ආදරය ගැන කොතනින් පටන් අරන් කතා කරන්නද , කොච්චරක් කතා කරන්නද කියලා ඇත්තටම මන් දන්නෙ නැ. ආදරය දෙවිදිහකින් අපි කතා කරමුද? ඔයාලගෙ ආදරය මොන වගෙද කියල ඔයාලා ඊට පස්සෙ තීරනය කරන්න.
අපි ආදරය කරන කෙනා අපේ මුලු ලෝකයම වෙලා ඉද්දී , එයා කතා කරන එක වචනයකින් වුනත් එයාගෙ වෙනසක් දැනෙන, එයාගෙන් එක කෙටි පණිවිඩයක් ඇමතුමක් එනකන් ඇස් රිදෙනකන් මගබලාගෙන ඉන්න, එයාගෙ හැමදෙටම ආදරය කරන කෙනෙක්…..වෙන කෙල්ලෙක් කොල්ලෙක් ගැන කියද්දී ඉබෙටම ඇස් රතු වෙන ආදරයක්……පොඩ්ඩ ඇත්නම් සැක කරන හැබැයි විස්වාසය උපරිමයටම තියෙන….බනින ,රණ්ඩු කරන ආදරයක්…. මොන දෙයක් වුණත් ආපහු පරණ විදිහටම ඉන්න පුලුවන් වෙන ආදරයක්….ඔව් එහෙම ආදරයක් ලබන කවුරුවුණත් ගොඩක් වාසනවන්තයි. තවත් ආදරයක් තියෙනවා නිදහස උපරිමයෙන්ම දීලා තමන්ගෙ සහකාරියට හෝ සහකාරයට තමන්ගෙ කැමති දෙවල් කරන්න දීලා උපරිමයටම එයා ගැන විස්වාසය තියන් ඉන්න…..මොන ප්‍රශ්නය ආවත් එකටම ඉදලා එවා විසගන්න…..හැමදෙටම හයියක් වෙලා ලගින්ම ඉන්න….රණ්ඩුවකදි සද්ද නැතුව ඉදලා පස්සෙ එකට හොදම විසදුම තීරනය කරලා එවා විසගන්න….කෙටිපණිවිඩ, ඇමතුම් වලින් ආදරය කරන එකට වඩා එක මොහොතක් හමුවෙලා ලස්සනට ආදරය කරන….
සැබැ ආදරය මෙන්න මෙකයි කියලා ඇත්තටම පරිනත මෙන්න මෙ වගෙ ආදරයක් ලබන ඔයත් ගොඩක් වාසනාවන්තයි……ඉතින් ඇත්තටම එකිනෙකා ආදරය කරන විදිහ වගෙම ආදරය ලබන විදිහත් ගොඩක් වෙනස්….ඉතින් මොන වගෙ ආදරයක් ලබන කෙනෙක් වුනත් එකම එක දෙයයි කරන්න ඔනි….එ තමයි තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය විස්වාස කරන්න එයාලගෙ ගවුරවය ආරක්ශා කරන විදිහට වැඩ කරන්න….හැමදාමත් එ විස්වාසය රැකගන්න….දවසක තම්න්ගෙ දුවෙක්ට හෝ පුතෙක්ට තමන් වගෙ ආදරය කරන කෙනෙක් මුණගැහෙන්න ඔනි කියලා හිතෙන තරමටම ඔයා ලස්සන ආදරවන්තයෙක් ආදරවන්තියෙක් වෙන්න…..දවසක ඔයාලගෙ පුන්චි කැදල්ලෙ අම්මයි තාත්තයි වෙන්නෙ ඔයාලා කියලා මතක තියගෙන ආදරය කරන්න….එතකොට ඉබෙටම ලස්සන ආදර කතාවක් ඔයාලගෙ නමිනුත් ලියවෙවි……ආදරයට ආදරය කරන්න එතකොට ලස්සන ආදරක් ඔයාලටත් ලැබෙවි.
Written By: –

Rtr. Chathuri Imasha Senarath
(Junior Blog Team Member 2025-26)
Design By: –

Rtr. Kawindra Wickramasinghe
(Junior Blog Team Member 2025-26)

