The World Day of Social Justice

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව (UN ) “ සමාජ සාධාරණත්වය යනු සෑම පුද්ගලයෙකුටම සමාන ආර්ථික, දේශපාලනික හා සමාජ අයිතිවාසිකම් සහ අවස්ථා ලැබිය යුතු බවට ඇති මතයයි. ”

යුරෝපයේ කාර්මික විප්ලවය සිදු වූ 19 වන සියවසසෙහි ක්‍රියාත්මක වූ සමාජ පන්ති ක්‍රමයට අනුකූලව ධනය හිමි ධනපති පන්තිය සමාජය තූළ වරප්‍රසාද භුක්ති විදි අතර නිර්ධන පන්තියට අයිති වූ කම්කරු ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් පවා ඔවුනට අහිමි වින. මෙම ධනපති හා නිර්ධන පන්ති අතර වූ පරතරය සහ අසාධාරණ අයුරින් ධනය, අයිතිවාසිකම් බෙදී යාමට එරෙහි කතාබහ ආරම්භ විය.

විසි වන සියවස වන විට රටවල් අතර සීමා බිදලවින් සිවිල් අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය යන සංකල්පයන් පිළිබදවද අවධාණය යොමු කරමින් සමාජ අසාධාරණත්වයට එරෙහි සමාජ සාධාරණත්වය යන සංකල්පය ව්‍යාප්ත වින.

එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි මස 20 වන දින සමාජ සාධාරණත්වය උදෙසා වන දිනය ලෙස නම් කරන ලදී.

ඒ අනුව අද දිනට යෙදෙන 2026 වර්ෂයේ සමාජ සාධාරණත්වය උදෙසා වන දිනට අදාළ එක්සත් ජාතීන්ගේ පණිවිඩය වන්නේ “Empowering Inclusion: Bridging Gaps for Social Justice” ; එනම් “සමාජ සාධාරණත්වය සදහා ඇති හිඩැස් පියවීම අභයන්තර බල ගැන්වීමයි.

                                                                                         

Written By: –

 

 

 

 

Rtr. Dimali Bhagya
(Junior Blog Team Member 2025-26)

Design By: –

 

 

 

 

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top