සංස්කෘතිය

සංස්කෘතිය යනු කිසියම් පුද්ගලයන් සමූහයකට අයිති පොදු වූ භාෂාව, ආගම, ආහාර රටාව, සමාජ පුරුදු, කලාව ආදිය ලෙස නිර්වචනය කළ හැක. සංස්කෘතිය යන්නට පොදු නිර්වචනයක් නොමැත. ඕනෑම අයෙකුට ඕනෑ ආකාරයකට ඕනෑ දෙයක් නිර්වචනය කළ හැක.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය දකුණු ආසියානු සම්ප්‍රදායික සංස්කෘතියකි. ආගම දහමට ලැදි දෙවියන් විශ්වාස කරන්නන් ලංකාවේ වෙසෙයි. සම්ප්‍රදාය වනුයේ ශරීරය ආවරණය වන ලෙස ඇඳුම් ඇදීමයි. ආහාර පානද ශ්‍රී ලංකාවටම ආවේණික වෙයි. පොල් සහ බත් ශ්‍රී ලංකා ආහාර රටාවේ ප්‍රධාන ස්ථානයක් ගනියි. විවිධ ආගමිකයන් වෙසෙන රටක් වන ශ්‍රී ලංකාව කාලාන්තරයක් තිස්සේ පැවත ආ විවිධ කලාවන්ගෙන් පෝෂිතය. ශ්‍රී ලංකාවට ම ආවේණික නර්තන කලා, චිත්‍ර සම්ප්‍රදායන්, ජනකලා කලාවන්ගෙන්  ශ්‍රී ලාංකීය සංස්කෘතිය පෝෂණය කර ඇත.

අප දැන් ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණය, රොබෝ තාක්ෂණය,AI තාක්ෂණය දියුණු යුගයකය. සංස්කෘතියද තාක්ෂණය සමඟ බද්ධ වී පරිවර්තනයට ලක්වේ. තාක්ෂණික දියුණුව සංස්කෘතියේ වෙනසට හේතු වන්නේ මෙසේ යැයි පැවසිය නොහැක. එය විවිධාකාරය. අපගේ ජීවන රටාවද තාක්ෂණය හා බැඳී වෙනස් වී ඇත. සංස්කෘතිය වෙනස්වීම් බොහෝ ගැඹුරින් හැදෑරිය හැකිය. නමුත් සරලව සංස්කෘතිය වෙනස් වීම සැසඳුවහොත් අඩ සියවසකට කලියෙන් ලියුම් ගනුදෙනු කළ අපි අද ජංගම දුරකථන ආදී උපාංග වලින් සන්නිවේදනය කරන්නෙමු. සැබවින්ම ඇවිද සංචාරයේ යෙදුණු අපි විද්‍යුත් තිරය මත දෑස් රඳවා බොහෝ ස්ථානවල සැරිසරන්නෙමු. පොත් පෙරල පෙරලා කියවපු අපි විද්‍යුත් තිරමත ඇඟිලි ගෙන යමින් කියවන්නෙමු. සායම් පැස්ටල් ආදියෙන් සිතුවම් කළ අපි විවිධ විද්‍යුත් උපකරණ සහ තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය බිහි කරන්නෙමු. සංස්කෘතිය පවා අද වන විට  තාක්ෂණයෙන් ගොඩනැගිය හැක. වෙනස් කළ හැක.

සම්ප්‍රදායික ලෝකයේ සිට අන් සංස්කෘතීන් හා ළංවීමට තාක්ෂණයන් සෑම රටකටම වාගේ අප රටට ද විශාල පිටුවහලක් ලබා දී ඇත. සෑම දෙයකම හොඳ නරක තිබෙන්නාක් මෙන්ම සංස්කෘතිය තාක්ෂණය හා මිශ්‍රවී  හොඳ නරක ප්‍රතිඵල ඇතිකරයි. පෙරදී තිබූ සංස්කෘතීක ලක්ෂණ අප සංස්කෘතියෙන් වෙන් වී යාමට තාක්ෂණය හේතු විය හැක.

ඉතින් සංස්කෘතිය යනු මෙලෙසයි කියා විග්‍රහ කළ නොහැක. එය වෙනස්වන්නකි. වෙනස් වන සංස්කෘතිය සමග බැඳී ගුණ යහපත්කම්, වටිනා හැසිරීම් රටා පවත්වා ගැනීම අපගේ වගකීමකි.ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හරයක් ලබාදීම අපගේම යුතුකමකි.

 

Written By: –

 

 

 

 

Rtr. Hirushi Rajapaksha
(Senior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Nethmini Pathirana
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top