Traveling කියන්නේ ඇත්තටම අපි කතා කරන්න ආසම topics අතර උඩින්ම තියෙන එකක් නේ. ඇත්තටම traveling කියන උණ හැදුනොත් බෙහෙත් නැහැ ඉතින්. පරිසරය එක්ක උමතුවෙන් තමයි ඉන්න වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ ලෝකෙ තියෙන දරුණුම ඒත් සුන්දරම අබ්බැහි වීම.
ප්‍රශ්න වලින් මිරිකුණු මිනිසුන් සුවපත් කරන මැජික් වට්ටෝරුවක් එක්ක තියෙන සොබාදහම එක්ක කාලය ගත කරන්න කවුද අකමැති? කාර්යබහුල ජීවන රටාවකට පැටලුණු අද හෙට අනිද්දා ගැන ළතැවෙමින් ඉන්න මිනිසුන්ගෙ විඩාබර ඇස් එක්ක බැඳුණු විඩාබර හිත් නිවන්න පුළුවන් ලෝකයේ තියෙන සුන්දරම ෆැන්ටසියක් තමයි සොබාදහම කියන්නේ.
ඇත්තටම මේ අබ්බැහිය අපේ මොළය හරහා ජීවමාන කරන්න ඇතැම් සමහර films, පොත්, කවි අස්සේ අපිට නොදැනුවත්වම traveling උණ හදවනවා. සාමාන්‍යයෙන් films වලට වඩා ගොඩක් දේවල් රචකයෝ පොත් අස්සෙ ගුප්ත විදිහට හන්ගලා තියෙනවා. සමහර වෙලාවට වෙනම ලෝකයක ජීවත් වෙමින්, මන:කල්පිත හැඟීම් මවා ගනිමින් අපි රචකයාටත් විරුද්ධව තර්ක කරනවා. ඉතින් මේ පොත් වගේම ගුප්ත දෙයක් නේ මම කලින් කිව්වා වගේ සොබදහම කියන්නේ. හිතන්නකෝ මේ ගුප්ත වස්තූන් දෙක එකිනෙකට ප්‍රතික්‍රියා කළොත් ඇතිවෙන සංසිද්ධිය හිතා ගන්නත් බැහැ නේද? ඉතින් ඒ අපූරු සංසිද්ධිය හරි රහට ඔවුන්ගේ කෘති වලිදි රචකයෝ පෙන්වා දෙනවා. මේ කාලේ කවුරුත් කතාබහ කරන පොතක් නේ මැයි මාර ප්‍රසංගය කියලා කියන්නේ . ඉතින් ඒ නමින්ම තේරෙන්නේ මස් ඉඹුල මහතා සොබාදහම එක්ක තමන්ගෙ කතාව ගළපගෙන යන බවට තමන්ගෙ රසිකයින්ට දෙන ඉඟියක් නේ. මේ සොබාදහම එක්ක ගෙතුණු කතාව අවසානයේ දෙමෝදර හන්දිය හොයාගෙන ගිය අයත් නැතුවාම නොවේ.
ඉතින් ඒ කියන්නේ ඇත්තටම films, පොත් වලට පුළුවන් සොබාදහම තුළ අපිව අමරණීය මිතුරෙකු කරන්න. ඉතින් මේ වගෙ දේවල් එක්ක අද වෙනකොට traveling කියන එක වෙනම නිර්මාණාත්මක මාවතකට නැත්නම් ගවේෂණයකට යොමු වෙලා තියෙනවා. ඇත්තටම ලංකාව වගෙ ලස්සන රටක ඉඳන් traveling ගැන කතා කරේ නැත්නම් ඒක එච්චර හොද මදි නේ. ඒකමයි මම මේ ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ.
ඔයා traveling වලට කැමති කෙනෙක් නම් world traveling වලට කලින් මේ පුංචි ලංකාව වටේ පොඩි පොඩි රවුම් ගහලා විදින්න පුළුවන් හැමදේම විදින්න. මොකද අපි උපන් රට ඇතුලේ අනික් සුවිශාල දූපත් වලවත් නැති ඔයා දන්නේ නැති ලස්සන තැන් ගොඩක් ඔයාට මුණ ගැසෙයි. ඉතින් ඒකට ඔයා traveling vibe තියෙන යාලුවො ටිකක්, family එකක්, අක්කලා අයියලා ටිකක් හරි, නැත්නම් partner කෙනෙක් හරි එක්ක නැත්නම් ඔය කවුරුත් ඕනේ නැහැ ඔයා තනියෙන් solo traveling කරන්න. ඉතින් ඔය කා එක්ක හරි හෝ ඔයා තනියම හරි travel කරනවා කියන්නේ ඒක වෙනම සුපිරිම දෙයක්. හැබැයි දෙයක් කියන්න ඕනේ travel කරද්දි කැමරාවෙ ඇසට වඩා ඔයා ඔයාගෙ ඇස් දෙකෙන් පරිසරය විදින්න. ඒක ඔයා ගන්න කිසිම photo එකකින් ඔයාට ඒ හැඟීම ගන්න බැරි වෙයි.
ඉතින් කොහොමහරි අපි ඇත්තටම trip එකක් යන්න plan කරන තැනේ ඉඳලා අපි ඒ trip එක යනකන් අපි ඉන්නේ traveling උණෙන් නේ. ඒ උණ ටික ටික බහින්නේ අපි අපේ ගමන තුළින් එක එක අත්දැකීම් ලබා ගන්නකොට.
ඉතින් ඇත්තටම කිව්වොත් traveling වලින් අපි නොදන්න පරිසරය ගැන , ඉතිහාසය ගැන, සංස්කෘතිය ගැන, සමාජය ගැන වගේ එක එක පැතිකඩ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. රහට කිව්වොත් ගමන්කාරයගෙ හදවත අවුස්සන අත්දැකීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
Trip එකක් plan කරන තැනේ ඉදලා ඒ trip එක ගිහින් ගෙදර එනකන් ලොකු ක්‍රියාවලියක් තියෙනවනේ. සමහර තැන් වලිදි වගකීම් ගන්න තියෙනවා. අවදානම් සමග මිශ්‍ර වුණු සමහර අත්දැකීම් වලිදි අවධානයට සහ ප්‍රවේසමට මුල් තැන දෙන්න ඕනේ. Trip එක යන්නේ කොහෙද කොහොමද කියන තැන ඉඳලා budgeting පැත්ත ඇතුළුව තව භාරධූර වැඩ ටිකට set එකක් ඉන්න ඕනේ. අතරමගදී නොහිතන සිදුවීම් වෙන්න පුළුවන් ඒවයෙදි අපි කොහොමද ඒවා හසුරුවා ගන්න ඕනේ කියලා වගෙ ගොඩක් දේවල් අපිට traveling අස්සේ අපි හොයන අපි ඇදෙන සතුට එක්ක ඉගෙන ගන්න හැකියාව තියෙනවා.
ඇත්තටම travelling කියන්නේ life goal එකක් නේ. මොකද travel කරන්නත් අපිට අපේ budget එක බලපානවනේ. අපේ හීන ජයගෙනම life එක ආර්ථික අතින් ශක්තිමත් කරගෙන traveling වලට මුල පුරන්න පුළුවන්. ඒත් ඒ වෙනකං ඉන්නත් බැහැ නේ යාලුවො ටිකක් එක්ක කොහොමහරි ගේමක් දාලා දැනට trip යන්න ඕනේ. පස්සෙ ටිකක් ලොකු budget වලට trip යමු. ඉතින් මේ පුංචි රට තුළ තියෙන travel කරන්න ලස්සන ,හොද තැන් ගැන කතාකරන්න මම මෙතනදි කතා නොකළේ ඔයාලා මට වඩා ඒ ගැන හොඳට දන්න නිසා. මට වුවමනා වුණේ traveling ගැන ටිකක් නිතර කතාබහට ලක් නොවෙන දේවල් ටිකක් ගැන කතාකරන්න. ඇත්තටම දිව්‍යලෝකයට ටිකට් කඩන්නේ traveling වලින්ම තමයි. මොකද මේ ලෝකයේ ඉන්න අව්‍යාජ මිනිසුන්ට වඩා මේ අපූරු සොබාදහමට අබ්බැහි වෙන එක ඇත්තටම වාසනාවන්ත දෙයක්. ඉතින් ඔයත් අවිවේකි ආත්මය නිදහස් කරන්න කොළ පාට විරාමයක් හොයාගෙන travelling පටන් ගන්න. ඉන්න ටික කාලේ ජීවිතය විදින්න.
Written By: –
Rtr. Janali Uthpala
(Junior Blog Team Member 2024-25)
Editted By:
Rtr. Sawandi Thisarani
(Junior Blog Member 2024-25)