටත් ලෝක ජනගහණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් මේ ගතවන මොහොතේ පවා සතුටෙන් නොසිටින බවයි. රැකියා පීඩනය, ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, කළකිරීම්, හිත් රිදීම්, කඩා වැටීම් හෝ වෙනයම් ඕනේම ගැටලුවක් අස්සේ මේ වෙලාවෙත් මේ ලෝකේ කවුරුම හරි හිර වෙලා ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්න මැද්දේ ඇත්තටම අපිට සතුටෙන් ඉන්න පුලුවන් ද? සතුට කියන දේ ළඟාකරගන්න පුලුවන් ද? 2024 වර්ෂයේ මෑතකදී නිකුත් වුන ලොව සතුටු දර්ශකයට අනුව එහි පළවෙනි ස්ථානය හිමිවෙලා තියෙන්නේ හැමදාමත් වගේ ෆින්ලන්තයට. ඒ මුලු ලකුණු දහයෙන් 7.74 ක් අරගෙන. ෆින්ලන්තය කියන්නේ ලෝකේ සතුටින්ම මිනිස්සු ජීවත් වෙන ලස්සන රටක්. සෑම සමීක්ෂණයකින්ම පාහේ මේ වෙනකොට ඒක හෙළිවෙලා තියෙනවා. ඔවුන් හැමෝටම කතාකරන්නේ ඔවුන්ගේ පළමු නමෙන්. රැස්කරගන්න භෞතික දේවල් වලට ඔවුන් විශාල අවධානයක් දෙන්නේ නෑ. ළඟ තියෙන දේවල් වලින් සතුටු වෙලා ඉන්න පුලුවන් සරල ජීවිතයක් ගතකරන්නේ. මේවා කියනකොට ඔබට මේ වෙලාවේ මතක් වෙනවා ඇති මේ දර්ශකයේ ශ්‍රීලංකාව සිටින්නේ කොයි ස්ථානයේද කියා. ශ්‍රීලංකාවට මෙහි හිමිවෙලා තියෙන්නේ 128 වෙනි ස්ථානය. ඒ මුලු ලකුණු දහයෙන් 3.9 ක් අරගෙන. කොයිතරම් අභාග්‍යක්ද ?කෙසේවෙතක් මෙම ලෝක සතුටු දර්ශකය නිර්ණායක හයක් පදනම් කරගෙන සිදුකරයි. ඒවා නම් දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහය, ජීවන පැවැත්ම, තීරණ ගැනීමේ නිදහස, සාමාන්‍ය ජනගහණය, අභ්‍යන්තය හා බාහිර දූෂණ, වංචා වේ. 2024 දී මෙම දර්ශකයේ පළමු ස්ථානය තුන පිළිවෙලින් ෆින්ලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය හිමි කරගෙන තිබෙන අතර පහළම ස්ථානයට හිමිකම් කියන්නේ ඇෆ්ගනිස්තානය. ලොව සතුටු දර්ශකයේ කියවීමට අනුව බොහොමයක් උතුරු ඇමෙරිකානු රටවල් මෙම දර්ශකයේ ඉහළ ස්ථාන හිමිකරගන්නවා. ඒ ඔවුන් සතුව තිබෙන ඉහළ ගුණත්වයෙන් යුක්ත ජීවත්වීමේ රටාව සහ එම රටවල් සතුව පවතින හරවත් සමාජ පද්ධතිය නිසායි. ෆින්ලන්තයේ තිබෙන සමාජ ක්‍රමය මෙන්ම ඔවුන්ටම විශේෂ වූ අධ්‍යාපනය සංස්කෘතිය ෆින්ලන්තය මෙහි ඉදිරියෙන්ම සිටින්නට බොහෝලෙස බලපා තිබේ. අපේ රටට මෙහිදී හිමිව ඇති ස්ථානය දෙස බලන විට එය කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැක්කකි. දූෂණ වංචා, යහපත් ජීවන පැවැත්ම, දළ දේශීය නිෂ්පාදිතය වැනි කරුණු මත එළඹනු ප්‍රතිඵල මත පදනම් වූ කල අප මෙහි 123 ස්ථානය හිමි කරගෙන සිටින්නේ බලාපොරොත්තු රහිතවය. පසුගිය දශකය පුරාවට ශ්‍රීලාංකිකයන් සතුටෙන් සිටියේ නැත. එසේ සතුටින් සිටීමට ඔවුන්ට සාධාරණ හේතුවක් තිබුනේත් නැත. එදා මුහුණට ආව හිනාව ඒ අවස්ථාවට පමණක් සීමා වුණ මිස එය අද කියා වෙනසක් නොමැත. කණගාටුවට කරුණ නම් හැමදේම අඩුවක් නොමැතිව තිබෙන රටේ මිනිසුන්ගේ සතුට නොතිබෙන්නේ මන්ද කියායි. නිකන්ම නිකන් හිනාවකට බෑ ඔබව සතුටෙන් තියන්න. ඒකට හදවතේ සතුට කියන දේත් වුවමනායි. කෙසේ හෝ ලොව සතුටෙන්ම සිටින ජාතියක් බවට පත්වීමට දුකින් ඉන්න මුහුණ ටිකකට සැහැල්ලු කරගෙන හැමදාම හිනාවෙන්න උත්සාහ කරන්න. හැම උදේම නොදන්න කෙනෙකුට උනත් හිනාවෙන්න, සමහරවිට ඒ හිනාව ඔහුගේ හෝ ඇයගේ මුලු දවසම දීප්තිමත් කරන්නට හේතුවක් වෙන්න පුලුවන්.  හැමවෙලේම හිනාවෙලා ඉන්න. ඒකට ඔබට කිසිම මුදලක් වැයවෙන්නේ නෑ. හැමදේම ගෙනියන්න හැමදාටම ඉන්න ආපු මිනිස්සු නෙවෙයි අපි. ඒ හින්ද සතුටු දර්ශකය කෙසේවෙතත් අද ඉඳන් වත් ඔය ලස්සන මුහුණට හැමවෙලේම හිනාවක් ගේන්න අමතක කරන්න එපා.

Written By: –

 

 

 

 

Rtr. Kavindu Jayawadena
(Junior Blog Team Member 2024-25)

Edited By: –

 

 

 

 

Rtr. Sawandi Thisarani
(Junior Blog Team Member 2024-25)

Spread the love
guest
0 Comments
Inline Feedbacks
View all comments