The power of Reading and Writing

මිනිස් ප්‍රගතියේ ඉතිහාසය අපගේ සිතුවිලි හා අපගේ කතා පිටු වලින් ලියවෙයි. කියවීම සහ ලිවීම බොහෝ විට මිනිස් චේතනාවේ අද්විතීය ස්තම්භ දෙකයි. කියවීම අපට අනෙක් අයගේ මනස් අතර ජීවත් වීමට ඉඩ දෙන අතර, ලිවීම අපට අපගේම මනස සංවිධානය කර සහ ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දේ. පොත්පත්, ලිපි,සගරා හෝ වෙනත් කිසිවක් කියවීමෙන් අපට භූගෝලීය ලෙස දුරස් වූවද මානසික ලෙස වඩාත් සමීප වී අදාල කතාන්දරය මවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. දැනුම යනු බලයයි.“දැනුම යනු වහල්භාවයේ සිට සාර්ථකත්වයට යන මාවතයි” යනුවෙන් අපට නිතරම අසන්නට ලැබේ. කෙසේ වෙතත්, පළමුවෙන්ම, අපි කියවීම සහ ලිවීම ඉගෙන ගත යුතුය, එවිට අපට ලෝකය සමඟ සම්බන්ධ වී අවසානයේ දැවැන්ත දැනුමේ ලෝකයට ප්‍රවේශයක් ලබා ගත හැකිය. ලොව පුරා සමස්ත සාක්ෂරතා අනුපාතය පරම්පරාවෙන් පරම්පරාවට ඉහල අගයක් ගත්තද නයිජීරියා ,මාලි ,ඇෆ්ගනිස්තානය යන රටවල සාක්ශරතා අනුපාතය පහල අගයක් ගනී.

නමුත් ෆින්ලන්තය,නෝර්වේ ,ජපානය ,ජර්මනිය ,දකුණු කොරියාව යන රටවල සාක්ශරතා අනුපාතය ඉහල අගයක් ගනී. මින් පැහැදිලි වනුයෙ ජපානය වැනි වැඩි දියුණු කළ රටවල එම දියුණුවට හේතුව වනුයේ සාක්ශරතා අනුපාතය ඉහල අගයක් ගැනීම බවයි. එය සාක්ශරතාවයේ හෙවත් කියවීමේ හෝ ලිවීමේ බලයයි. එය සරල කුසලතා ලෙස පෙනුනත්, ඇත්තෙන්ම ඒවා මනස, සමාජය සහ ඉතිහාසය වෙනස් කළ හැකි බලයක් අන්තර්ගත කරයි. කියවීම යනු නව ලෝකවලට පිවිසෙන දොරටුවක් වේ. එමගින් වෙනත් මිනිසුන්ගේ ජීවිත, සංස්කෘති, අදහස් සහ අත්දැකීම් ගැන කියවීමෙන් අපට ඔවුන්ගේ දෘෂ්ටිකෝණය තේරුම් ගත හැක. කියවීම මගින් අපේ සිත විවෘත කර නිවැරදි තීරණ ගැනීමට උපකාරී වේ. කියවීම යනු මනසට ආහාරයකි , එය නොමැතිනම් මනස දුර්වල වේ. එසේම ලිවීම මගින් අපේ මනස තුළ ඇති අදහස් සහ කල්පනා පැහැදිලිව පෙන්විය හැක.

කියවීම සහ ලිවීම එකිනෙකාට අත්‍යවශ්‍ය සහායක වේ. කියවීමෙන් ලැබෙන දැනුම ලිවීමෙන් තවත් අය වෙත ගෙන යා හැක. එමෙන්ම, ලිවීමෙන් උපන් කෘති කියවීමෙන් දැනුම ලබාගත හැක. අපේම හැකියාවන් සීමා කිරීමකි. නව ලෝකවලට පිවිසෙන දොරටු වැසීමකි. එම නිසා හැකිතාක් පොතපත කියවීම පරිපූර්ණ මනසක් බිහි කිරීමට අවශය අඩිතාලම සකසා දෙනු ලබන අතර එය තම මනසෙ දිගුකාලයක් තබා ගැනීමටත් අනෙකා අතර එය හුවමාරැ කරගැනීමටත් උපකාරී වනු නිසා කියවීමෙ සහ ලිවීමෙ බලය සුලුකොට නොතකා එය පුරුද්දක් හො කුසලතවයක් ලෙස අනිවරයෙන්ම ප්‍රගුන කිරීමට අප ක්‍රියා කල යුතුය.

 

Written By: –

 

 

 

 

Rtr. Shamila Junaid 
(Senior Blog Team Member 2025-26)

Edited By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

 

 

 

 

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top