පාරිභෝගික අයිතිවාසිකම් යනු භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා පාරිභෝගිකයාට නීතියෙන් සහ සමාජයෙන් ලබා දී ඇති ආරක්ෂාවන් සහ අයිතිවාසිකම් ය.
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය සෑම වසරකම මාර්තු 15 වන දින සමරනු ලබයි. මෙම දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා වෙළඳපොළ තුළ ඔවුන්ට සාධාරණ සැලකිල්ලක් ලබාදීමයි. මෙවර මෙම දිනයෙහි තේමාව වනුයේ “සුරක්ෂිත නිෂ්පාදන, විශ්වාසනීය පාරිභෝගිකයෝ” යන්නයි.

මෙම දිනයට පාදක වී ඇත්තේ මාර්තු 15 වන දින ජොන් එෆ්. කෙනඩි මහතා විසින් සිදු කරන ලද කථාවක් ය. එහිදී ඔහු පාරිභෝගිකයින්ට තිබිය යුතු මූලික අයිතිවාසිකම් කිහිපයක් පිළිබඳව සඳහන් කළේය. ඒවා නම් ආරක්ෂාවට ඇති අයිතිය, තොරතුරු දැනගැනීමට ඇති අයිතිය, තේරීමේ අයිතිය සහ පැමිණිලි කිරීමේ අයිතිය ,වන්දි ලබා ගැනීමේ අයිතිය සහ පාරිභෝගික අධ්‍යාපනයට ඇති අයිතියයි.
ශ්‍රී ලංකාව තුළ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැනි ආයතන ක්‍රියා කරයි. මෙම ආයතන පාරිභෝගික පැමිණිලි භාරගෙන ඒවාට විසඳුම් ලබා දීමට කටයුතු කරයි.
පාරිභෝගික අයිතිවාසිකම් දිනය සැමරීම තුළින් පාරිභෝගිකයින් තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වී සුරක්ෂිත හා සාධාරණ වෙළඳපොළක් ගොඩනැගීමට දායක වේ.

Written By: –

Rtr. Kirulee Kularathne
(Junior Blog Team Member 2025-26)
Edited By: –

Rtr. Pasan Jithnuka
(Junior Blog Team Member 2025-26)

