ආදරණීය ඔයා වෙත ආදරයෙන් ලියමි,
මේ ලිපිය මම ලියන්නේ අවුරුදු ගාණක් පුරාවට හිතේ හිර කරං උන්නු ඒ අහිංසක හැඟීම් තවත් හිතේ හිර කරගෙන ඉන්න බැරිම තැන …
දන්නවාද? ඔයාව දැක්ක මුල්ම දවසේ ඉඳන් මං ඔයා ගැන එකතු කර ගත්තු මතක ගොන්න හරි පරිස්සමට තාමත් මගේ මතකයන් අතර තියාගෙන ඉන්නවා… ඒ මතක කවදමහරි දවසක මාත් එක්කම මියැදුණාවේ… ලෝකයා ඒ මතක ගැන දැන ගන්න ඕනේ නැහැ…
හිතින් විතරක් පෙම් කරපු මට, හැමදාටම දුරින් ඉඳගෙන විතරක්ම ඔයා දිහා බලන් ඉන්න වෙයි ද කියන්න මම අදටත් දන්නෙ නෑ…. ඒත් හැමදාටම ඔයා සතුටින් සැහැල්ලුවෙන් පරිස්සමින් ආදරණීයව ඉන්නවා දකින්නයි මම හුඟක්ම ආසා… මම පතන්නෙත් ඒකමයි…
සමහර විට ඔයාගේ ජීවිතේ මට ඉඩක් නැති වෙන්න පුළුවන්. ඔයාගේ ඒ ලස්සන හදවතට දැනටමත් අයිතිවාසිකම් කියන වාසනාවන්තියක් ඉන්නවත් ඇති… ඒක මට වෙනස් කරන්න බෑ… කරන්න ඕනෙත් නැහැ…
මට කරන්න පුළුවන් එකම දේ, මගේ හිතේ ඔයා ගැන තියෙන ඒ ආදරණීය අහිංසක හැඟීම මොකද්ද කියලා ඔයාට කියන එක විතරයි…
ඔයාව මට හරි විශේෂයි,
මොකද ඔයා තමයි මගේ මතක පොතේ ලියැවුණු ලස්සනම මතකය…
කවදමහරි දවසක මේ ලියුම ඔයාට ලැබුණොත් මඟ නොහැර කියවන්න…
ආදරෙයි මහමෙරක්!
මීට,
ඔයාටත් හොරා,
ඔයාට ආදරේ කරන,
අහිංසක හදවතක්.
Written By: –

Lakshini Wasana
(Kotelawala Defence University )
Design By: –

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

